CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Meet Joe Black (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 12, 1998USA178 Min.
Your rating: 0
5 1 vote
Meet Joe Black (1998) | මරණය සමඟ පෙම් බැඳි ඇය..

 

සමහර චිත්‍රපට තියෙනවා පුදුමාකාර විදියට අපේ ආත්මය (soul) සුවපත් කරන ගණයේ හදවතට ඉතාමත් සංවේදී චිත්‍රපට. ඒ කුඩා මොහොත හැඟීම්වලින් සහ ආදරයෙන් පුරවාලන “Meet joe black” කියන්නේ අන්න ඒ වගේ අපූරු රසයක් තියෙන චිත්‍රපටයක්. 💚

65 හැවිරිදි “විලියම් පැරිෂ්” කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්ත ව්‍යාපාරිකයෙක්. පැරිෂ්ට තමන්ගේ ජීවිත අවසාන කාලයේදී අපූරු මිනිසෙක් අහම්බයකින් මෙන් මුණ ගැසෙනවා. ඒ තමයි කඩවසම් පුද්ගලයෙක් වෙන “ජෝ බ්ලැක්”. මේ ජෝ බ්ලැක් ඕපපාතිකව බිල් පැරිෂ්ගේ ජීවිතයට සමීප වෙන්නේ ඔහුගේ මුළු දිවියම වෙනසකට ලක් කරමින්. චිත්‍රපටය නරඹන අපටත් හිතාගන්න බැරි වෙනවා, මේ ලස්සන මනුස්සයා බිල්ගේ ජීවිතයට සමීප වෙන්නේ කොහොමද? කියලා. ක්ෂණික හමුවීමක් වුනත් බිල්ට සහ ජෝට එකිනෙකාගෙන් වෙන් වෙන්න බැරි තරමටම යහළුවන් බවට පත් වෙනවා. බිල්ට ලස්සන දියණියක් ඉන්නවා. ඒ තමයි “සුසෑන්”. සුසෑන් සහ ජෝ දෙන්නම ආදරයෙන් බැඳෙනවා. නමුත් චිත්‍රපටය අවසන් වෙන්නේ අපි කිසිසේත්ම නොහිතපු අවසානයකින්.

අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් ඕපපාතිකව මිනිස්සු හම්බවෙන්න පුළුවන්. අනන්‍යතාවයක් සහිතව හා රහිතව අපේ ජීවිතවලට බලපෑම් කරන්න මේ අහම්බයන් වලට පුලුවන්. චිත්‍රපටය වඩාත් දැනෙන්නේ මෙන්න මේ අහම්බකාරක හමුවීම්වලදි.

චිත්‍රපටය 75%ක්ම වගේ හැඟීම්වලින් පුරවන්න සමත්වෙන්නේ හොලිවුඩ් සිනමාවෙහි අතිදක්ෂ සංගීතඥයකු වන “තෝමස් නිව්මන්ගේ” මියුරු නාදරටාවලින් ඔපවත් වුනු සංගීත රසයයෙන් ( Music Flavour). “ජෝ බ්ලැක්” ලෙසින් කඩවසම් රංගනයක යෙදෙන බ්‍රැඩ් පිට්ගේ පෙනී සිටීම පුදුමාකාර ලස්සනයි. බිල් කියන දැවැන්ත චරිතය වෙනුවෙන් පණ පොවන “ඇන්තනී හොප්කින්ස්ගේ” රංගනය ඇත්තටම විශිෂ්ටයි. මේ සුසංයෝගය නිසාම චිත්‍රපටය තවත් රසවත් වෙනවා. ජෝ බ්ලැක්, බිල් සහ සුසෑන් කියන ත්‍රිකෝණය ඇතුළේ පමණක් දිවෙන ඉතාමත් සරල චිත්‍රපටයක් විදියට “Meet Joe Black” කියන්නේ මම බලපු ලස්සන හොලිවුඩ් චිත්‍රපටයක්. Romantic – fantasy ශානරයේ චිත්‍රපට බලන්න කැමති අයට Meet Joe Black කියන්නේ ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන් රසවත් චිත්‍රපටයක්.

Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Meet Joe Black (1998) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හෂිනි ඉමාෂා (Piratelk)
IMDb 7.2 /10 290,920 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Martin Brest
Director

Cast

Brad Pitt isJoe Black / Young Man in Coffee Shop
Joe Black / Young Man in Coffee Shop
Anthony Hopkins isWilliam Parrish
William Parrish
Claire Forlani isSusan Parrish
Susan Parrish
David S. Howard isEddie Sloane
Eddie Sloane
Lois Kelly-Miller isJamaican Woman
Jamaican Woman
Jahnni St. John isJamaican Woman's Daughter
Jamaican Woman's Daughter

Similar titles

Don’t Listen AKA Voces (2020) With Sinhala Subtitles
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qayamat Se Qayamat Tak (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Green Berets (1968) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A1 Express (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marana Mass (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jasper (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandela (2021) Sinhala Subtitles | Watch Online
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published