
කතාව ගැන පොඩ්ඩක් විතර කතා කලොත් ඔයාලට කෙලින්ම මතක් කර ගන්න ගජිනි හින්දි චිත්‍රපටයේ ගජිනිගේ චරිතය. මේක තමයි ඒ බයිස්කොප් එක හදන්න මූලික වුන මුල් නිර්මාණය. ඒ කෙසේ වෙතත් මේකෙ කතාව අරට වඩා හාත්පසින්ම වෙනස්. තමන්ගේ බිරිද මැරූ මිනී මරුවන්ගෙන් මතකය අහිමි වුන පුද්ගලයකු පලිගන්නා අයුරු නිරූපනය වුනත් මේකෙ අභ්‍යන්තර කතාව ඉතා ගැඹුරට පැතිරී යනවා. මෙහි වෙන් වෙන් කොටස් වශයෙන් තමා මුලු කතාවම නිරූපණය වන්නේ. මෙහි කොටසක් යන්නෙන් කියලා මා හැදින්වූ දේ ඔබට බයිස්කෝප් එක නරඹන විට තේරුම් යාවි.
මෙහි කතාව නම් විස්තර කරන්න අමාරුයි. ඒ මොකද මේ අධ්‍යක්ෂක විසින් කරන ලද නිර්මාණ සියල්ලේම මේ මම කියන අමුතු ගති ලක්ෂණය තියෙන නිසා. ඔබ මේ නිර්මාණය රස විදිනව නම් ඉතා සූක්ෂවම මොහුගේ ගති ලක්ෂණ, වගේම කතාව ගලාගෙන යන අයුරු නියමාකාරයෙන් බැලුවොත් තමයි කතාව හොදින් වැටහෙන්නේ. පොඩිම පොඩි උදව්වක් කරනවනම් මේකේ කතාව මුලුමනින්ම යන්නෙ ආපස්සට. කොහොම උනත් කියන්න තියෙන්නේ මේ සුපිරි බයිස්කෝප් එක නම් මගහැර ගන්න එපා. අනිවා බලන්න.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay 480p | 650 MB | English | |
BluRay 720p | 1.3 GB | English | |
BluRay 1080p | 2.6 GB | English |