
රි අපි ෆිල්ම් එක දිහාට හැරෙමු. Horror ලේබලේ යටතේ එලි බහින මේ ෆිලුම නිකුත් වෙන්නෙ 2022 මැයි මාසයේ. ධනාත්මක ප්‍රතිචාර මැද්දෙ තිරගත උන ෆිලුම ධනාත්මක අදායමක් උපයගන්නත් සමත් වෙලා තියනවා. හොලිවුඩ් නෙදර්ලන්ත කලවමක් විදියට මේක අධ්‍යක්‍ෂණය කරන්නෙ නෙදර්ලන්ත ජාතික අධ්‍යක්‍ෂ Nico van den Brink කියන අධ්‍යක්‍ෂවරයා විසින්. ප්‍රධාන චරිත විදියට Sallie Harmsen සහ Alexandre Willaume කියන දෙන්න රඟපෑමෙන් එකතු වෙනවා. මනාප 4K+ සංඛ්‍යාවකින් IMDB අගය 6/10ක් ලබාගන්නත් මේ ෆිලුමට හැකි වෙලා තියනවා.
කතාව ගැන කිව්වොත් මේක නිර්මාණය වෙන්නෙ නෙදර්ලන්ත මොලොච් (Moloch) කියන ජනප්‍රවාදයක් ඇසුරෙන්. ජනප්‍රවාදයක් කිව්වට මේක පිටිපස්සෙ සෑහෙන කතා ගොඩක් තියනවා. ඒ කතා වලින් එක කතාවක් අරගෙන තමා මේ ෆිලුම හදල තියෙන්නේ. Horror බලන අපේ යාලුවෝ මේක නොබල ඉන්න එපා කියල කියන්න ඕනෙ. මං කතාව ගැන පොඩිම පොඩි කෑල්ලක් කියන්නම්. බෙට්‍රික් කියන්නෙ තමන්ගෙ සැමිය මිය ගියාට පස්සෙ පුංචි දුවයි, අම්මයි, තාත්තයි එක්ක ජීවත් වෙන කෙනෙක්. මෙයාලගෙ පවුල විශ්වාස කරන විදියට එයාලගෙ පවුලට පරම්පරාවෙන් එන ශාපයක් තියනවා. ඉතින් ඒ අස්සෙ මෙයාලගෙ ගමේ වගුරුබිමෙන් අවරුදු ගානක් පැරණි මළසිරුරු වගයක් හම්බෙනවා. ඉතින් එතනින් එහාට කතාව මොකද වෙන්නෙ කියල ඔයාල බාගෙන බලන්න. එහෙනම් දැනට මෙතනින් නවතිනවා. තව ෆිල්ම් එකකින් සෙට් වෙමු..!!
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 240.43 MB | English | |
BluRay HD 720p | 469.12 MB | English | |
BluRay FHD 1080p | 944.84 MB | English |