EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

My Bloody Jeans (2020) Sinhala Subtitles | “ජීවිතය බේරාදුන් හිර කලිසම” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් තවත් සුපිරිම ඒ වගේම “සම්මාන” පවා දිනපු කෙටි චිත්‍රපටියක් තමයි මම මේ අරගෙන ආවේ.. ඉතින් තව කෙටි චිත්‍රපටි දෙකයි මම කරන්නේ ඒ දෙකෙන් පස්සේ මම කෙටි චිත්‍රපටි කරන එක නතර කරනවා.. කලින් කිව්වා වගේ පැය ගානක් ඔහේ බලලා දාන ෆිල්ම් වලට වඩා ඔයාලට මගහැරුණ මේ වගේ මාරම පණිවිඩයක් දෙන කෙටි චිත්‍රපටි හුඟක් තියෙනවා..

හරි එහෙම නම් කතාව පැත්තට යමු
 
” ජීවිතය බේරාදුන් හිර කලිසම “ මොකක්ද මේ කියලා හිතෙනවා නේද? ඉන්න මම ඒ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්..
 
කෙල්ලෙක් හෝ කොල්ලෙක් “හිර කලිසමක්” ඇන්දම ඒ වෙලාවේ ඒක එච්චර අවුලක් නැහැ.. හැබැයි ටිකක් වෙලා යද්දී හුස්ම ගන්න පවා අමාරුයි ඇයි කලන්තයක් පවා එන ගානට වෙලා යන්න යන්න අපිට අමාරු වෙන්න ගන්නවා.. කොල්ලෙක් නම් කොහොම හරි ගේමක් ගහගෙන මොනවා හරි කරගන්න පුළුවන් ඒත් කෙල්ලෙක්ට? කෙල්ලෙක්ට එහෙම ඒකට ඉක්මනට විසඳුමක් හොයාගන්න අමාරුයි..
 
මේ කෙටි චිත්‍රපටියේ අපේ ප්‍රධාන නිළිය “මේඝනා” එයාටත් අද ඇවිත් තියෙන්නේ ඔන්න ඔය කියන “හිර කලිසම්” ප්‍රශ්නය තමයි.. ඔෆිස් යන්න පරක්කු වෙලා හදිස්සියට තියෙන කලිසමක් ( ඩෙනිමක් ) දාගන්නවා.. හැබැයි ඒක හිරයි.. වෙන කලිසමකුත් නැහැ.. ඉතින් දන්න වැඩ සේරම දාලා අර හිර කලිසම එයා ඇඳගන්නවා..
 
එහෙම නම් මම මෙතනින් නතර කරන්නම්.. මෙතනින් එහාට වෙන දේ ඔයාලම බලන්නකෝ.. හැබැයි මේ කෙටි චිත්‍රපටියෙන් දෙන පණිවිඩය ” හිර කලිසම් අඳින්න එපා කියන එක නෙවෙයි “ මේක කෙල්ලෙක් සම්බන්ධ කතාවක් උනත් ” මේක අවසානේ පණිවිඩය දෙන්නේ කෙල්ලොන්ට නෙවෙයි කොල්ලොන්ට “
 
එහෙනම් ඒ මොකක්ද කියලා බලමු නේද?
එහෙනම් මම ගියා අනිවා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යමු නේද?
මොකද මම මේ කරන අවසාන කෙටි චිත්‍රපටි ටිකෙන් එකක් තමයි මේක තව කතා දෙකකින් මම කෙටි චිත්‍රපටි කරන එක නතර කරනවා..
 
මේ වගේ නියම පණිවිඩ තියෙන ඒවා හුඟක් මගහැරෙයි ඉතින්..
 
එහෙනම් මම ගියා, තව සබක් එක්ක ඉක්මනටම එන්නම්..

Comments