CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2146 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
My Week with Marilyn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

My Week with Marilyn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 23, 2011United Kingdom99 Min.
Your rating: 0
4.8 4 votes
My Week with Marilyn (2011) | මැරලින් සමග සතියක්

මැරලින් මොන්රෝයි කිවම දන්නෙ නැති කෙනෙක් නැති ගානයි.මොකද මෙයා ඒ තරමටම ලෝකයේ ප්‍රසිද්ධ නිළියක්.1956 කාලවකවානුව ඇයට ඉතා හොද කාලයක් වෙලා තිබුණා.මේ චිත්‍රපටය ඇගේ දින පොතේ The Prince and the Showgirl, චිත්‍රපටයේ රගපෑම් සදහා එංගලන්තයට පැමිණි අවස්තාවක සිදුවූ සිද්ධියක් පිලිබද සදහන් වු කරුනක් මුල්කරගෙන නිශ්පාදන කරපු සත්‍ය කතාවක් කියල තමයි සදහන් වෙන්නේ.

2010 වසරේ අවසන් භාගයේ වගේ රුගත කිරීම් ආරම්භ කරලා 2011 වසරේ අවසානයේ චිත්‍රපටය රුගත කීරීම අවසන් කරල තිරගත කරනවා.එංගලන්තයේ පයින්වුඩ් ස්ටුඩියෝෙවල නිශ්පාදනයක් වන අතර සිමොන් කර්ටිස්ගේ අධ්‍යක්ෂණයකි. ප්‍රධාන නිළියගේ චරිතය වන මැරලින් මොන්රෝ චරිතය මිචෙල් විලියම් විසිනුත් ප්‍රධාන නලුවගේ චරිතය වන ක්ලාක්ගේ චරිතය එඩී රෙඩ්මෙයින් විසිනුත් සහය නිලියක් ලෙස කවුරුත් දන්න හැරිපෝටර් එකේ හිටපු එමා වොට්සන් ද රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

මේ චිත්‍රපටය Golden Globes.USA 2012 සම්මාන උළෙලට තේරෙන අතර ප්‍රධාන නිලියට පණපෙවු මිචෙල් විලියම් Golden Globes.USA 2012 මේ චිත්‍රපටයේ හොදම නිලියට හිමි සම්මානය ලබා ගන්නවා. තව ඔස්කාර් සම්මාන උළෙල 2012 ටද නම්කර තියෙනවා. පැයයි විනාඩි තිස්නවයක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය IMDb 6.9ක අගයකුත් තක්කාලි මිටරේ 83% කරල තියෙනවා.චිත්‍රපටයේ සමස්ත වියදම ඇඩො මිලියන 10 වෙනවා.බොක්ස් ඔෆිස් ආදායම ඇඩො මිලියන 35 ක් ලබාගෙන තියෙනවා. ඇත්තටම කියනවා නම් මේ කතාව ආදර කතාවක් වන නිසා වඩාත්ම සුදුසු 18 වැඩි අයට මොකද නිකම්වත් ගෙදර අය වටකරගෙන බලන්න යන්න නම් එපා ඔන්න.

කතාව ගැන කියනවා නම් 1957 කාලවකවානුවේ එංගලන්තයේ වාසය කරනවා හොද වැදගත් පවුලකට අයත් ක්ලාක් නමින් හදුන්වන තරුණයෙක්. පවුලේ බාලමයා වන ඔහුගේ පවුලේ අය රාජකීය මාලිගයට අයත් කටයුතුවල නියැලෙන පිරිසක්.නමුත් මේ තරුණයාට අවශ්‍ය වෙනම පැත්තකින් රස්සාවක් ආරම්භ කරන්න.ඒ චිත්‍රපට අධ්‍යක්ෂනය සම්බන්ධ කටයුතුවල නියැලෙන චිත්‍රපට සම්බන්ධ රස්සාවක්. මොකද මෙයා තනිකරම චිත්‍රපටි තමන්ගේ ලෝකය කරගෙන ජිවත් වන නිසා. ඉතිං එයාට හම්බවෙනවා සහයඅධ්‍යක්ෂ තනතුරක් සර් ලෝරනස් ඔලිවර් විසින් නිශ්පාදනය කරන The Prince and the Showgirl චිත්‍රපටයේ.ඉතිං එයා හරි සතුටින් වැඩ කරගෙන ඉන්න කොට එයාට නොහිතපු විදියට මැරලින් මොන්රෝව හමුවෙනවා චිත්‍රපටයේ රංගන කටයුතු වලට පැමිනි අවස්ථාවක. මැරලින් යුවලට ආරධනා කරනවා එංගලන්තයට එන්න කියල චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතයට පණපොවන්න.ඉතින් මැරලින්ගේ අලුත් බැදපු කසාදය ඒක තුන්වෙනි කසාදය. ඇගේ නව සැමියා වු ප්‍රසිද්ද ලේඛක ආතර්මිලර්ද මැරලින්ගේ පුහුණුකාරිණිය සහ එයාගේ කොටස්කරුවෙකුත් සමගින් ඇමරිකාවේ ඉදන් එනවා.මේ ගමන මැරලින්ගේ ජිවිතේට අලුත්ම වෙනසක් ගෙනත් දුන්න කිවොත් නිවැරදියි. හිතන්න ඔබ කැමතිම නිලිය සමග රැයක් ඉන්න ලැබුනොත් කොහොමට තියෙද?.හැමෝම කියන්නේ ක්ලාක්ට මැරලින් සෙල්ලක්කාර චරිතයක් නිසා ඇත්වෙලා ඉන්න කියල.

මැරලින් එක්ක ආදරෙන් බැදෙයිද මේ පොඩි කොල්ල නැත්නම් ඒ සුන්දරකමට රැවටිලා තම අරමුණ නැති කරගෙන සම හරක් වගේ ජිවිතේ නැති කරගනිද? ඉතිං මම ඉතිරි ටික කියන්න යන්නේ නැ මොකද එතකොට චිත්‍රපටයේ වටිනාකමක් නැති වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රියන්ත ප්‍රේමරත්න (Baiscopelk)
IMDb 6.9 /10 89,628 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Simon Curtis
Director

Cast

Michelle Williams isMarilyn Monroe
Marilyn Monroe
Kenneth Branagh isSir Laurence Olivier
Sir Laurence Olivier
Eddie Redmayne isColin Clark
Colin Clark
Dominic Cooper isMilton Greene
Milton Greene
Philip Jackson isRoger Smith
Roger Smith
Derek Jacobi isSir Owen Morshead
Sir Owen Morshead
Toby Jones isArthur Jacobs
Arthur Jacobs
Michael Kitchen isHugh Perceval
Hugh Perceval
Julia Ormond isVivien Leigh
Vivien Leigh

Similar titles

Mehbooba (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kathal: A Jackfruit Mystery (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
To All the Boys: P.S. I Still Love You (2020) Sinhala Subtitles
Abduction (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
An Extremely Goofy Movie (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Surongo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tere Naam (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published