CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3563 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2019India153 Min.
Your rating: 0
10 3 votes
Namma Veettu Pillai (2019) | තම නැගණිය අනාථයෙකු නොකළ, උතුම් අයියණ්ඩි!

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්ධීන් එකතු කරන් එම සිද්ධීන් චිත්‍රපටයකට නිමවලා සිනමාවට ඇතුලත් කිරීම යන කාර්‍යය බොහෝ ලෙස පැවරී ඇත්තේ අධ්‍යක්ෂවරයා මතයි. එම අධ්‍යක්ෂවරුන් අතරින් තම ජීව්තය ගොඩ නඟා සාර්ථකත්වයට පැමිණි පාන්ඩියරාජ්ගේ චිත්‍රපටයක් තමයි මන් අද ඔයාලට අරගෙන ආවේ. නම Namma Veettu Pillai.අපේ ගෙදර කොල්ලා යන්න අර්ථයක් තේමාව තුලින් ප්‍රචලිත වේ.ඔයාලා කාර්ති රඟන Kadaikutty Singam (2018) බලලා ඇති නෙහ්. ඒ සාර්ථක චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ පාන්ඩිරාජ් කියන අධ්‍යක්ෂකවරයා විසින්. පවුල් පරිසරය මූලික කරගෙන සෑදූ මේ චිත්‍රපට දෙක අද සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියකට පැමිණ තිබෙනවා. Sivakarthikeyan රංගනයෙන් යෙදන මෙම චිත්‍රපටය අද වෙනවිට Family Blockblaster එකක් වෙලා තියෙනවා.

දවස් 25ක සාර්ථක ගමන් ගිය බව SUN Pictures
ආයතනය විසින් මුහුණු පොතේ පළ කල පිංතූරයකි.

මෙම චිත්‍රපටයේ දෙබස් සම්බන්ධව කතා කරන විට, ඒවා මෙම වර්තමාන සමාජයක් පණිවිඩ රාශියක් දිගු කරන්න දැරූ වෑයමක් ප්‍රතිඵලයක් ලෙස කියන්න පුළුවන්.මෙම චිත්‍රපටයේ රචකයා පාන්ඩිරාජ්ද වේ.D.Imman ගේ සංගීතයෙන් නිමවුණු මෙම චිත්‍රපටය 2019 සැප්තැම්බර් මස 27වෙනි දින සිනමාගත වේ.පළමු නිල පොස්ටරය 2019 අගෝස්තු මස 12වෙනි දින නිකුත් වූ අතර, නිල ට්‍රේලරය සැප්තැම්බර් මස 14වෙනි දින SUN Pictures ආයතනය මගින් ප්‍රචාරය වුණි.D.Imman, සිවකාර්තිකෙයාන් සමඟ එකතුව කරන 5වන සිනමාපටය වෙන අතර පාන්ඩිරාජ් සමඟ කරන දෙවෙනි චිත්‍රපටය වේ.මෙම චිත්‍රපටය තුලින් පවුලක වටිනාකම මැනවින් පිළිබිඹු කරන නිසාවෙන්, හැම දෙනාගේම හිත් දිනා ගැනීමට හැකිවුණා. සිවකාර්තිකෙයාන්ගේ විශිෂ්ට ගණයේ රංගනයෙන් රූපිත මෙය ඉන්දියානු කෝටි 80ක ප්‍රමාණයක් ලබාගන්නට හැකිව තිබේ.පහතින් බලාගන්න චිත්‍රපටයේ ගලාගිය සිත්ගත් දෙබස් ගොන්නක්.

“දැන් කාලේ මිනිස්සු ගමට වැඩදායි දෙයක් කළාම කියනවා, දේශපාලනේ කරන්න එනවා කියල,
ඒක නිසාම තමයි මිනිස්සු දැන් වැඩදායි යහපත් දේවල් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නේ.”

“තමන්ගේ බිරිද ස්වාමිපුරුෂයාගේ අම්මා බලාගත්ත විදියට ඇය බලාගන්නවට වඩා,
තම බිරිදට ඉපදුණු දුවෙකු බලාගන්නවා වගේ බලාගන්නවටයි කැමතියි.”

“ජීවිතේ ගෙවන්න ලේසි කියල හිතුවොත්, ඉස්සරහට අමාරු වෙයි.
අමාරුයි කියල හිතන් ජීවත් වුණාම තමයි ලේසියෙන් ජීවිතේ ගත කරන්න පුළුවන්”

“පරදින්නම ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ගෙන් දිනන්න කාටවත් බෑ,”

කතාව යන්නේ මෙන්න මෙහෙම.එක්තරා පවුලක දරුවන් කිහිපදෙනෙක් ඉන්නවා.මේ දරුවන්ගෙන් කෙනෙක් තමයි චන්ද්‍රබෝස් කියන්නේ. මෙයාට හොදම යාලුවෙක් ඉන්නවා. මොන සෙල්ලම දැම්මත් එයා එක්ක තමයි ඉන්නේ. ඒත් මේ යාලුවා දවසක් මුස්ලිම් කෙල්ලෙක්ට පෙම් බැදලා එයාව කසාද බැදන් එනවා. ඒත් ගමේ අයට ඒකට කැමති වුණේම නෑ. මේ චන්ද්‍රබෝස් තමයි මැදිහත් වෙලා මේ දෙන්නට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ සලස්වලා දුන්නේ. මේ යාලුවාගේ හතුරෝ වගයක් මෙයාව මරනවා. මේ යාලුවගේ පවුල බලාගන්න කාත් කවුරුවත් නැති වෙනවා. චන්ද්‍රබෝස් කසාද බැදලා හිටියත් එයා මේ තනි වුණු පවුලටත් කන්න බොන්න දීලා බලාගන්නවා. ඒත් නොසිතූ වෙලාවක යාලුවගේ පුතයි චන්ද්‍රබෝසුයි මැරෙනවා. ඉතුරු වෙන්නේ තුල්සි කියල දූ කෙනෙක් විතරයි. මේ චන්ද්‍රබෝස්ට අරුම්පන් කියල පුතෙකුත් හිටියා. එයා තමයි එපාර මේ තුල්සිවයි එයාගේ අම්මවයි එක්ක කරදර මැද ජීවිතය දිනන්න ලෑස්ති වුණේ. අරුම්පන් තමයි මේ කතා ප්‍රධාන චරිතය. මෙහෙම ටික කාලයක් යන විට නෑදෑයන් විසින් මේ පවුල කොන් කරන්න බලනවා. ඒ තම ලේ නැති කෙල්ලෙක් පවුලට වද්දගත්ත එකට.තුල්සිට කසාදයක් කරගන්න උත්සහා කළත් එයාට ඒක කරගන්න බැරි වෙනවා. හැමෝම වගේ කිව්වේ එයා හරිම අපලයක් කියල. ඔහොම යනකොට අයියනාර් කියල මැරයෙක් මේ තුල්සිට කැමති වෙනවා. එයාගේ දේවල් ඉටුකරගන්න තමයි තුල්සිව කසාද බැදගත්තේ. ඔහොම යනකොට පවුල් ප්‍රශ්න රණ්ඩු සරුවල් මැද්දේ ලස්සන කතාවක් ගෙතෙනවා. ඒක මොකක්ද කියල චිත්‍රපටය. බලලම ඉන්නකෝ.

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namma Veettu Pillai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පසිදු මදුමාල් (පසියා) (Baiscopelk)
IMDb 6 /10 1,526 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Pandiraj
Director

Cast

Samuthirakani isChandrabose
Chandrabose
Anu Emmanuel isMaangani
Maangani
Bharathiraja isArunmozhivarman
Arunmozhivarman
Archana isThenmozhi Chandrabose
Thenmozhi Chandrabose
Soori isParamu
Paramu
Adukalam Naren isAyyanar's Uncle
Ayyanar's Uncle
Shanmugarajan isMaangani's father
Maangani's father

Similar titles

Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Christmas Chronicles (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Burqa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clickbait (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hotel Mumbai (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arjun Patiala (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blind Date (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published