CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Journey to the Edge of the Universe (2008) | විශ්වයේ ඉම සොයා යන සුවිසැරිය…

 

හිතවතුනි, මේ වතාවේ ඔබ වෙතට ගෙන එන්නේ අපූර්ව වාර්තා වැඩසටහනක් වන Journey to the Edge of the Universe. ඒ කියන්නේ National Geographic සහ Discovery නාළිකා මඟින් විශ්වයේ ගුප්ත අබිරහස් ගැන නිර්මාණය කරපු රසබර වාර්තා වැඩසටහනක්. එයින් පෙන්වන්නේ පෘථිවියේ සිට නූතන විද්‍යාවේ දැනුම අනුව ගොඩනඟා ගත් විශ්ව ආකෘතියක කෙළවරක් දක්වා යන ගමනක ත්‍රිමාණ සජීවීකරණය කරන ලද විස්මයජනක අභ්‍යාවකාශ චාරිකාවක්. එහි එක්සත් ජනපද සහ එක්සත් රාජධානි සංස්කරණ දෙකක් පවතින අතර එක්සත් ජනපද සංස්කරණය Alec Baldwin විසිනුත්, එක්සත් රාජධානියේ සංස්කරණය Sean Pertwee විසිනුත් පසුබිම් කථනය කර තිබෙනවා. මේ වාර්තා වැඩසටහන මුල්වරට විකාශය කෙරුණේ 2008 දෙසැම්බර් 07 වැනිදායි. ඒවගේම IMDb දර්ශකයේ 8.4/10ක ඉහළ අගයක් ලබාගන්නට මේ වැඩසටහන සමත්ව තිබෙනවා. 

වමේ සිට දකුණට පිළිවෙලින්; NGC 2014 යෝධ රතු නිහාරිකාව සහ එහි කුඩා අසල්වැසියා වන NGC 2020 නිහාරිකාව, NGC 1850 ද්විත්ව තරු පොකුර, සර්පිල නිහාරිකාව, NGC 5194 දියසුළි මන්දාකිණිය (Image courtsey-NASA)

මේ වාර්තා වැඩසටහනේ චාරිකාව අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ආරම්භ කරලා ඉතා රසවත් විස්තරයක් ඔස්සේ අඛණ්ඩව ගලාගෙන යනවා අනෙකුත් මන්දාකිණි, නිහාරිකා, කළු කුහර සහ විශ්වයේ අනෙකුත් අබිරහස් දක්වා. හබල් දුරේක්ෂය මඟින් ගනු ලැබූ ඡායාරූප ආධාරයෙන් ප්‍රතිනිර්මාණය කළ දර්ශනීය ත්‍රිමාණ විශ්වයේ ආකෘතිය ඔස්සේ දර්ශනීය වීරාඛයාන චාරිකාව අපේ අසල්වැසි ග්‍රහලෝක, අපේ සෞරග්‍රහ මණ්ඩලය සහ ඉන් බැහැර ග්‍රහලෝක පද්ධති, තාරකා, නිහාරිකා, ධූමකේතු සහ මන්දාකිණි සොයමින් විශ්වීය විද්‍යා දැනුමේ කෙළවරට ඔබව රැගෙන යනවා. ඔබට මේ වාර්තා වැඩසටහන නැරඹීමෙන් පසුව විශ්වය ගැන පෙර ඔබට නොතිබුණු පුළුල් අවබෝධයක් ලැබෙනු නොඅනුමානයි. 

Comments