
Nenu Local (2017) with Sinhala Sub
Nenu Local (2017) with Sinhala Subtitle
Nenu Local (2017) with Sinhala Subtitles
වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි කීර්ති සහ බාබු. කීර්ති නම් චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ Rajini Murugan, Remo, Bairavaa වැනි චිත්‍රපට වලින් අතිශය ජනාදරයට පත්ව සිටින Keerthy Suresh, ඒ වගේම තම දිවියේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් කරගනිමින් බාබුගේ චරිතයට පණ පොවන්නේ Nani නොහොත් Naveen Babu.
කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, බාබු කියන්නේ ඉංජිනියරින් හදාරණ ශිෂ්‍යයෙක්, හැබැයි පාඩම් කරන්නත් කම්මැළියි වගේම ගුරුවරුන්ටත් අඩම්තේට්ටම් කරමින් ඉන්න මෙයාට තියෙන එකම අවුල තමයි විභාග පාස් වෙන්නේ නැති එක. විභාග පරික්ෂකට මෙයාව දකිනකොටත් එපා වෙනවා. කොහොම හරි පරික්ෂකවත් ගොනාට අන්දලා විභාගෙ පාස් වෙනවා. ඔය අතරේ වෙන කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෙක් ඇවිත් මෙයාට කනේ පාරක් ගහනවා. ඔතනදී තමයි බාබු සහ කීර්ති මුණගැහෙන්නේ. කීර්තිගේ බැල්මට වහ වැටෙන බාබු කොහොම හරි මෙයාව දැලේ දාගන්නවා. පස්සේ තමයි දැනගන්නේ බාබුව දැක්කත් එපා වෙන පරික්ෂක වරයා මෙයාගේ තාත්තා කියලා. මෙයාගේ කැමැත්ත ගන්න එක ලේසි වෙන වැඩක් නෙවෙයි. හැබැයි බාබු නිතරම කියන දෙයක් තමයි එයාගේ කැමැත්ත ගන්න එක මොහාතක් හොඳටම ඇති කියන එක. ඔය අතරේ කීර්තිව මැර කණ්ඩායමක් ඇවිත් උස්සගෙන යනවා. කීර්තිව බේරගන්න බාබු යන්න කලින් කෙනෙක් ගිහින් කීර්තිව බේරගන්නවා. මේ බේරගන්න කෙනා තමයි කීර්ති සහ බාබුගේ ආදර කතාවට ලොකුම බාධකය වෙන්නේ.
ඉතින් මේ කෙනා කවුද? කීර්ති සහ මේ කෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම බාබු නිතරම කියන ඒ එක මොහොත මොන වගේ එකක් වෙයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න වෙන්නේ නම් ෆිල්ම් එක බලලම තමයි.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 781.8 MB | Telugu | |
WEBDL HD 720p | 1.4 GB | Telugu | |
WEBDL FHD 1080p | 2.37 GB | Telugu |