CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Neru (2023) | “සත්‍යය”

අපේ ලාලෙට්ටන් මේ පාරනම් නියම වැඩකට අත ගහලා , Monster , Aaraattu , Alone වගේ අසාර්ථක ෆිල්ම් ගොඩකට පස්සෙ යන්තන් බලන් ඉන්න පුලුවන් භාණ්ඩයක් ආවා ඔන්න , දෙසැම්බර් 21 වෙනිදා සිනමාශාලා වල දර්ශණ වාර ආරම්භ උන ෆිල්ම් එක මාසෙකින් වගේ ott මාධ්‍ය වලින් නිකුත් උනා අද

කතාව ගැනනම් ලොකුවට කියන්න යන්නෑ , දරුණු අපරාධයකුත් වෙලා , කොහොමද උනේ කියලත් දන්නවා , කවුද කරේ කියලත් දන්නවා , අපරාධකාරයත් ඇස් ඉස්සරහ පිටම ඉන්නවා , හැබැයි ඔප්පු කරගන්නෙ කොහොමද , මේ මුල් විනාඩි 5 කියලා හිතන්නකෝ ,

ඒක ජිතූ ජෝශප්ගෙයි ලාල්ගෙයි combination එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , Drishyam වගේ කලින් වැඩ ගැන , හැබැයි මේක thriller ෆිල්ම් එකක් නෙවේ courtroom drama එකක්..

මෝහන්ලාල්ට අමතරව සිද්ධික් , අනස්වරා රාජන් , සාන්ති මායාදේවී , ස්‍රීධන්‍යා , ප්‍රියමාණි , ජගදීශ් , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයේ යෙදෙනවා , IMDb 7.8/10 ක අගයක් අරගෙනත් තියෙනවා , එදා මෙදා තුර ඉතිහාසෙ මලයාල්ම් ෆිල්ම් එකක් හොයපු 5 වෙනි වැඩිම ආදායම වෙන කෝටි 100+ ආදායමකුත් හොයලා තියෙනවා , ඒ බොක්ස්ඔෆිස් කෝටි 85+ ආදායමක් සමගින් , ඒකත් පට්ට අඩු වියදමකින්, වැඩේ කියන්නෙ මේ මුල් 5 න් 3 ක්ම ලාලෙට්ටන්ගෙ ෆිල්ම් 🔥🔥 2023 වසරේ දෙවෙනියට වැඩිම ආදායම ලබපු මලයාලම් ෆිල්ම් එක වගේම මෝහන්ලාල්ගෙත් තුන්වෙනි වැඩිම ආදායම මේක

Comments