CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

New Gods: Yang Jian (2022) | සිංහල උපසිරැසි සමඟ

 

 

හායි.කොහොමද ඉතින් යාළුවනේ.මේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම.ඉතින් ඒ නිසාම මේකෙ අඩුපාඩු නම් ගොඩක් ඇති.හරි මම මගේ පළවෙනි උපසිරසට යොදා ගත්තෙ New Gods Yang Jian (2022) ෆිල්ම් එක.මේ ගැන කියුවොත් මේක 2022 අවුරුද්දෙ ආපු IMDM Rating 6.6 ගත්ත ලස්සන ෆිල්ම් එකක්.

හරි කතාව පැත්තට හැරුනොත් මේකෙ කතා නායකය වෙන්නෙ අර්ලන්ග් කියල තරුණයෙක්.මෙයා ඇවිල්ල දඩයක්කාරයෙක්.නිකන් හඩයක්කාරයෙක් නෙමෙයි මෙයා Bounty Hunter කෙනෙක්.Bounty Hunterල කියන්නෙ කවුද කියල ඉතින් ඔයාල දන්නවනෙ.කතාව පැත්තට හැරුනොත් දවසක් මේ අර්ලන්ග්ව හම්බ වෙන්න ලස්සන ගෑණු
කෙනෙක් එනව.ඇවිත් මෙයාට චෙන්ශියැං කියල කෙනෙක්ව අල්ලල දෙන්න කියනව.ඇත්තට මේ අර්ලන්ග් කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි.මෙයා ඇවිත් දෙවි කෙනෙක්. මේ අර්ලන්ගෙ ඇත්ත නම යැං ජියන්.අවුරුදු 12 කලින් දිව්‍යාංගනාවක් මනුස්සයෙකුට ආදර කරල ඔහුව විවාහ කර ගෙන.ඒක ස්වර්ගයේ නීති කඩ කිරීමක් නිසා යැං ජියන්ට ඇයව හුවා කන්ද යට සිර කරන්න උනා.ඒකෙදි උන දරුණු සටනෙදි ඇය නෙලුම් පහන භාවිතා කරල යැං ජියන්ගෙ බලය නැති කරල දැම්ම.මේ දිව්‍යාංගනාව ඇවිල්ල යැං ජියන්ගේම සහෝදරිය.ඉතින් මේ යං ජියන්ට ඔහුගේම සහෝදරියට මේ වගේ දරුණු දඩුවමක් දෙන්න පුලුවන්ද ? මොකක්ද මේ නෙලුම් පහන කියන්නෙ ? එතකොට කවුද මේ චෙන්ශියැං කියන්නෙ ? මේ ගැන දැන ගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනව.මෙතනින් එහාට මම කතාව කියන්න යන්නෙ නැ.ඒක ඔයාලට කරදරයක් වෙන නිසා.

ඒ වගේම මට කියන්න අමතක උනා.මේක අවිත් New Gods Nezha Reborn (2021) ෆිල්ම් එකත් එක්ක සම්බන්දයි.අන්තිමට ඒකෙ ඉදපු චරිත දෙකක් ඔයාලට මෙකෙදි හම්බ වේවි.ඒක නොබැලුවයි කියල ඔයාලට බාදාවක් වෙන්නේ නැ.ඒත් කතාව අන්තිමේදි කවුද මේ ඩබල කියල ඔයාල Confused වෙන නිසා කියුවෙ.
එහෙනම් සබ් එක ගැනත් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

Comments

May 17, 2024

Thanks Broo Keep It Up

May 17, 2024

තුහින (සුරංග) අයියේ ඔයා නම් මරු අනේ , ඔයාට තවත් මේ වගේ subtitles හදන්න ශක්තිය ලැබේවා 🥹 🙏

July 16, 2025

Nezha 2 dennko ayye