CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2522 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Next Enti? (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Next Enti? (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 07, 2018India157 Min.
Your rating: 0
10 3 votes
Next Enti? (2018) | ඊළඟට මොකක් වේවිද?

මේක ආදර කතාවක්..
මතකද Fanaa සහ Hum Tum හින්දි චිත්‍රපටි දෙක..
ඒ දැවැන්ත චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු..
කුනාල් කෝලි තෙලුගු සිනමාවට ඇවිදින්..
තෙලුගු සිනමාවේ කොහිනූර් දියමන්තිය..
තමන්නා ඇවිත් ඔන්න ආයෙත් ටොලිවුඩ් වෙත..

2018 වසරේ දෙසැම්බර් 7 වැනිදා නිකුත් වුනු, ආදර කථාවන් කැටගරියට අයිති තවත් ලස්සනම ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නයි මේ සූදානම. කස්ටිය තමන්නගේ ෆිල්ම් එකක් බැලුවේ නෑ නේද කාලෙකින්. ඔන්න එනවා කාලයක් කාගේත් ක්‍රෂ් එක වෙලා හිටිය තමන්නා ඔයාලගේ තිරය මතට. තමන්නාට නම් පහුගිය කාලය එච්චර හොඳ කලදසාවක් ගෙවුනේ නෑ, බාහුබලි චිත්‍රපටය ඇරෙන්න අනෙක්වට එතරම් සාර්ථකත්වයක් දක්වන්න බැරි උනා. Sketch චිත්‍රපටයේත් තමන්නාට ප්‍රේක්ෂක සිත් වසඟ කරගත හැකි රංගනයක නිරත වෙන්න හැකි වුනේ නෑ. බාහුබලි චිත්‍රපටයේ පවා ඇය රංගනයේ නිරත වූයේ අවන්තිකා එහෙමත් නැත්නම් රණශුරිණියකගේ චරිතයක් නිසා තමන්නාගේ සුපුරුදු රොමැන්ටික් රංගනය ප්‍රේක්ෂකයින්හට දැකගැනීමට නොහැකි වූවා. (තමන්නාව දන්නේ නැත්නම් Rachcha, Badrinath, Endukante… Premanta!, Rebel, Aagadu, Oopiri සහ බාහුබලි චිත්‍රපටි දෙක බැලුවනම් මේ සූකිරි කැටේ බලාගන්න පුළුවන්.. ඔය චිත්‍රපටි දෙක තුනක් විතරයි. තව සෑහෙන්න ලිස්ට් එකක් තියෙනවා. දන්නෝ දනිති. 😉)

කුනාල් කෝලි තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. කුනාල් කෝලි කියන්නේ බොලිවුඩයේ දැවැන්ත නිර්මාණයන් දෙකක් වන Fanaa සහ Hum Tum චිත්‍රපටි යුගලය අධ්‍යක්ෂණය කරපු වැඩකාරයා. ඉතින් මේ මහත්තයා තෙලුගු සිනමාවට පිවිසෙන්න පලවෙනි වතාවට. විශේෂත්වය කියන්නේ මේ චිත්‍රපටියේ සියලුම රූගත කිරීම් පැය විසිහතරක් එහෙමත් නැත්නම් දවසක් ඇතුලත කරා කියල තමයි ආරංචිය තියෙන්නේ.When Harry Met Sally.. කියන ඇමරිකානු චිත්‍රපටිය පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තමන්නාට අමතරව එයා එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුදීප් කිෂාන් විසින්.

මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. බෝරින් ගතියක් එහෙමත් දැනේවි සමහරෙක්ට. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 6.3/10 ක්ම තියෙනවා. නමුත් විචාරක ප්‍රසාදය (Critic reviews) නම් මහ ලොකුවට නෑ. එහෙම වෙන්න ඇත්තේ මේක ෆනා හම්තුම් තරම් දැවැන්ත අයුරින් නිර්මාණය නොකළ ලද්දක් නිසා වෙන්න ඇති කියලයි මගේ නම් අදහස. නමුත් සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

කතාව යන්නේ චරිත තුනක් මත. සංජු, ටැමී, ක්‍රිෂ්, මෙයාලා වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ටැමී කියන්නේ සැබෑ ආදරයක් හොයන නවීන පන්නයේ සුරූපී තරුණියක්. සංජු කියන්නේ සෙල්ලක්කාර සාමාන්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න තරුණයෙක්. ඒ වගේම ක්‍රිෂ් කියන්නේ ආදරේ සම්බන්ධව අමිහිරි අතීතයක් තියෙන දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ තුන්දෙනා වටා ගෙතුණු මේ කතාව හැමෝටම නරඹන්න කියල ආරාධනා කර සිටින ගමන් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි චිත්‍රපටිය සෙට් වෙන එකක් නෑ කියල සැකයක් තියේ නම් කෝකටත් කියල ට්‍රේලර් එක එහෙම බලලා තව ටිකක් චිත්‍රපටිය ගැන හොයලා චිත්‍රපටිය අරගන්න කියල ඉල්ලා හිටිනවා. මොකද මං දන්නවා හැමෝටම මේක සෙට් වෙන එකක් නෑ. ස්වල්ප පිරිසකට මේ චිත්‍රපටිය අල්ලන්නේ නෑ කියල මං දන්නවා. ඒ හින්දයි අවංකවම කියන්නේ ට්‍රේලර් එක එහෙම බලලා, චිත්‍රපටිය ගන්නවද නැද්ද කියල තීරණය කරන්න කියල. නැත්නම් අන්තිමේ මටයි බනින්නේ ටෝක්ස් දීලා ඇඟේ ගැහුවා කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 4.4 /10 240 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kunal Kohli
Director

Cast

Navdeep isKrish
Krish
Poonam Kaur isPrachiti
Prachiti
Harshavardhan isSanju's Friend
Sanju's Friend
Atul Sharma isMr. Oberoi father
Mr. Oberoi father
Pamela Cook isPlane Passenger
Plane Passenger
Claire Ashton isBeach Goer
Beach Goer

Similar titles

Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Acharya (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaapi Kadhaigal | Second Sip – Open Panna (2022) Sinhala Subtitles | “ චිත්‍රපටි කෙරුවාව…” | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Novice (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PAW Patrol: The Movie (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published