CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3118 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 07, 2017Japan93 Min.
Your rating: 0
5 1 vote
The night is short walk on girl (2017) | දෙහදක හැඟුම් යා කළ පොත

“මට හමුවෙන්න නියමිත අය මාව මෙහෙයවුවා.
හැම දෙයක්ම එකට බැඳිල තියෙනවා වගේ මට දැනෙනවා.
මට ඇයගෙන් දෙයක් අහන්න ඕනි වුනා.
මට ඇත්තටම දැනගන්න ඕනි වුනා.
මේ වගේ හමුවෙන එක… යම් ආකාරයක දෛවයක් විය යුතුයි.”

ශ්‍රී ලාංකික ඇනිමෙ රසික රසිකාවියො හැමෝටම කොන්නිචිවා කියල පිළිගන්න ගමන් මගේ 18 වන උපසිරැසි නිර්මාණයයි මේ අරන් එන්නෙ.Jujutsu Kaisen 0 චිත්‍රපටයට උපසිරැසිය කළායින් පස්සෙ චිත්‍රපටයකට උපසිරැසියක් කළේ නැති නිසා මේ වතාවෙ චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න හිතුවා.ඒ නිසා මේ උපසිරැසිය මේ අවුරුද්දෙ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් තමයි මේ නිර්මාණය අරන් එන්නේ.ඉතින් අපි එහෙනම් යමු අපේ Valentine’s Day Special එකට.☺️

මුලින්ම මේ චිත්‍රපටය ගැන මම පෞද්ගලිකව දැකපු විශේෂතා දෙකක් ගැන සඳහන් කරන්න ඕනි…එක තමයි,මේක අපි සාම්ප්‍රදායිකව දකින ජපන් උසස් පාසල් හා සම්බන්ධ ආදර කතාවක් නොවීම.දෙක තමයි,මේකෙ කතාව Ghibli animation ෆැන්ටසියක ආභාෂයක් දකින්න පුලුවන් වීම.Ghibli animation චිත්‍රපට බලල තියෙන අයට ඒ ගැන හොඳ පැහැදීමක් ඇති.ඉතින් ඒ ෆැන්ටසිය මොකක්ද කියල ඔයාටම මේ කතාවෙන් දකින්න පුලුවන් වේවි.

2017 වසරේ spring season එකේදි නිකුත් කෙරුනු Yoru wa Mijkashi Arukeyo otome AKA The Night is Short Walk On Girl කියන මේ ඇනිමෙ චිත්‍රපටය Comedy,Romance කියන Genre වලට අයත් වෙන අතරෙ R+ Mild Nudity යටතේ Rate වෙලා තියෙනවා.IMDB දර්ශකයේ 7.5 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 8.19 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා වගේම, Light Novel එක ආශ්‍රයෙන් නිමවුනු, පැය 1 මිනිත්තු 32 ක් පුරාවට දිවෙන මේ ඇනිමෙ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය වුනු Ride Your Wave,Devilman Crybaby කියන ඇනිමෙ නිර්මාණය කරපු Science SARU Studio එක විසිනුයි.

මේ කතාවෙ Voice Acting Staff එක ගැන කියනවනම් The Quintessential Quintuplets,Akame ga Kill!,,Bleach,My Hero Academia,Code Geass,Dororo,Drifting Home,Chainsaw man කියන ඇනිමෙ වලට දායකත්වය ලබා දුන් පිරිස් දායක වෙලා තියෙනවා.

ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ music ගැනත් කියන්නම ඕනි.චිත්‍රපටයේ Ending Theme එක වෙන ‘Kouya wo Aruke’ ගීතයට Naruto,Bleach,Fullmetal Alchimest,Erased,Dororo,Bocchi the Rock! කියන ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය කතා වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්නු Asian Kung-Fu Generation හෙවත් AKFG සංගීත කණ්ඩායම දායකත්වය ලබා දෙනවා.ඒ නිසා මේ චිත්‍රපටයේ music අමුතුම රසවින්දයක් ලබා දෙන බව නොඅනුමානයි.🔥

ඒ විතරක් නෙමෙයි මේ චිත්‍රපටය,

🔹Japan Academy Prize for animation of the year (2018) – Best Film Winner
🔹Crunchyroll Anime Awards (2019) – Best Film Winner කියන ස්ථාන දිනාගන්නත්,
🔹Fantasia Film Festival (2017) – Best Animated Feature Nominee
🔹Faro Island Film Festival (2018) – Best Animated Feature Nominee කියන ස්ථානවලට යෝජනා වෙන්නත් සමත් වෙලා තියෙනවා.

ඉතින් මේ චිත්‍රපටය ගැන දුන්නු මේ වර්ණනනාව ප්‍රමාණවත් කියල හිතනවා.දැන් මම කතාවට පොඩි ආරම්භයක් අරන් දෙන්නම්.ඔතෝමේ කියල කියන්නෙ තනිකඩ යෞවනියක්.ඕනිම දෙයකට තනියම උනත් මැදිහත් වෙන්න පුලුවන් තරම් හයියක් තියෙන ජාතියෙ කෙල්ලෙක්.හැබැයි මෙයා විශේෂයි.කොච්චර විශේෂද කියනවනම් මේ ජාතියෙ කෙල්ලෙක් ඇනිමෙ චිත්‍රපටයක ලේසියෙන් දකින්න ලැබෙන්නෙ නැති තරම්.ඒ විශේෂත්වය තමයි මෙයා මත්පැන් වලට ආස කෙල්ලෙක් වෙන එක.හැබැයි ඒකෙත් තියෙන විශේෂත්වය තමයි කොච්චර මත්පැන් බිව්වත් වෙරි වෙන්නෙ නැති එක.කොටින්ම කියනවා නම් පැසිෆික් සාගරය රම් වලින් හදල තිබුනා නම් කියල එයාට හිතුනු අවස්ථාත් තිබුනා.ඔතෝමේට අනුව මත්පැන් කියල කියන්නෙ ජීවිතය රසවත් කරන,ශක්තිමත් කරන දෙයක්.

චිත්‍රපටය පුරාවටම සෙන්පායි කියල හඳුන්වන, මේ යෞවනයාගේ අරමුණ තමයි කොහොම හරි මේ ඔතෝමේගේ හිත දිනාගන්න එක.ඉතින් ඔතෝමේව දකින්න මෙයා කරන්නෙ ඔතෝමේගෙ මුහුණට මුහුණ හම්බවෙන්න කොහොම හරි අවස්ථාවක් හදාගන්න එක.ඒ වුනාට මෙයාට හිතේ තියෙන දේ කියන්න හරි අවස්ථාවක් එන්නෙත් නෑ වගේම ඒක ඔතෝමේට කියන්න හයියකුත් නෑ.ඉතින් මේ වෙනුවෙන් සෙන්පායිට ලැබෙනවා හොඳ අවස්ථාවක්.ඒ තමයි ඔතෝමේ පොඩි කාලෙ ආසාවෙන් කියවපු, හුඟක් ආදරය කරපු පොතක් වෙන ‘රතතතම්’ කියන පොත හොයාගන්න එක.මේ අතරෙ ඔතෝමේත් මේ පොත හොයන ගමන් ඉන්නෙ.ඉතින් මේ පොත සෙන්පායිට හොයාගන්න පුලුවන් වෙයිද? පොතකින් කොහොමද හැඟීම් ප්‍රකාශ කරන්නෙ? මේ පොත හොයාගෙන තමන්ගෙ හැඟීම් ඔතෝමේට කියන්න සෙන්පායිට පුලුවන් වෙයිද? පොත සොයා යන සෙන්පායිගේත් ඔතෝමේගේත් චාරිකාව කෙබඳු වේවිද? විනෝදය,හාස්‍ය කැටි වුනු මේ ප්‍රේම වෘතාන්තය නරඹන්න ඔබට ආරාධනා කරනවා.

Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලංකන් Weebs (Baiscopelk)
IMDb 7.5 /10 5,483 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Gen Hoshino isSenpai (voice)
Senpai (voice)
Kana Hanazawa isThe Girl with Black Hair (voice)
The Girl with Black Hair (voice)
Ami Koshimizu isNaoko (voice)
Naoko (voice)
Aoi Yuki isPrincess Daruma (voice)
Princess Daruma (voice)
Hiroshi Kamiya isDirector of School Festival Operations (voice)
Director of School Festival Operations (voice)
Chikara Honda isBookstore Shopkeeper Gabi (voice)
Bookstore Shopkeeper Gabi (voice)
Hiroyuki Yoshino isGod of the Old Books Market (voice)
God of the Old Books Market (voice)
Junichi Suwabe isNise-Jōgasaki (voice)
Nise-Jōgasaki (voice)
Kazuhiro Yamaji isTodo (voice)
Todo (voice)
Kazuya Nakai isSeitarō Higuchi (voice)
Seitarō Higuchi (voice)

Similar titles

Throne of Elves (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alan Rickman in Alice in Wonderland (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Murderer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Mitchells vs the Machines (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tourist Family (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maanaadu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ [ High Quality ]
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hot for Teacher (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Aloha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maya the Bee: The Golden Orb (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published