CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1972 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Njan Marykutty (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Njan Marykutty (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 15, 2018India126 Min.
Your rating: 0
7 1 vote
Njan Marykutty (2018) | මාතුකුට්ටි ද? මේරිකුට්ටි ද?

මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. මෙම සිනමා නිර්මාණය 2018 ජුනි 15 වන දින තමයි පළමු වරට තිරගත උනේ. Drama/Comedy යන කාණ්ඩ යටතේ තමා මේ සිනමා නිර්මාණය වර්ග කරලා තියෙන්නේ. මෙය 7.1/10 ක IMDb අගයක් සහ 91% ක ගූගල් පරිශිලික අගයක් හිමි උන නිර්මාණයක්.

Njan Marykutty කියන්නේ Ranjith Sankar විසින් රචනා කොට අධ්‍යක්ෂණය කර Jayasurya සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද සිනමා නිර්මාණයකි. මෙම සිනමා නිර්මාණයේ Jayasurya මේරිකුට්ටි කියන සංක්‍රාන්ති ලිංගික කාන්තා චරිතයක් නිරුපනය කරන අතර Innocent, Jewel Mary, Jins Baskar, Suraj Venjaramoodu, Aju Varghese සහ Joju George මෙහි අනික් ප්‍රධාන චරිත නිරුපනය කරනවා. Anand Madhusoodhanan මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන ලද අතර ගොඩක් ලස්සන ගීත කිහිපයක්ම මෙහි අඩංගු වෙනවා.

Njan Marykutty වෙනුවෙන් 2019 Kerala State Film Award හිදී හොඳම නළුවා ලෙස Jayasurya ද, 2019 Kerala State Film Award හිදී හොඳම වේශ නිරූපණ ශිල්පියා ලෙස Ronex Xavior සහ 2019 Asianet Film Award හිදී හොඳම චරිතාංග නළුවා ලෙස Suraj Venjaramoodu සම්මාන වලින් පිදුම් ලැබුවා.


මේකේ කතාව පැත්තට ගියොත් Mathukutty කියන පිරිමි ශරීරය තුල හිරවෙලා තිබුණ ගැහැණු ආත්මය ලෝකෙට නිදහස් කර ඒ කාන්තාවට සමාජයේ පිළිගැනීමක් ලබා දෙන්න කරන සටනක්. ඉන්දියාව වගේ රටක් තුල කාන්තාවකට තමන්ට හිමි තැන ලබා ගන්නත් අරගල කරන්න වෙන සමාජයක පිරිමියෙක් ලෙස උපත ලබලා කාන්තාවක් ලෙස තමාගේ ලිංගිකත්වය වෙනස් කර ගත්ත කෙනෙක්ට ලැබෙන තැන ගැන අමුතුවෙන් කථා කරන්න අවශ්‍ය නෑ.

මෙම නිර්මාණය පුරාවටම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සමාජයේ මුහුණ දෙන ගැටළු ගැන ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න උත්සාහ කරන අතරම ඔවුන්ගේ පවුල් විසින් අත්විඳින කම්පනයන්, සමාජය සහ බලධාරීන් අතින් මෙම ප්‍රජාවේ සාමාජිකයන්ට සිද්ධවෙන මානසික හා ශාරීරික හිංසන මෙම සිනමා නිර්මාණය තුල කතිකාවකට භාජනය කරනවා.

Marykutty විදියට අභියෝගාත්මක ජිවිතයක් තෝර ගන්න තරුණයාට සමාජයෙන් එල්ල වන නින්දා අපහාස, ගුටි බැට, තමාගේ ආදරණියයන්ගේ ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කේරල පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක තනතුරක් දක්වා යාමට සංක්‍රාන්ති ලිංගික තරුණියක් වන Marykutty දරන උත්සාහයක් ගැන හරි අපුරුවට මෙම නිර්මාණය පුරාවට කථා කරනවා. Marykutty විදියට සංවේදී, අභියෝගාත්මක චරිතයක් නිරුපනය කරන Jayasurya අති දක්ෂ නළුවෙක් කියන එක මේ නිර්මාණයෙදීත් ඔප්පු කරනවා . මේ සිනමා නිර්මාණය මුල ඉඳන් අවසාන වෙනකල් බලද්දී ඔයාලට Jayasurya ව නම් එක තත්පරේකටවත් මතක් වෙන එකක් නෑ. ඔහු හරි අපුරුවට කාන්තා චරිතය තුල ජිවත් වෙනවා.

මේ ෆිල්ම් එකේ සඳහන් නොවුනත් මම මේ සටහනත් මේකට එකතු කරන්න කැමතියි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ Pradeep Kumaar විදියට උපත ලබලා දුෂ්කර වූ ළමා කාලයක් ගෙවලා 2011 චෙන්නායි වලට ගිහින් Prithika Yashini විදියට තමන්ගේ අනන්‍යතාවය හොයා ගත්ත Prithika ගේ ජිවිත කථාව මේ සිනමා නිර්මාණයට වස්තු බීජය වෙන්න ඇති කියලා මං හිතනවා. නේවාසිකාගාර පාලිකාවක් විදියට වෘත්තීය ජීවිතය පටන් ගත්ත Prithika අන්තිමේ නතර උනේ 2017 අප්‍රේල් 02 වෙනිදා ඉන්දියාවේ පළමුවෙනි සංක්‍රාන්ති ලිංගික උප පොලිස් පරීක්ෂකවරිය විදියට ඉතිහාස ගත වෙලා. පිරිමිත් නොවන නමුත් කාන්තාවක් ලෙස අනන්‍යතාවය ඔප්පු කර ගැනීමට නොහැකිව ඇය අසීරු සටනකින් ජය ලබා ඉන්දීය ඉතිහාසයට එක් වී තම සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට වටිනාකමක් එකතු කරා. ඇගේ ඡායාරුපයකුත් මං මේ සටහනට එකතු කරන්නම්.

පළමු උපසිරැසි නිර්මාණය හින්දා වැරැද්දක් තිබුනොත් ඒ ගැන සමාව ඉල්ලන ගමන්. චිත්‍රපටිය රස විඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ස්තුතියි!

Njan Marykutty (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රේණුකා සුභාෂිණි (Baiscopelk)
IMDb 7.1 /10 592 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jayasurya isMarykutty / RJ Angel /Mathukutty
Marykutty / RJ Angel /Mathukutty
Joju George isKunjipaloo
Kunjipaloo
Innocent isPriest
Priest
Suraj Venjaramoodu isManoj Vaidyan
Manoj Vaidyan
Aju Varghese isRJ Alwin Henry
RJ Alwin Henry
Pradeep Kottayam is
"Brilliant" Mash
Shivaji Guruvayoor isMerykutty's Father
Merykutty's Father

Similar titles

Bachelor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scene Number 62 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oru Adaar Love (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ardha Shathabdham (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One Life (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drifting Home (2021) Sinhala Subtitles
King of Kotha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sadece Sen  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Songbird (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published