CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Operation Red Sea (2018) AKA Hong hai xing dong | රට රකින, ජීවිත රකින අභිමානවත් මුර දේවතා!

මැදපෙරදිග කලාපයට අයත්වූ යෙවාරි රාජ්‍ය! වසර ගණනාවක් මුළුල්ලේ රට තුල පැවති අභ්‍යන්තර ගැටළු හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නාවූ ත්‍රස්තවාදය හිටි හැටියේම ක්ෂණිකව රට පුරා සිය අණසක පතුරුවා හරිනු ලබනවා. මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට තරම් රටේ හමුදාවන් ප්‍රබල තත්වයක පසුවන්නේ නැහැ. මේ හේතුවෙන්ම රට අස්ථාවර වී, නීතිය හා සාමය කියා සලකුණක් හෝ සොයාගත නොහැකි තරම් පහත් තත්වයට රට ඇද වැටෙනවා. රජයේ හමුදාවන් විසින් මෙම ත්‍රස්තයන් මර්ධනය කිරීමට උත්සාහ දැරුවත්, ත්‍රස්තයන්ගේ වියරුව හමුවේ භීෂණය රජයන රාජ්‍යක් පමණයි ඒ වනවිට ශේෂවී තිබුනේ.

මෙවැනි තත්වයක් තිබියදී, ආසියානු බලවතා වන චීනයේ අති දැවැන්ත, තාක්ෂණිකමය යුධ නැවක් යෙවාරි රාජ්‍ය වෙත ලඟා වනු ලබනවා. ඒ, මෙම යෙවාරි රාජ්‍ය තුල සිරවී සිටින්නාවූ සිය රටේ වැසියන් පිරිසක් මුදවාගෙන නැවත සිය රට බලා රැගෙන යෑමට. නමුත්, මේ ආකාරයෙන් සිය වැසියන් මුදවා ගැනීමට පිටත් කර හරින්නාවූ පළමු බල ඇණිය ත්‍රස්තයන් හමුවේ සිය කර්තව්‍ය සපුරා ගැනීමට අපොහොසත් වෙද්දී, ඒ වෙනුවට චීන නාවික හමුදාවේ අති විශේෂ කමාන්ඩෝ බල ඇණියක් මෙම මාරාන්තික මෙහෙයුම සඳහා පිටත්කොට හරිනු ලබනවා. ත්‍රස්තවාදී හමුදාවකට එරෙහිව තනි කමාන්ඩෝ බල ඇණියක් මොනවා කරන්නද? ඔබට එහෙම හිතෙනවා ඇති. ඒ වගේම මතක තියාගන්න, මේ මෙහෙයුම කොච්චර නම් අසීරු එකක් වේවිද කියා ඔබේ හිත කියනවද, කිසිවෙකුත් නොසිතන ආකාරයෙන් මේ මෙහෙයුම අතිශයින් අසීරු, අතිශය සංකීර්ණ, අතිශයින් මාරාන්තික මෙහෙයුමක් වෙනවා. මාරාන්තික අවි හරඹයෙහි නිපුණ, සටනෙහි සහ උපායෙහි අති දක්ෂ, අති නවීන යුධෝපකරණ වලින් සන්නද්ධ මේ කමාන්ඩෝ බල ඇණියට සිය රටෙහි වැසියන් මුදවා ගැනීමට හැකියාව ලැබේවිද? අවාසානයේ මේ අනභිබවනීය බල ඇණියෙන් කීදෙනෙකු හට සිය ජීවිතය බේරාගෙන මෙහෙයුම අවසන් කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේවිද? සියල්ල ඔබට බාරයි.

ප. ලි. – මේ චිත්‍රපටය වෙනුවෙන් වෙබ් පිටපතක් නිකුත් වුනේ මැයි මාසේ මුල් සතියේ. ඒත්, මේ වෙනකම් හරියාකාර කිසිම ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා නැහැ. ගුණාත්මක උපසිරසියක් අද ඒවි, හෙට ඒවි කියලා බලාගෙන හිටියත්, ආවේ නැති නිසා බැරිම තැන දැනට නිකුත් වෙලා තියෙන භාෂා 3-4ක උපසිරැසි පරිවර්තනය කරලා අරගෙන තමයි අවසාන ප්‍රතිඵලය විදියට මේ උපසිරැසිය ගෙන එන්න පුළුවන් වුනේ. නිකමට අරගෙන බලන්න අන්තර්ජාලයේ තියෙන උපසිරසියක්. කාල රාමු නොගැලපීම්, අර්ථය බොහෝ සෙයින් වැරදි වීම, දෙබස් අඩු වීම වගේ සෑහෙන අඩුපාඩු තිබුණා. ඉංග්‍රීසි නොවන වෙනත් භාෂා කීපයක්ම භාවිතා වෙන මේ චිත්‍රපටය සඳහා කලින් කියපු විදියට භාෂා කීපයක උපසිරැසි අරගෙන පුළුවන් උපරිමයක් කරලා ඇති. නමුත්, මේ භාෂා නොදන්න කෙනෙක් විදියට උපසිරසියට සීයට සීයක් සාධාරණයක් කළා කියලා කියන්න නම් බැහැ. මොකද, බොරු කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. තැන් කීපයක පොඩි පොඩි දෙබස් නැති තැන් කීපයක් ඇති. ඒවා විඳ දරාගන්න පුළුවන් නම් විතරක් නරඹන්න කියලා විශේෂයෙන්ම මතක් කරනවා.

Comments

May 6, 2023

me supiri film eka dunnta godak thanks

May 6, 2023

hamooma meka balanna aaya kiyanna deyak na supirima film ekak 🤩🤩🤩🤩