CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Operation Romeo (2022) | සිංහල උපසිරැසි සමඟ

මේක නම් මං හිතන්නේ කට්ටියට ටිකක් මගහැරුනු එකක් වගේ.. මුලින්ම කියන්න ඕනි මේක රිමේක් එකක්. මලයාලම් චිත්‍රපටියක් වෙන Ishq (2019) ප්‍රතිනිර්මාණයක් තමයි මේක.. හැබැයි මේක මලයාලම් එකත් එක්ක බලද්දි කරට කර ඉන්නවා කියලා කියන්නත් පුලුවන්. කතාවේ පොඩි පොඩි වෙනස් කම් ටිකකුත් කරලා තියෙනවා.

ප්‍රධාන චරිත ලෙස Sidhant Gupta,Vedika Pinto,Bhumika Chawla හා Sharad Kelkar රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ.. ආදි හා නේහා කියන්නේ ආදවන්තයින් දෙන්නෙක්.. නේහාගේ 19 වැනි උපන්දිනයට ඇයව පුදුම කරන්න කියලා හිතාගෙන ආදි කියනවා හවසට හම්බවෙමු කියලා. මේ දෙන්නාගේ පැලැන් එක තමයි රෑ පුරාම නඟර වටේ වාහනේ රවුමක් ගහන එක. කොහොම හරි මැදියම් රෑට කිට්ටු වෙද්දි ආදි වාහනේ ටිකක් පාලු තැනක නතර කරනවා.. නතර කරලා නේහාට කියනවා කවුරුත් නැති එකේ පොඩි කිස් එකක් දෙන්න කියලා. නේහාත් මුලින් අදි මදි කරලා පොඩි හාද්දක් දෙන්න ලං උනා විතරයි.. නොසිතු විදියට මේ දෙන්නා අතරට තව දෙන්නෙක් කඩා පනිනවා.. ඒ පොලිසියේ දෙන්නෙක්… මහා රෑ තනියම වාහනේ හිරවෙන මේ ජොඩුවට මොනා වේවිද? ගෙදරට හොරෙන් ආපු මේ ගමන කොතනකින් කෙලවර වේවිද? ඒක දැනගන්න චිත්‍රපටිය නරඔන්නම වෙනවා..

Comments