EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Oppees Chollan Varatte (2022) | පිලිපෝස් සීයා
මේ Short ෆිල්ම් එකේ නම තමයි “Oppees Chollan Varatte”. Colour Padam කියන සුපිරිම මලයාලම් කෙටි චිත්‍රපටය නිශ්පාදනය කරපු Blockbuster Films තමයි මේ Short ෆිල්ම් එකත් නිශ්පාදනය කරන්නේ. මේ Short ෆිල්ම් එක YouTube වල හුඟක් කට්ටිය බලපු මලයාලම් Short ෆිල්ම් වලින් උඩින්ම තියෙන එකක්. මේක මේ වෙනකොට YouTube වල මිලියන 2.4ක් බලලා තියෙනවා.. එතකොට මේ Short ෆිල්ම් එකේ හුඟක් වීඩියෝ කෑලි WhatsApp ස්ටේටස් විදිහට ෂෙයාර් වෙලා තියෙනවා.
මේ Short ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා Rekha 2023 මලයාලම් චිත්‍රපටයේ ඉන්න Unni Lalu. ඊට අමතරව Deepa Thomas, Zhinz Shan, Jordi Poonjar වගේ ප්‍රවීන නලු නිලියන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. එතකොට මේ ලස්සන Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය සහ කතාව ලියලා තියෙන්නේ Sooraj K R. කෙටි චිත්‍රපටයක් උනත් නලු නිලියන් නම් මේකට උපරිමයටත් වඩා සාධාරණයක් කරලා තියෙනවා. දෙයියන්ගේ රටේ ලස්සනම ලස්සන වටපිටාවක මේ චිත්‍රපටය රූගත කරල තියෙන නිසා නියම මලයාලම් ෆිල්ම් එකක ලස්සන මේ Short ෆිල්ම් එකේ නොඅඩුව තියෙනවා.
හරි එහෙනම් යමුද කතාව පැත්තට.. ඇන්ටෝ කියන්නේ රස්සාවක් හොයාගන්න බැරුව ලතවෙවී ඉන්න දුප්පත් තරුණයෙක්. ඉතිං අන්තිමට කොහොම හරි යාලුවෙක්ගෙ මාර්ගයෙන් මෙයා යනවා පොඩි රස්සාවක් කරන්න. රස්සාව තමයි ඇදට වැටිලා ඔත්පල වෙලා ඉන්න වයසක මනුස්සයෙක්ව බලාගන්න එක. ඔය අතරේ ඇන්ටෝට හම්බවෙනවා ඇලිස්. කවුද බොලේ මේ ඇලිස්….? ඇලිස් කියන්නෙ කවුද කියලා දැනගන්න මේ ලස්සන Short ෆිල්ම් එක බලන්නම වෙනවා.

