CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePalthu Janwar (2022) Sinhala Subtitles | “සතෙක් උනත් පණක්” | සිංහල උපසිරැසි සමඟ
(Palthu Janwar (2022) Sinhala Sub) (Palthu Janwar (2022) Sinhala Subtitles)
හැමෝටම සුබ දවසක් වේවා , සති දෙකකට විතර පස්සෙ ඔන්න ආයෙත් , අදත් අරන් එන්නෙ අලුතෙන්ම ආව මලයාලම් ෆිල්ම් එකක් , මේ තමයි මගේ 30 වෙනි මලයාලම් උපසිරැසිය
කතාවෙ නම Palthu Janwar (2022) , Comedy | Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට IMDb 8.4/10 ක අගයක් ලැබිලා තියෙනවා , කතාවට Basil Joseph , Dileesh Pothan , Jhony Antony , Indrans , Unnimaya Prasad ඇතුලු මලයාලම් සිනමාවෙ නිතර දකින නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා
පෝස්ටරේ දැකපු ගමන් තේරෙනෝ ඇතිනෙ , මේක සත්තු ඉන්න කතාවක් , කතාව යන්නෙ පශු වෛද්‍ය කාර්‍යාලෙකට අලුතෙන් පත්වුනු සහයකයෙක් වටා , ප්‍රසූන් කියන්නෙ ඇනිමේශන් ශිල්පියෙක් , යාලුවො එක්ක සමාගමකුත් පටන්ගෙන, ඒත් සමාගම බංකොලොත් වෙද්දි මෙයාගෙ තාත්තා නැතිවෙද්දි එයා කරපු රස්සාව මෙයාට හම්බෙනවා , මෙතන ඉදන් තමයි කතාව පටන්ගන්නෙ , ගෙදර අයගෙ කැමැත්තට කේරලේ ලස්සනම ගමක තියෙන මේ රස්සාව බාරගන්න ප්‍රසූන්ට රස්සාවෙන් ගොඩක් කරදර සිද්ධවෙනවා , බැරිම තැන ආපහු ගෙදර එන්න හදද්දි දෙයක් සිද්ධවෙනවා….ඒ මොකක්ද කියලා බලන්නනම් කතාව බලන්නම වෙනවා…
අන්තිමට ලස්සන සින්දු දෙකක් තියෙනවා සබ් එක්කම








