CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1604 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Patthar Ke Sanam (1967) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Patthar Ke Sanam (1967) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 01, 1967India138 Min.
Your rating: 0
7 1 vote

(Patthar Ke Sanam (1967) Sinhala Sub , Patthar Ke Sanam (1967) Sinhala Subtitle ,Patthar Ke Sanam (1967) Sinhala Subtitles)

Patthar Ke Sanam (1967)

මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙම සිනමාපටයේ කතාව ගෙතෙන්නෙ මීනා සහ තරුනා කියන යෙහෙළියන් දෙන්නෙක් වටා. මීනා ඉන්දියාවේ කුඩා නගරයක ඇගේ පියා තාකූර් සමඟ ධනවත් ජීවන රටාවක් ගත කරයි. තරුනා ඇයගේ සහයිකාව මෙන්ම හොඳම මිතුරියද වේ. මීනා, නගරයේ සිට තම ආපසු ගමට එන අතරතුර, ඇයව විහිළුවට ලක් කරන රාජේෂ් හමුවෙයි. මීනාගේ පියා නව කළමනාකරුවෙකු බඳවා ගත් විට, ඔහු දුම්රියේදී හමු වූ පුද්ගලයාම බව ඇය දැන ගනී. ඇය තරුනා සමඟ එක්ව රාජේෂ්ට ආදරය කරන බව මවාපාමින් ඔහුට විහිළු කිරීමට උත්සාහ කරයි. ඔහු එය වටහාගෙන ඔහුත් දෙදෙනාටම ආදරය කරන බව මවාපායි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, තරුණියන් දෙදෙනාම ඔහු සමඟ සිතින් සැබෑ ලෙසම ආදරයෙන් බැඳී සිටින අතර, ඔහු සමඟ විවාහ වීමට මීනාට අවසර දීමට තාකූර් සූදානම් වේ. නමුත් රාජේෂ් තරුනාට පමණක් ඇත්තටම ආදරය කරයි. තාකුර්ගේ කළමනාකරුවන භගත්‍රම්, තරුනාට පෙම් කරයි. භගත්‍රම් යනු ඉතා නපුරු පුද්ගලයෙකි. ඔහුට තරුනා කිසිසේත්ම කැමති නැහැ. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. මනෝජ් කුමාර් සහ වහීඩා රේමන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි! මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තර්ඩ් මෑන්, ඒක් හයි රාස්ටා. අමර්දීප්, දිල්තෙරේ දීවානා, ආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි. ප්යාර් දිල් ලයා හූන්.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. අන්තර්ජාලයේ Patthar Ke Sanam (1967) Full Hindi Movie | Manoj Kumar, Waheeda Rehman, Pran, Mumtaz යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු දාහතයි, තත්පර හතලිස් හයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම baiscopelkවෙබ් අඩවියේ විතානගේ ප්‍රියන්ත දයාකීර්ති විසිනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම पत्थर के सनम (N/A)
IMDb 6.5 /10 161 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Raja Nawathe
Director

Cast

Mumtaz isMeena
Meena
Pran isLala Bhagat Ram
Lala Bhagat Ram
Mehmood isHaria
Haria

Similar titles

Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heads & Tales (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Kitchen (2021) Sinhala Subtitles
Invasion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sadece Sen  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snakehead (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naalam Mura (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joker: Folie à Deux (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhool Bhulaiyaa (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extraction (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jagga Jasoos (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published