
මේ චිත්‍රපටියේ ට්‍රේලර් එක බලලා කම්පනයට පත්වුණු අය, ඇඟ සීතල වෙලා ගිය අය බොහොමයි… මට වුණත් ඒ ට්‍රේලර් එක ආයේ ආයේ බලන්න නම් හිත දුන්නේ නැහැ… මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා කියලා හැමෝම හිතින් ප්‍රාර්ථනා කරන්න ඇති… අනික වැදගත්ම කාරණාව තමා මේක මුම්බායිවල නිවාස සංකීර්ණයක සිදුවුණු සත්‍ය කතාවක්… මොකක්ද මේ කතාව? මේ කතාවේ තනිකරම ඉන්නේ අවුරුදු දෙකක පුංචිම පුංචි හුරුබුහුටි කෙල්ලක්… මුළු චිත්‍රපටියම දුවන්නේ මේ දැරිවිගේ කරමතින්.. මේ කෙල්ලගේ කතාව තමා අපිට පෙන්වන්නේ…
තම මියගිය මවගේ නිසල දේහයත් සමඟ උඩුමහල් නිවසක තනිවන දැරිවියක්… හයක් හතරක් නොදන්නා මේ කෙළි පොඩ්ඩගේ අවට අනතුරු දායක දේවල් බොහොමයි.. මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන ඔබව කම්පනයට පත් කරවයි.. අනේ අපොයි කියලා ඔලුවට අත තියාගනියි.. මේ විනාඩි අනූවකට කිට්ටු කාලට ඔබේ හුස්ම හිරකරවන්න තරම් සමත් වේවි. ඒත් චිත්‍රපටය අවසන් වනතුරුම නරඹන්න… මේ කෙලි පටික්කිට මොකද වෙන්නේ කියලා බලන්න.. මේ කෙල්ලගේ රංගනය ඔබව විස්මයට පත්කරාවි… වාර්තා වන අන්දමට මේ අවුරුදු දෙකේ කෙල්ල ගිනස් වාර්තා පොතටත් ගිහින් අවසානයි.. ඒ චිත්‍රපටයක ප්‍රධාන චරිතය හොබවන වයස අඩුම නිළිය ලෙසින්.
විනෝද් කප්‍රි නැමති සිනමාවේදියාගේ දෙවන අධ්‍යක්ෂණය මේ චිත්‍රපටයයි, RSVP විසින් ඔබ වෙත ගෙන එන මේ චිත්‍රපටය සිද්දාර්ත් රෝයි කපූර් සහ රොනීගේ නිෂ්පාදනයක්.. ගියවසරේ නොවැම්බර් දහසය වනදා සිට තිරගතවුණු මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබන්නට සමත් වුනා… IMDB දර්ශකයේ 6.6ක අගයක් ලබාගෙන තියෙනවා…
එහෙනම් මේ පීහූගේ කතාව බලන්න, උපසිරැසිය බාගෙන යනගමන් අදහසකුත් පළ කරගෙන යන්න… එහෙනම් තව අවුරුදු තුනකින් විතර මුණ ගැහෙමු…
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 309.63 MB | Hindi | |
WEBDL HD 720p | 587.57 MB | Hindi | |
WEBDL FHD 1080p | 1.12 GB | Hindi |