CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Polar Bear (2022) | හිම වලසෙකුගේ ජීවිත කතාවක්

අපි බලමු මේ චිත්‍රපටය ගැන. අපි මේ වැඩසටහනින් බලන්නේ Polar Bear කෙනෙක් ගැන. සිංහලෙන් කියනවනම් හිම වලහෙක් ගැන. ඉතින් කවුද හිම වලසා කියන්නේ? ඇත්තටම ඒ ගැන නම් මම විස්තර කරන්න යන්නෙ නැහැ, නමුත් ඒ ගැන වටිනා විස්තරාත්මක ලිපියක් විකිපීඩියා එකේ දැනටම තියෙනව. ඉතින් මෙතනට ගියොත් ඒ ලිපිය ඔයාලට කියවන්න හැකියාව තියෙනව.

ඇයගේ ජීවිතයේ කුඩා කාලයේ ඉඳලා වැඩිහිටියෙක් බවට පත් වන තුරු සිදු වීම් මාලාව, ආක්ටික් ප්‍රදේශයේ දිවි ගෙවන විටත්, අධිකතර දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වන ඍතු සමයන් පසු කරගෙන යාමේදී ජීවිතයේ ඇයට මුහුණ දෙන්න වන අභියෝග වගේම දිවි ගලවාගෙන ඇය මේ කටුක සටන ජය ලබා සාර්ථකත්වය ලබා ගනීවිද නැද්ද කියන එක තමයි ඔයාලට මේ ලස්සන වැඩසටහන තුළින් දැකගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් භුක්ති වින්දා මේක. ඔයාලත් සතුන් පිළිබඳ වාර්තා චිත්‍රපටවලට කැමතිනම් අනිවාරෙන් බලන්න කියලා ආරධනා කරනවා.

Comments