CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Poltergeist (1982) | ආලෝකය සොයන ආත්මයන්.

මේ 1982දි තිරගත වෙච්ච Poltergeist චිත්‍රපට මාලාවේ ප්‍රථම චිත්‍රපටයයි. මේ චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටියත් මේකම තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් කියන ලෝ ප්‍රකට අධ්‍යක්ෂකවරයා විසින්. IMDB අගය 7.1ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ටිකක් පරණ වුනත් හොඳ තත්වයේ VFX හා CGI පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ලෝකයේ බොහෝ කතාබහට ළක් වෙච්ච චිත්‍රපටියක්. ඒකට හේතුව තමයි චිත්‍රපටිය නිර්මාණය වීමෙන් පස්සේ චිත්‍රපටියේ කලාකරුවන්ට හා කාර්‍ය මණ්ඩලයට ශාපයක් වැදුනයි කියන කතාව. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන්ගෙන් 3 දෙනෙක්ම මේ චිත්‍රපට මාලාවෙ චිත්‍රපට රූගත කිරීමෙන් පස්සේ හෘද්‍යාබාධා හා ඝාතන වලට ළක් වෙලා තියෙනවා.

ඒ චිත්‍රපටියේ එක්තරා දර්ශනයකට අදාල රූගත කිරීමකදි මේ චිත්‍රපටයේ විකට බෝනික්කා ප්‍රෝගෑම් කල ප්‍රමාණයටත් වඩා සක්‍රීය වෙලා දර්ශනයට අදාල දරුවගෙ බෙල්ල තදින් මිරිකීමකට ළක් කරලත් තියෙනවා. මේ සේරටම හේතුව චිත්‍රපටියට පාවිච්චි කරපු සත්‍ය මිනිස් ඇට සැකිලි නිසා කියලයි මත පල වෙන්නේ.

කතාවට හැරුණොත් (Spoiler Alert): එක්තරා පවුලක් පදිංචියකට අළුත් ගෙදරකට යනවා. ඒ ගෙදරට ගියපුවම මෙයාලට අමුතු සිදුවීම් වලට මූණ දෙන්න වෙනවා. ඒවා පටන් ගන්නේ මේ ගෙදර පොඩි දුව වෙන කැරොලෑන්ට ටී.වී එකෙන් ඇහෙන කතා කරන සද්ද වලින්. කතාව ගැන එතනින් එහා කියන්න අවශ්‍ය නෑ. Poltergeist කියන්නෙ මොකක්ද කියලා සරලව පැහැදිලි කරන්නම්. ගෙදරක පිඟන් බඩු, ඇඳුම්, ජනෙල්, දොරවල් ආදී හැම වස්තුවක්ම ජීවත් වෙන අයෙක්ගෙ බලපෑමක් නැතුව, චලනය වෙන විවිධ සිද්දි වලට වග කියන්න ඕනෙ මෙන්න මේ Poltergeist කියන අවතාර තමයි. ඒ වගේම මෙයාලා අඳුර මානයක ඉඳලා ආලෝකයට ගමන් කරන්න හදන කට්ටියක්. ඒ ගැන තව විස්තර චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

එතකොට “බිලොකේෂන්” කියන්නෙ මොකක්ද කියලත් යන්තම් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ යම් ස්ථානයක ඇති සමාන්තර මානයන් දෙකක් අතර ඇති ඉඩ ප්‍රමාණයයි. ඒ මානයන් දෙකේ දොරටු පිහිටලා තියෙන්නෙත් බොහොම ළඟ පාතින්මයි. මේක විද්‍යාත්මකව හරියටම තහවුරු කරපු දෙයක් නෙවෙයි. චිත්‍රපටය එක් අවස්ථාවක මේ ගැන සඳහන් වෙන නිසයි පැහැදිලි කරේ. කතාව බලන්න කියලත් ආරාධනා කරනවා එහෙනම්.🤘

Comments

October 30, 2024

❤️👍