CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pookkaalam (2023) Sinhala Subtitles | මල් සිත්තම

පූක්කාලම් 2023 අප්‍රේල් මස නිකුත් වූ IMDb 7.4 ක අගයක් ලබාගත් සුපිරි කොමඩි චිත්‍රපටියක්.

මලයාලමුන්ට විශිෂ්ඨ කෘතියක් බිහි කරන්නට ඉතා සුළු සිද්ධියක් ඇති. අවුරුදු 100ක ආසන්න වයසක යුවලකගේ අවුරුදු 80කට ආසන්න විවාහ ජීවිතයක් ඉතා පරණ කොළ කැබැල්ලක් නිසා දෙදරා යන්න ඔන්න මෙන්න.හිතන්න ඒ තරම් කාලයක් හිටපු දෙන්නෙක්ගෙ දරු මුණුබුරෝ කොච්චර ඇත්ද?ඔව් ඒ විශාල පරම්පරාව තුලම මේක විශාල කැළඹීමක් හා ජීවිත වලට විශාල බලපෑමක්.

ඔවුන් ඊට මුහුණ දෙන්නෙ කොහොමද? ආදරය ගැන අමුතුම පණිවිඩයක් දෙන වේගයෙන් ගලා යන අමුතුම කොමඩියක් මේක.

ආනන්දම් අධ්‍යක්ෂක ගනේෂ් රාජ් ගේ ඊ ළඟ චිත්‍ර පටිය මේක. වයසක යුවල ලෙස විජයරාඝවන් හා කේ පී ඒ සී ලීලා ඉතා විශිෂ්ඨ රඟපෑමක් යෙදෙද්දී බැසිල් ජෝශප්,විනීත් ශ්‍රීනිවාසන්,රොශාන් මැතිව්,අනු ඇන්තනි ඇතුළු විශාල නළු නිළි කැලක් මෙහි රඟපානවා.මෙහි විජයරාඝවන්ට කරපු වේශ නිරූපණය බලන්න.

Comments