
මේ පාරත් මේ පැත්තට ගොඩවුණා අළුත් චිත්‍රපටයක් අරගෙන, සුපුරුදු පරිදි මේ චිත්‍රපටයත් හින්දි එකක්, නම Qala, පහුගිය දෙසැම්බර් පළවෙනිදා තමා මේක නෙට්ෆ්ලික්ස් ඔස්සේ මුදාහැරුණේ.
ක්වාලා නැත්තම් කලා, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අන්විතා දත් විසින්. ඇය පද රචිකාවක් වගේම චිත්‍රපට තිර රචිකාවක් ද වෙනවා, ඇය මීට පෙර Bulbul චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. එතකොට නිෂ්පාදනයෙන් ජනප්‍රිය නිලි අනුෂ්කා ෂර්මා දායක වෙනවා, ඒ වගේම ඇය මෙහි ගීතයක් සඳහා රංගනයෙන් ද දායක වෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන කලා සඳහා රංගනයෙන් දායක වෙන්නේ ට්‍රිප්ති දිම්රි. ට්‍රිප්ති Bulbul, Laila Majnu වැනි චිත්‍රපටවල මීට පෙර රංගනයෙන් දායක වුණා. ට්‍රිප්ති-අන්විතා-අනුෂ්කා මේ ත්‍රිත්වයේ සුසංයෝගයෙන් බිහිවන දෙවන චිත්‍රපටය මෙයයි, මීට පෙර නෙට්ෆ්ලික්ස් ඔස්සේම මේ තිදෙනාගේ Bulbul මුදාහැරුණා. ට්‍රිප්තිට අමතරව නැසීගිය ජනප්‍රිය නළු ඉර්ෆාන් ඛාන්ගේ පුතු වූ බාබිල් ඛාන්ගේ දොරට වැඩුම හෙවත් සිනමාවට හඳුන්වාදීම සිදු වෙන්නේ මේ චිත්‍රපටයෙන්. ස්වස්තිකා මුඛර්ජීද මෙහි රංගනයෙන් දායක වෙනවා.
මේක 1930/1940 වගේ කාලයට අයත් කතාවක් තමා මේක. කලා කියන්නේ ජනප්‍රිය වගේම දක්ෂ ගායිකාවක්, නමුත් ඇගේ හිතේ යටගියාවේ එක් පසුතැවීමක් පසුපස එනවා, මොන තරම් සැප සම්පත් වර්තමානයේ වින්දත් අතීතයේ ඇය සිදුකළ වරදක් ඇගේ පසුපස එනවා. මේක හරි ගුප්ත දරුණු කතාවක්, ඒත් සංගීතයත් එක්ක මේක හරි සුමටව ගලාගෙන යනවා, කැමරාකරණය, වර්ණ ගැලපීම වගේ කාරණා මේ චිත්‍රපටය තුල විශිෂ්ට මට්ටමක තියෙනවා. ඒ වගේම අමිත් ත්‍රිවේදීගේ සංගීතය.. මේ චිත්‍රපටයේ ප්‍රධාන සාධකයක් වෙනවා.
IMDb දර්ශකයේ 7.2ක අගය හිමිකරගත් මේ චිත්‍රපටය.. ශානරයන් කීපයකටම වෙන් කරන්න පුළුවන්.. මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්… වෙනස් රසයක් අපේක්ෂා කරන්නන්නට සුවිශේෂියි. එහෙනම් ගිහින් එන්නම්.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 397.28 MB | Hindi | |
WEBDL HD 720p | 765.82 MB | Hindi | |
WEBDL FHD 1080p | 1.4 GB | Hindi |