CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1791 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 16, 2018India128 Min.
Your rating: 10
10 7 votes
Raid (2018) | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..!

 

ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..?

බදු ගෙවීම පැහැර හැරියාද..?

ජනතාවගේ මුදල් සොරා ගත්තේද..?

ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..?

පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..?

වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..?

සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..?

මිදුල පුරාම සල්ලි වලලලද..?

ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..?

එහෙනම් ටිකක් ප්‍රවේශම් වෙන්න. කවදා හරි දවසක මෙහෙම වැඩකුත් වෙන්න පුලුවන්..!

අමේයි පට්නායික් කියන්නෙ 80 දශකයේ ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ වැඩ කරපු දේශපාලන පලිගැනීම් වලට නිතර ලක් වුනු නිසාම වසර හතක් ඇතුලත හතලිස් නම වරක් ස්ථාන මාරුවීම් ලැබූ බොහොම අවංක නීතිගරුක නිලධාරියෙක්. දවසක් මෙයාට මනුස්සයෙක් ෆෝන් එකෙන් කතා කරල කියනවා සීතාගර් වල තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන රාමේශ්වර් සිං ගේ ගෙදර කළු සල්ලි හංගලා තියෙනවා කියලා. ඉතින් අමේයි එයාගෙ කණ්ඩායමත් එක්ක ඒ ගෙදරට යනවා. කොච්චර හෙව්වත් මේගොල්ලන්ට මුකුත්ම ලැබෙන්නෙ නම් නෑ. ටික වෙලාවකට පස්සෙ අමේට අර ඔත්තුකාරයගෙන්ම ලියුමක් ලැබෙනවා සල්ලි හංගපු තැන් තියෙන සිතියමකුත් එක්කම.

ඔත්තුව ලැබුනු විදිහට ගෙදර හංගල තියෙන සල්ලි දවස් ගානක් පුරාවටම හොයන ආකාරය තමයි කතාව පුරාම දිවෙන්නෙ. 2018 මාර්තු මාසෙ 16 වෙනිදා තිරගත වීම ආරම්භ කල Action, Crime, Drama වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටිය 80 දශකයේ සිද්ද වුනු සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිපදවූවක්. අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Aamir (2008), No One Killed Jessica (2011) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Raj Kumar Gupta කියන අධ්‍යක්ෂකවරයා Ajay Devgan, Ileana D’Cruz, Saurabh Shukla, Saanand Verma, Sulagna Panigrahi ප්‍රධාන චරිත නිරූපනය කරනවා.

ආදායම් වාර්තා අතරින් පලමු වන දින කෝටි 10.04 ක ආදායමක් ලබනවා. දෙවෙනි දිනයේ කෝටි 23.90 ක ආදායම් ලබා ගන්නවා. දැනට ආදායම කෝටි 142.51 ක් ලෙසට සටහන් වෙනවා. මේ චිත්‍රපටිය විචාරකයින්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුනා.

සංගීත අධ්‍යක්ශනය Tanishk Bagchi සහ Amit Trivedi ගෙන්. ගීත රචනය Manoj Muntashir ගෙන්. ලස්සන සිංදු හතරකුත් මේ චිත්‍රපටියෙ තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දහරා මුතු අමා (Baiscopelk)
IMDb 7.4 /10 19,998 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ajay Devgn isAmay Patnayak
Amay Patnayak
Saurabh Shukla isRameshwar
Rameshwar "Rajaji" Singh a.k.a "Tauji"
Ileana D'Cruz isMalini Patnayak
Malini Patnayak
Gayathri Iyer isMukta Yadav
Mukta Yadav
Sheeba Chaddha isPrabha Devi
Prabha Devi
Amit Sial isLallan Sudheer
Lallan Sudheer
Saanand Verma isSuraj Singh
Suraj Singh

Similar titles

Batman: The Killing Joke (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
JUNG_E (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jasper (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rockstar (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghani (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Boy (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karthikeya 2 (2022) Sinhala Subtitles
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irupathiyonnaam Noottaandu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dog Gone (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Livon April 1, 2025 Reply

    Tiyaan 2017 movie eka karanna ko

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published