CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2076 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2000United States102 Min.
Your rating: 0
10 6 votes
Requiem for a Dream (2000) | හඹා යන්න ඒ සිහිනය පසුපස….

IMDb වර්ගීකරනයට අනුව 8.4/10 ලබා ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 78 වන ස්ථානයේ වැජඹෙන rotten Tomatoes වර්ගීකරනයේ 78% ක් ලබාගත් ලොව පුරා සම්මාන උලෙළවල් වලදී සම්මාන 33ක් දිනා ගත් නිර්දේශවීම් 62 කට හිමිකම් කියන මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස් කුමට?

Darren Aronofsky අධ්‍යක්ෂණය කරපු මේ සිනමා සිත්තමට පාදකවෙන්නේ Hubert Selby Jr විසින් රචනා කරපු Requiem For a Dream කියන ජනප්‍රිය නවකතාවයි. ඇකඩමි සම්මාන ඇතුලු ලොව පුරා සම්මාන උළෙලවල් රැසකින් ඇගයීමට ලක්වුන මේ සිනමා සිත්තමට IMDB දර්ශකයේ 8.4 වැනි ඉහල අගයක් ලැබී තිබෙනවා. හැරී කියන චරිතය වටා මේ කතාව කේන්ද්‍ර වුනත් සරා ගෝල්ඩ්ෆාබ් කියන චරිතය නිරූපණය කරන Ellen Burstyn පුදුම රංගන කුසලතාවක් පෙන්වනවා. මේ නිසාම ඇයට මේ චරිතය වෙනුවෙන් සම්මාන රැසක් හිමිවෙලා තියනවා. ඒ වගේම ඔස්කාර් සම්මාන උළෙලේදී ඇය හොදම සහාය නිලියට හිමි සම්මානයටත් නිර්දේශ වෙනවා. මුලදි මේ චරිතය භාරගන්න අකමැති වුනත් Darren Aronofsky ගේ Pi කියන චිත්රපටය ගැන දැනගත්තම තමයි ඇය මේ වෙනුවෙන් දායකත්වය ලබාදෙන්න තීරණය කරලා තියෙන්නේ.

මේ සිනමා සිත්තම සුවිශේෂි වන අනෙක් කාරණය තමයි සංස්කරණය සහ සංගීතය. සිනමාව කියන මාධ්‍ය අපූරු භාවිතාවක් බව පෙන්වන්න මේ සංස්කරණ හැකියාව හොද සාක්කියක්. මොකද සාමාන්‍ය චිත්‍රපටියක ජවනිකා (Scenes) 600ක් 700ක් භාවිතා වුනත් විනාඩි 102 ධාවනය වන මේ චිත්‍රපටියට ජවනිකා 2000 ක් විතර අඩංගුයි. ඒ වගේමයි පසුබිම් සංගීතය. කතාවට වගේම බලන අපිටත් අපූරු ජවයක් එන මේ පසුබිම් සංගීතය නම් ඔබ අහලත් ඇති. මොකද ඒක ඒ තරමටම ජනප්‍රියයි.

ඔබත් මමත් අපි හැමෝමත් ජීවිතේ ගැන විවිධාකාරයේ හීන දකිනවා. ඒ වගේම ඒ දකින හීන හැබෑ කර ගන්න, ඒ හීන පිටිපස්සෙ අපි හඹා යනවා. ඒත් ඒ හීන හැබෑ කර ගන්නකොට අපිට ජීවිතේ මොනතරම් නම් දේවල් මග ඇරෙන්න ඇද්ද? ඒ වගේම හීන පස්සෙ දුවනකොට අපි අමතක කරන දෙයක් තමයි, හීන පිටිපස්සෙ දුවලා දුවලා හති වැටුනාම නතර වෙන්න ඕනෙ කියන එක. අනිත් එක තමයි හීන හැබෑ කර ගන්න කෙටි ක්‍රමවත් හොර ක්‍රමවත් නෑ කියන එක. මේකේ කතාව ගැන මම වැඩිපුර මොනාවත් කියන්න යන්නෙ නෑ. මොකද මේක වචන වලින් කියන්න බැරි තරමටම සුපිරි සිනමා නිර්මානයක් නිසා. ලැබිලා තියන සම්මාන ගානෙම්ම හිතා ගන්න පුලුවන්නෙ මේක මොනතරම් සුපිරි කතාවක්ද කියන එක ගැන. මේ කතාවේ ප්‍රධාන චරිත 4ක් ඉන්නවා. ඒ හතර දෙනා දකින්නේ එකිනෙකාට වෙනස් හීන හතරක්. හීන පිටිපස්සේ දුවන මේ හතර දෙනාගෙ ජීවිත කතාව ඇතුලේ ඔබෙත් මගේත් ජීවිත කතාව හරි අපූරුවට ලියැවිලා තියෙනවා. ඔබත් මමත් දකින ඒ හීන වල අවසානය දැක ගන්න, ජීවිතේ ගැන විවිධාකාරයේ හීන මවන, දකින ඔබ හැම දෙනාටම ආරාධනා කරනවා.

ඔබ චිත්‍රපටි ලෝලියෙක් නම් තවමත් මේ සුපිරි සිනමා සිත්තම රසවිදලා නැත්නම් මේ තමයි ඔබට මග ඇරුන ඒ හීනෙ දැක ගන්න හොදම වෙලාව. ඒ වගේම ඔබ මේ සිනමා සිත්තම කලින් රසවිදපු කෙනෙක් නම් තවත් කෙනෙක් එක්ක ඒ රසය බෙදා ගන්න පහලින් අදහසක් දක්වලා යන්න.

” හඹා යන්න ඒ සිහිනය පසුපස
එපා නතර වෙන්න දිනා ගන්න එය
නමුත් දෙපා රිදෙන විට හති වැටෙන විට
මග නතර වෙන්න මතක තියා ගන්න “

Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Requiem for a Dream (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත මධුෂාන් (Baiscopelk)
IMDb 8.3 /10 895,722 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ellen Burstyn isSara Goldfarb
Sara Goldfarb
Jared Leto isHarry Goldfarb
Harry Goldfarb
Jennifer Connelly isMarion Silver
Marion Silver
Marlon Wayans isTyrone C. Love
Tyrone C. Love
Sean Gullette isArnold the Shrink
Arnold the Shrink
Mark Margolis isMr. Rabinowitz
Mr. Rabinowitz

Similar titles

Vinodhaya Sitham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Interrogation (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Wall (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Circle (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Into the Spider-Verse (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Settlers (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Kid Who Would Be King (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bruce Lee – The Fighter (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Believer (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published