CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Hélène Irdor, Katey Lee Carson, Rickie-Lee Roberts, Thomas Vincent
Cast
Go Full Cast PageRole Play (2023) | සිංහල උපසිරැසි සමඟ
2024 ජනවාරි 12 දින නිකුත්වුනු තවත් නවතම ඇමරිකන් සලරුවකට තමයි මේ උපසිරැසිය අරන් එන්නෙ. ඒ තමයි Action, Thriller, Comedy, Romance වර්ගයේ ෆිලුමක් වන Role Play. ධාවන කාලය විනාඩි 101 යි. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Thomas Vincent ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Kaley Cuoco ( එමා ), David Oyelowo ( ඩේව් ), Bill Nighy ( බොබ් ) සහ Connie Nielsen ( කාවර් ).
කතාව කෙටියෙන් කිව්වොත් එමා සහ ඩේව් , තම දරුවන් දෙන්නා සමග ලස්සන පවුල් ජීවිතයක් ගත කරන දෙන්නෙක්. නමුත් මේ එමා මහාද්වීප කීපයකින්ම හොයමින් ඉන්න දරුනු කුලී ඝාතකයෙක් වන ඇනා පෙලර්. ඔවුන් විවාහ වෙලා හත්වන සංවත්සරයට මෙයාල පොඩි සෙල්ලමක් කරනවා. දෙන්නා කතාවෙනවා ලොකු හෝටලයකදි, නොහඳුනන දෙන්නෙක් මුල් වරට මුනගැහෙනවා වගේ රඟපාන්න. ඒකත් වෙනත් නම් වලින්. නමුත් අවාසනාවට හෝටලේ සිටි තවත් කුලී ඝාතකයෙක් ඇයව හඳුනාගැනීම නිසා ඇයට සිද්ධවෙනවා ඔහුව මරන්න. මේ සිද්ධියෙන් සැගවිලා සිටි ඇයව නිරාවරණය වෙනවා. ඒ එක්කම පොලීසියයි, ඇය කලින් වැඩ කල සොවේරීන් නම් සංවිධානයයි ඇය සහ ඇගේ පවුල පස්සෙ වැටෙනවා. මේ ඇත්ත දැනගත්තම ඩේව් මොනා කරයිද? ඇය තම පවුල රැකගන්න මොනා කරයිද?
මේකෙ සිපගැනීම් ඇරුනම වෙන 18+ සීන් නම් නෑ.








