CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3282 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2023India156 Min.
Your rating: 0
7.6 18 votes
Rules Ranjann (2023) | නුඹයි මගේ හුරතලී

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 06 වෙනිදා නිකුත් වෙච්ච මේ තෙළිගු ෆිලුම අයත් වෙන්නෙ Romantic / Comedy කියන Category එකට.. එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නේ කියන Rathinam Krishna කියන අධ්‍යක්ෂකවරයා විසින්..එතකොට මේකෙ ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Kiran Abbavaram කියන තෙළිගු නළුවා විසින්.. මේක මෙයාගේ මේ අවුරුද්දේ ආපු තුන්වනි ෆිල්ම් එක..

රංගනය පැත්ත ගැන කියනවා නම් Rom-Com නිසා ඉතින් රංගනය නම් නෝමල් ඉතින්.. ඔයාලම බලලා තීරණය කරන්නකෝ.. එතකොට ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ මගේ ක්‍රෂ් එකක්..ගොඩක් අයගේත් ක්‍රෂ් එකක්.. ඒ වෙන කවුරුත් නෙවෙයි ගොඩක් අය DJ Tillu ෆිල්ම් එක හරහා අදුරගත්ත Neha Shetty..ඇත්තටම මට නම් DJ Tillu ෆිලුමත් එක්ක බලද්දී මේකෙ මෙයාගේ රංගනය ගොඩක් නම් මදි..

අනික Screen Time උනත් මෙයාට වෙන්වෙලා තිබ්බ මදි.. ඊළගට තෙළිගු කොමඩි කිව්වොත් අපිට මතක් වෙන එකම නම Vennela Kishore නේ.. එයත් මේකෙ ආතල් Character එකක් කරනව..ඇත්තටම කිව්වොත් නේහාට වඩා ක්‍රිෂෝර්ට වැඩි ඉඩක් ෆිලුමේ දීලා තියෙනවා වගේ එකක් මට නම් දැනුනා.. අන්තිම ටිකේ මං කල්පනා කරේ මේකෙ Main Character එක කිෂෝර් ද කියල, කන්ෆියුස් උනා..කොහොමින් කොහොමින් හරි ඔලුවට ලොකු බරක් නැති කේක් වගේ ෆිලුමක් මේක..අනිවාර්යෙන්ම බලන්න ලස්සන ෆිල්ම් එකක් ❤️

Cast
Kiran Abbavaram as Manoranjan (Ranjan)
Neha Shetty as Sana
Meher Chahal as Swapna
Vennela Kishore as Kamesh
Subbaraju as Sana’s brother
Hyper Aadhi
Harsha Chemudu
Annu Kapoor

විස්තරේ පොඩ්ඩක් කියන්නම්කො

මනෝරන්ජන් කියන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්.. මෙයා වැඩ කරන්නේ මුම්බයි වල.. මෙයා වැඩ කරන තැන කට්ටිය මෙයාට කියන්නේ රූල්ස් රන්ජන් කියලා..ඒකට හේතුව තමයි පොරගේ දඩ නීති.. ඔෆිස් එකේ බොසාටත් මේ නීති අදාලයි.. උදාහරණයක් විදිහට ගත්තොත් 8 වෙනකොට ඔෆිස් එකට එන්න ඕන්නම් හැමෝම ඊට කලින් එන්න ඕන..

ඔහොම නීති දාගෙන කෙල්ලෙක් වත් නැතුව පොර වේලි වේලි ඉද්දි හදිස්සියේ පොරට, අවුරුදු 4කට කලින් කොලේජ් කාලේ ලව් කරපු “සනා” කියන කෙල්ලව සෙට් වෙනවා..ඇත්තටම කියනවා නම් කොලේජ් කාලේ මෑන් one side ලව් එකක් තමයි කරල තියෙන්නේ.. කෙල්ල දන්නෙත් නෑ.. හැබැයි ඉක්මනට කෙල්ලව ෆිට් කරගෙන දවසක් කෙල්ලත් එක්ක ගත කරනව පොර..ඔහොම ඉදල අන්තිමට කෙල්ල ගෙදර යද්දී නම්බර් එක ඉල්ලගන්න බැරි වෙනවා කොල්ලට.. කෙල්ල ගියාට පස්සේ තමයි කොල්ලට අප්සට් යන්නෙ..

ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.. ඉතුරු ටික ඔයාලටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනව..

Rules Ranjann (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 7.4 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

365 Days: This Day (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trauma (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper. The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Garfield’s Pet Force (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seire (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Burning Sea (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bunker (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published