CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2715 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Saathiya (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Saathiya (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 20, 2002India143 Min.
Your rating: 0
7.8 4 votes
Saathiya (2002) | මෙහෙමත් ආදරයක්…

සල්ලිකාර අධිනීතීඥයෙක්ගේ පුත්‍ර රත්නයක් වන ආදිත්‍ය (ආදී) පෙමින් වෙලෙනවා මධ්‍යම පාන්තික අහිංසක, ඒත් ටිකක් විතර කට හැකර සුන්දර ගෑනු ළමයෙක් සමඟ. ඇය නමින් සුහානි. සුහානිට ආදරේ කියන දේ ගැන වැඩි විශ්වාසයක් නැහැ. එයාගේ මූලික අරමුණ වෙන්නේ, තමන්ගේ තාත්තා මහන්සියෙන් හම්බ කරලා තමන්ගේ අධ්‍යාපනයට වෙනුවෙන් කරන වියදම් වල, ප්‍රතිඵලය ලෙස දක්ෂ වෛද්‍යවරියක් වීමයි. ඒත් ඉතින් වෙලාවත් හොඳ වෙන්න එපැයි. තාත්තගේ සල්ලි වලින් පිස්සු නටන ආදී මේ කෙල්ල පස්සෙන් එන්න ගන්නවා. නරක අරමුණකින් නම් නෙවෙයි. හැබැයි තමන් සුහානිට ආදරේ කරනවා කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. කොහොමින් කොහොමින් හරි, ආදී සුහානිගේ සෘජු කැමැත්තකින් තොරවම තමන්ගේ දෙමාපියන්ව යවනවා, සුහානිගේ දෙමාපියන්ව මුණගැහිලා එයාලගේ කසාදය ගැන කථා කරගන්න. වැඩේ කියන්නේ එතනදි ඇතිවෙන පන්ති ප්‍රාන්තර බහින්බස් වීමක් නිසා දෙපාර්ශවයේම දෙමාපියන් විරසක වෙනවා. කොහොමත් මේක සුහානි නම් එතරම් ගැටලුවක් කරගන්නේ නැහැ. ඒත් ආදී ඒ ගැන ප්‍රශ්න කරන නිසා සුහානි කියනවා, මට ඔයා නිසා මගේ අම්මා, තාත්තා අතාරින්න බැහැ කියලා. නියම ටෝකක් නේද… ඇත්තටම මටත් එහෙම හිතුණා.. දෙන්නා වෙන් වෙනවා. ඒත් කාලයත් එක්කම සුහානිගේ හිතෙත් ආදී ගැන මතකයන් අවදි වෙලා ආදරය අලුතින් දලුලනවා. වෛද්‍ය කඳවුරකට නගරයෙන් පිටතට ගොස් සිටින සුහානිව සොයාගෙන ආදී යනවා. දෙන්නා නැවතත් එකතු වෙනවා.. මෙයාලා තමන්ගේ ගෙවල් වලට හොරෙන් විවාහ වෙලා, තම තමන්ගේ ගෙවල් වලම ජීවත් වෙනවා. නමුත් මෙයාලගේ රහස එක මොහොතක එළි වෙනවා.. ඒ කොයි වෙලාවෙද කියලා මම කියන්නේ නැහැ. ඔයාලම බලන්න. මේක නිකම්ම ආදර කතාවකට එහා ගිය සරල ඒත් ගැඹුරක් තියෙන නිර්මාණයක්.

චිත්‍රපටයේ පසුබිම ගැන කථා කළොත්, 2002 දෙසැම්බර් 20 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Shaad Ali ගෙනි. කතාව සහ තිර රචනය අප කවුරුත් දන්නා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක මනිරත්නම්ගෙනි. ඇත්තෙන්ම මේ චිත්‍රපටය මනිරත්නම් අධ්‍යක්ෂණය කළ Alaipayuthey නම් චිත්‍රපටයේ නැවත නිර්මාණයක්. මේ චිත්‍රපට දෙකටම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වි තිබෙන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ඒ.ආර්.රහුමාන්. ඔයාලට මේ චිත්‍රපටය තුළින් ඔහුගේ දක්ෂතාවය මැනවින් පිළිඹිබු වන විවිධාකාරයේ ගීත 5 ක් පමණ උපසිරසි සහිතවම රසවිඳින්න පුළුවන්. යෂ්රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් ලෙස තිරගත වුණු මේ නිර්මාණය සඳහා නිෂ්පාදකවරුන් සිව් දෙනෙකුගේ දායකත්වය ලැබිලා තියෙනවා. ඔවුන් බොබී බේඩි, මනිරත්නම්, යෂ් චොප්රා හා ආදිත්‍ය චොප්රායි. ආදිත්‍යගේ චරිතයට පණ පොවන්නේ පෞද්ගලිකව මගේ ප්‍රියතම චරිතයක් වන විවේක් ඔබරෝයි. ඒ වගේම සුහානිගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ, රාණි මුඛර්ජී. ඇත්තම කීවොත් මේ චිත්‍රපටයේ රාණී මුඛර්ජිගේ රංගනය නම් අති විශිෂ්ටයි. ඒ ඇයි කියලා ඔයාලම බලන්න එහෙනම්. Critics Best Actress(රාණී මුඛර්ජි), Best Music Director(ඒ.ආර්.රහුමාන්), ආදී Filmfare සම්මාන හයකට පාත්‍ර වුණු මේ චිත්‍රපටය, තවත් සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියනවා. කියන්න අමතක වුනානේ, චිත්‍රපටයේ අවසාන මිනිත්තු 15 ක පමණ කාලයේදී රංගනයෙන් දායක වනවා, බොලිවුඩ් සුපිරි නළු ෂාරූක් ඛාන්, ප්‍රවීණ නිළි තාබූ සමගින්.

Saathiya (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ සහ ඉමේෂ් ශානක (Baiscopelk)
IMDb 6.8 /10 7,357 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Shaad Ali
Director

Cast

Rani Mukerji isSuhani Sharma Sehgal
Suhani Sharma Sehgal
Vivek Oberoi isAditya Sehgal
Aditya Sehgal
Tanuja isShobhana Sharma
Shobhana Sharma
Satish Shah isOm Sehgal
Om Sehgal
Sharat Saxena isChandraprakash Sharma
Chandraprakash Sharma
Shah Rukh Khan isYeshwant Rao
Yeshwant Rao
Tabu isSavitri Rao
Savitri Rao
Sandhya Mridul isDina Sharma
Dina Sharma

Similar titles

Gladiator (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr and Mrs Bachelor (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arrambam (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
Parandhu Po (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miraculous: Ladybug & Cat Noir, The Movie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dry (2020) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published