CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2818 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sachein (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sachein (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2005India160 Min.
Your rating: 0
10 3 votes
Sachein (2005) | අහංකාර ප්‍රේමය…

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, දෙබස් සහ තිර රචනය කරල තියෙන්නෙ ජෝන් මහේන්ද්‍රන් විසින්. සුපිරි නළු “විජේ” සමඟ සුපිරි නිළි “ජෙනීලියා” තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ. සෙසු චරිත සඳහා “බිපාෂා බාසු”, “සන්තානම්” සහ “වදිවේලු” රංඟනයෙන් දායක වෙනවා. ඒ කියන්නෙ සුපිරිම නළු නිලි සෙට් එකක් තමයි ඉන්නෙ.

මට මතකයි බොහොම ඉස්සර දවසක මේ චිත්‍රපටය ටීවී එකේ ගියා. හරිම ලස්සන ආදර කතාවක් තමයි මේ චිත්‍රපටය පුරාම දිවෙන්නෙ. මම හුඟක්ම කැමති චිත්‍රපටයක් නිසා අද වගේ විශේෂ දවසක මම මේ දමිළ ආදර කතාව සිංහල උපසිරැසි සමඟ ඔයාලට දෙන්න ඕනෙ කියල තීරණය කරා. ආදරය කියන්නෙ තරුණ පරම්පරාව අතර බොහොම සුලභව ගැවසෙන දෙයක්නෙ. සමහරුන්ට නම් වහ කදුරු වගේ ඇති. ඒවට ඉතින් සාදාරණ හේතුත් ඇති. හැමදේකම දෙපැත්තක් තියනවනෙ. කෝකටත් හැමදෙනාම චිත්‍රපටයේ දිවෙන කතාව ගැන කෙටි අදහසක් ගන්න මේ ටික කියවල බලන්නකො.

සචින් තමන්ට හිමි ගමන්වාරය පැමිණෙන තෙක් ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ රැඳී සිටිනවා. තමන්ගෙ අධ්‍යාපන ජීවිතේ හමාර කරල ගෙදර යන්න තමයි එයා ඉන්නෙ. මේ අතරෙදි එයා දකිනව තරුණ ආදරවන්තයින් යුවලක්. එතකොට එයාට මතක් වෙනව තමන් කැම්පස් එකේ ගත කරපු ජීවිතය ගැන.. ඊට පස්සෙ දිගටම පෙන්නන්නෙ කැම්පස් එකේ සිද්ද වුනු සිදුවීම්. මේ කැම්පස් එකේ ඉන්නව “ශාලිනී” කියල ගෑණු ළමයෙක්. එයා තමයි කැම්පස් එකේ ඉන්න කොල්ලන්ගෙ සිහින කුමරිය. හරිම අහංකාර, ඉක්මනින් කේන්ති යන කෙල්ලෙක්.. මෙයාගෙ ලස්සන නිසා හැමෝම ට්‍රයි කරන්නෙ ශාලිනීව එක්ක යාලු වෙන්න. එක එක අය තමන්ගෙ ආදරේ විවිධ ක්‍රම මගින් ශාලිනීට ඔප්පු කරල පෙන්නන්න හදනව. මේ අතරෙදි තමයි සචින් මේ කොලේජ් එකට එන්නෙ. සචින් කියන්නෙ බොහොම අවංක, නිහතමානී, හොරබොරු වංචා නැති, කෙලින් කතා කරන, නිතරම හිනා වෙලා විනෝදෙන් ඉන්න කොල්ලෙක්. ශාලිනීව දැකපු පළවෙනි දවසෙම සචින් ශාලිනීට ආදරේ කරන්න පටන් ගන්නව. ඒත් ශාලිනී සචින්ට ආදරේ කරන්නෙ නෑ. මොකද දැකපු ගමන් ඇති වන ආදරය ශාලිනී විශ්වාස කරන්නෑ. එයා කියන්නෙ එහෙම ඇතිවන ආදරයත් තාවකාලිකයි කියල. ඒත් සචින්ට ලොකු විශ්වාසයක් තියනව ශාලිනී කවද හරි තමන්ට ආදරේ කරනව කියල.

ඕක තමයි චිත්‍රපටයේ ආරම්භය.. ඊට පස්සෙ තව හුඟක් සිදුවීම් සිදු වෙනව. කතාව වෙනම පැත්තකට හැරෙනව. මේ චිත්‍රපටියෙ කතාවෙ ලස්සන තවත් වැඩිවෙන්නෙ ඒකෙ තියන දෙබස් වලින්. ඒ නිසා සිංහලට පරිවර්තනය කිරීමේදී එහි රසය උපරිමයෙන් ලැබෙන විදියට පරිවර්තනය කරන්න තමයි උත්සහ කරේ. එහෙනම් ඔයාලම බලන්නකො මේ දෙන්නගෙ ආදරයට මොනවගේ දෙයක් වෙයිද කියල..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල Kd සිල්වා (Baiscopelk)
IMDb 7.4 /10 6,515 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vijay isSachin
Sachin
Vadivelu isAyyasamy (Arnold)
Ayyasamy (Arnold)
Raghuvaran isGowtham
Gowtham
Santhanam isSanthanam
Santhanam
Chaams isAyyasamy's Friend
Ayyasamy's Friend
Thalaivasal Vijay isPreethi's Father
Preethi's Father
Mohan Sharma isShalini's Father
Shalini's Father

Similar titles

Enjoy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Pichaikkaran (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raththam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
She’s Out of My League (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Two Worlds (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dunkirk (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mission Raniganj (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published