CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sapta Sagaradaache Ello – Side A (2023) | නිහඬ සාගරේ.. අපි දෙන්නා

ඉතින් නම දැක්ක ගමන් දන්නවනේ චිත්‍රපටිය මොකක්ද කියලා. කන්නාඩ සිනමාවෙන් බිහි වෙච්ච තවත් එක මැණිකක්. අනිත් ඉන්දියන් චිත්‍රපට එක්ක බලද්දී සාපේක්ෂව මේ දවස් ටිකේ කන්නාඩ සිනමාවෙන් හොඳ හොඳ නිර්මාණ බිහිවෙනවා. ඒ අතරින් ගොඩක් කතාබහට ලක් වෙච්ච, හරි ලස්සන, සරල හිත බර කරන චිත්‍රපටිය තමා මේ, Sapta Sagaradaache Ello. චිත්‍රපටියට රංගයෙන් දායක වෙන්නේ පසුගිය වසරේ 777 Charlie එක්ක කාගෙත් හිත අවධානය පාත්‍ර වුණු Rakshit Shetty සමඟින් Rukmini Vasanth. පහුගිය සැප්තැම්බර් 1වෙනිදා තමා චිත්‍රපටය කල එලි බැස්සේ. කියන්න දෙයක් නැහැ කාගෙත් නොමද ප්‍රසාදය දිනාගන්න මේක සමත් වුණා. IMDb අගය පවා 8.6ක දැවැන්ත අගයක්. විශේෂයෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ කොඳු නාරටිය ගැන. ඒ තමා සංගීතය. පුද්ගලිකව මගේ නම් අවධානය මුලින්ම මේ චිතපටය දිනාගත්තේ එකේ සංගීතය නිසා.

විශේෂ දෙයක් කියන්න ඕන මේ චිත්‍රපටිය නියෝජනය කරන්නේ කැසට් පටයක්. කැසට් පටයක් ගත්තම එකේ පැති දෙකක් තියෙනවනේ Side A සහ Side B කියලා. ඉතින් මේ Sapta Sagaradaache Ello චිත්‍රපටියෙත් මේ විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් Side A තමා අපි දැන් බලන්න යන්නේ. එතකොට දෙවැනි කොටස බලන්න තව අවුරුදු කීපයක් එන්න වෙයිද? කොහොමත් නෑ. මේ මාසේ 27 වෙනිදට Sapta Sagaradaache Ello – Side B චිත්‍රපටිය නිකුත් වෙනවා. ඉතින් කාටවත් වැඩි කාලයක් මේ කුතුහලය තියාගෙන බලන් ඉන්න වෙන්නේ නැහැ.

එහෙනම් අනිවාර්යෙන් මේ ලස්සන ආදර කතාව බලන්න ගන්න කියලයි ඉල්ලන්නේ. පසුතැවෙන්න වෙන එකක් නම් නැහැ.

Comments

Leave a Reply to Dinuk Dilshan Cancel

October 3, 2023

Thank You Brother.side B ekath apu gmn ikmnt danna

November 19, 2023

Meka side b eka ikmanata Danna bro

November 27, 2023

Link wada na