
Sardar කියන්නෙ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 21 වෙනිදා රිලීස් උන Active, Crime Category එකට අයත් වෙන,පැය 2යි විනාඩි 43ක් පුරා දිවෙන,IMBD අගය 7.8ක් වගේ ඉහළ අගයක් අරන් තියෙන, මේ වෙද්දී කෝටි 100 බ්ලොක් බාස්ටර් අදායම ලේසියෙන්ම පන්නලා තියෙන , හැමෝම අසාවෙන් එනකම් ඇගිලි ගැනපු ටැමිල් ෆිල්ම් එකක් කිව්වොත් හරි… මොකද ඒ තරම් සුපිරි ෆිල්ම් එක..මගහැරගන්න එපා ලොකු පාඩුවක් ඇ..
ප්‍රධාන නළුවා ගැන මන් අමුතුවෙන් අටුවා ටීකා කියන්න ඕන නෑ නෙ… හැමෝම ආදරය කරන සුපිරි නළු “කාර්ති” තමයි මේකේ ඉන්නේ.. මේක එයාගේ මේ අවුරුද්දේ ආපු 3 වෙනි බ්ලොක් බ්ලාස්ටර් ෆිල්ම් එක.. මට නම් කලින් දෙකටම වැඩිය මේක හොදයි . කාර්ති සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ වැඩේට…සුපිරි ඇක්ෂන් සීන් ටිකක් තියෙනවා.. ගින්දර
මේක අධ්‍යක්ෂනය කරන්නේ P. S. Mithran කියන අධ්‍යක්ෂකවරයා.. මෙයා ගැන දන්නෙ නැත්තම් 2018 ආපු විශාල් ඉන්න Irumbu Thirai ෆිල්ම් එකයි, 2019 ආපු ශිවකාර්ති ඉන්න Hero ෆිල්ම් එකයි බලන්න.. මේ අධ්‍යක්ෂකවරයාගේ එක සුවිශේෂීත්වයක් වෙන්නෙ ප්‍රධාන චරිතයට අමතරව තවත් සුපිරි දෙවනි චරිතයක් (සුපිරි නළුවෙක්) ෆිල්ම් එකට දාන එක.. ඒ දෙවනි චරිතේ එක්කෝ විලන් වෙන්න පුළුවන්.. එක්කෝ ප්‍රධාන චරිතය සමග සම්බන්ද වෙනත් චරිතයක් වෙන්න පුළුවන්… මන් කියපු කලින් ආව ෆිල්ම් දෙකේම නම්, ඒ චරිත වලට රංගනයෙන් දායක උනේ ඇක්ෂන් කිංග් අර්ජුන් නේ .. මේකෙත් එහෙම උප ප්‍රධාන චරිතයක් තියෙනවා, හැබැයි ඉන්නේ අර්ජුන් නම් නෙවෙයි.. ඒක ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න…
එතකොට මියුසික් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න G. V. PRAKASH KUMAR.. සුපිරි මියුසික් ටිකක් තියෙනවා.. සින්දු 4කුත් එක්කම..ඒවත් Sub කරා.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය විදිහට අපිට දකින්න ලැබෙන්නේ කාගේත් ක්‍රෂ් එකක් වෙලා ඉන්න RASHI KHANNA… ලගදි ආපු Pakka Commercial එකෙනුත් අපි එයාගේ ලෝයර් වැඩ දැක්කනේ.. ඒවගේම ලෝයර් වැඩ ටිකක් මේ ෆිල්ම් එකෙනුත් බලාගන්න පුළුවන් ඔයාලට…
තව අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේකේ තවත් සුවිශේෂී නිලියක් ඉන්නවා.. එයා තමයි Laila Mehdin..අවුරුදු 15කට හෝ 16කට පමණ පසුව තමයි මැය චිත්‍රපටයක් සදහා දායකත්ව ලබා දීල තියෙන්නේ..2003 තිරගත උන Vikram – Surya ඉන්න Pithamagan ෆිලුමේ, Dil 2001 ෆිලුමේ ඉන්නෙ අන්න එයා.සර්දාර් ෆිල්ම් එකේ Main Story එකට Enter වීම සිද්ද වෙන්නෙ මේ නිළිය හරහා තමයි.. එතරම් සුවිශේෂී චරිතයක් කරන්නේ…
තව Rajisha Vijayan, Chunky Panday, Sahana Vasudevan වගේ ගොඩක් දමිළ සිනමාවේ හමුවන නළු නිලියන් රැසක් අපිට මේ ෆිලුමේ බලාගන්න පුළුවන්…
ෆිලුමේ විස්තරේ පොඩ්ඩක් කියන්නම් වැඩිය නැතුව
ඉන්ස්පෙක්ටර් විජෙයි ප්‍රකාශ් කියන්නේ තමිල්නාඩු පොලිසියේ ඉන්න ප්‍රසිද්දම පොලිස් නිලධාරියා.. පොලිසිය trending වෙන්නෙ කොතනද.. ඒක පිටිපස්සේ විජෙයි ඉන්නවා… අනික් දේ තමයි, මෙයාගේ තාත්තා දේශද්‍රෝහියා කියන ලේබල් එක අලවාගෙන හැංගිලා ඉන්න පුද්ගලයෙක්..විජෙයි මොනතරම් දේවල් පොලිසිය වෙනුවෙන් කරත් මේ දේශද්‍රෝහියෙක්ගේ පුතෙක් කියන ලේබල් එක ගලවගන්න නම් ලැබෙන්නේ නෑ…
විජෙයි පොඩි කාලේ ඉදන්ම ශාලු කියලා කෙල්ලෙක් පස්සෙනුත් යනවා එයා සෙට් කරගන්නත් try කරන ගමන් ඉන්නේ..
ඔන්න ඔහොම ඉද්දි තමයි මෙයාට, වතුර බෝතල් කරලා විකුණන සමාගමකට විරුද්දව ලොකු කැම්පේන් එකක් අරන් යන සමීරා කියන කාන්තාව උද්ගෝෂණයකදී හමුවෙන්නේ..ඔතනින් තමයි සම්පුර්ණ කේස් එකම පටන් ගන්නේ..ගොඩක් සංවේදී තැන් තියෙනවා ෆිලුමේ…බලන්නකෝ.
කව්ද මේ සමීරා කියන්නේ.. ඇයි එයා එහෙම වතුර බෝතල් සමාගම් වලට විරුද්දව ඉන්නේ…?
එතකොට මේ ෆිලුමේ විශේෂයම දේ… කව්ද මේ සර්දාර් කියන්නෙ ..
සර්දාර් ගැන මන් මොකුත්ම නොකිය ඉන්නම්.. ඒක ෆිල්ම් එක බලලම දැනගන්නකෝ…
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 790.03 MB | Tamil | |
WEBDL HD 720p | 1.45 GB | Tamil | |
WEBDL FHD 1080p | 2.56 GB | Tamil |
Film walata sub eka yellow colour ekan add karana berida
full downlod unata film eka save wenne ne fail wenawane 😪😪
anith link ekak try karala balanna link 3 k dala thiyenawane
thank you cinesubz.co