CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4901 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2023United States123 Min.
Your rating: 0
9.2 25 votes
Scream VI (2023) | වෙස් බැඳි මාරයා නැවතත් | 18+

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය බලන්න කලින් මුල් කොටස් 5 බලල නැති අය ඉන්නවා නම් එයාලා ඒවා බලලාම මේක බැලුවා නම් ගොඩක් හොඳයි කියලා. ඒකට හේතුව මේ කතා අතරේ සම්බන්ධයක් තිබීමයි. එහෙනම් පුංචි ඉඟියක් දෙන්නම් මේ කතාව ගැන.

Scream 5 වෙනි චිත්‍රපටයේ සමන්තා (Melissa Barrera) අතින් එයාගේ පෙම්වතා රිචී බල්ලෙක් වගේ මැරුම් කෑවට පස්සේ සමන්තාට ඕන වෙනවා ආපහු සාමාන්‍ය කෙල්ලෙක් විදිහට ජීවත් වෙන්න. නමුත් යම් මානසික ආතතියක් තිබීම සහ සමාජයෙන් මිනී මරුවෙක් විදිහට හංවඩු ගැහීමත් එක්ක සමන්තා ඉන්නේ කල කිරීමෙන්. තමන්ගේ නංගි ටේරා (Jenna Ortega) සහ පරණ යාළුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න උත්සහ කරන සමන්තාට ආපහු ඉස්සර වගේ මිනී මැරුම් ගැන අහන්න දකින්න ලැබෙනවා වගේම ජීවිත තර්ජන වලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි, එයා අතින් රිචී මැරුම් කාපු නිසා. ඇයි රිචී වගේ මිනී මරුවෙක් මරපු එකට සමන්තාට මේ තරම් ජීවිත තර්ජන? එතකොට ඒ තර්ජන එන්නේ කාගෙන් ද? ඕවාට උත්තර දැන ගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Spyglass Media Group විසින් නිෂ්පාදනය කරන ලද Paramount Pictures සමාගම විසින් බෙදා හරින ලද Scream 6 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Matt Bettinelli-Olpin සහ Tyler Gillett යන දෙදෙනායි. චිත්‍රපටය ඇමරිකාවේ නිව්යෝක් නගරය පදනම් කරගෙන නිර්මාණය උනත් රූගත කිරීම් සිදු කරේ කැනඩාවේ Montreal නගරයේයි. ඉහත සඳහන් කල ප්‍රධාන නිලියන් දෙපලට අමතරව මේ චිත්‍රපටයේ ඊතන් ලෙස Jack Champion, ගේල් ලෙස Courteney Cox, චැඩ් ලෙස Mason Gooding, ක්වින් ලෙස Liana Liberato, සහ ඩැනී ලෙස Josh Segarra රංගනයෙන් දායක වෙනවා.

මේ වන විට චිත්‍රපටයේ IMDb අගය 7.1 ක් ලෙසත් Rotten Tomatoes අගය 77% ක් ලෙසත් පවතිනවා. ඇත්තටම මේ අගයන් Horror/Mystery චිත්‍රපටයටක ලැබුණ වඩාත් ඉහලම අගයන් දෙකක් විදිහට දකින්න පුළුවන්. ඒකට පහළ හේතුත් බලපාන්න ඇති.

Scream 6 චිත්‍රපටය තිර ගත වෙලා පළවෙනි සති අන්තය වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 44.5 ක Domestic box office ආදායමකුත් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක විදේශ සිනමා දර්ශන ආදායමකුත් ලබා ගන්න සමත් උනා. ඒ කියන්නේ තිර ගත වෙලා පළවෙනි සති අන්තයේ Scream 6 මුළු අදායම ඇමරිකානු ඩොලර් මිලියන 67.1 ක්. ඉතින් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ගිය ඇමරිකානු ඩොලර් මිලියන 33, සතියක් යන්නත් කලින් හොයා ගන්න නිෂ්පාදකවරුන්ට පුළුවන් උනා. ඒක Horror චිත්‍රපට මාලාවක ඕපනින් එකක ලබපු වැඩිම ආදායම විදිහටයි සැලකෙන්නේ. චිත්‍රපටයේ වර්තමාන සමස්ථ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 167 ඉක්මවා ගිහින්. ඒ අනුව Scream 5 ට වඩා Scream 6 ආදායම සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් සාර්ථකයි.

Scream Movie List 

01. Scream (1996)

02.Scream 2 (1997)

03.Scream 3 (2000)

04.Scream 4 (2011)

05.Scream (2022)

06. Scream VI (2023) 

Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 7 /10 45,408 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Melissa Barrera isSam Carpenter
Sam Carpenter
Jenna Ortega isTara Carpenter
Tara Carpenter
Jasmin Savoy Brown isMindy Meeks-Martin
Mindy Meeks-Martin
Mason Gooding isChad Meeks-Martin
Chad Meeks-Martin
Roger Jackson is
"The Voice" (voice)
Courteney Cox isGale Weathers
Gale Weathers
Dermot Mulroney isDetective Bailey
Detective Bailey
Jack Champion isEthan Landry
Ethan Landry
Josh Segarra isDanny Brackett
Danny Brackett
Liana Liberato isQuinn Bailey
Quinn Bailey

Similar titles

Catwoman: Hunted (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bhootnii (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Men in Black (1997)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Songbird (2020) With Sinhala Subtitles
Scooby-Doo (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Rose Villa (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darker Shades of Elise (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
He Knows You’re Alone (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ultimate Avengers II (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published