CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Selina’s Gold (2022) | සෙලිනාගේ කතාව | 18+

මම හිතනවා මේ චිත්‍රපටියට ඔයාලත් කැමතිවෙයි, මොකද මේකෙ වෙනස්ම කතාවක් තියෙන්නේ. වෙනස් කියන්නේ අපේ වගේ තුන්වෙනි පන්තියේ රටවල ඒ දවස්වල, ඒ කියන්නේ මේ චිත්‍රපටයේ සදහන් වන කාල වකවානුවේ සුලබ වූ මාතෘකාවක් තමයි මේකෙ තියෙන්නේ. ඒ වෙන මුකුත් නෙමේ වහල් සේවය. ඉතින් සමහර වෙලාවට ඒක අදටත් එහෙමමයි කියාලාත් විටෙක හිතෙනවා, මේ ආසියාතික සංවර්ධනය නොවූ, තුන්වෙනි පන්තියේ රටවල් අදටත් පත්ව තිබෙන තත්වයන් දිහා බැලුවම.

මේක ඉතාමත් දුක්ඛිත දෛවයකට උරුම කියපු කෙල්ලෙක්ගෙ කතාවක් කිව්වොත් නිවැරිදියි. IMDb RATING 6.6/10 අගයක් තමයි මෙම චිත්‍රපටය වෙත ලැබී තියෙන්නේ. 2022 වසරේ තිරගත උන මෙම චිත්‍රපටය, පිලිපීනයේ නිෂ්පාදනයක්. Mac Alejandre විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි, Angeli Khang, Gold Azeron, Jay Manalo සහ තවත් නළු-නිළියන් කිහිප දෙනෙකු මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්, 1942 පිලිපීනයේ දෙවෙනි ලෝක සුධ සමයේ සිදුවෙච්ච කතාවක් විදියට තමයි මේ කතාව දිග හැරෙන්නෙ. සෙලිනාගේ පියා, ඇයව ස්ත්‍රීන් ලිංගික වහලියන් බවට පත් කරන චාගෝ කියන පුද්ගලයට, ණය හිලව් වෙන්න විකුණනවා. ඉතින් එතනින් තමයි කතාව පටන් ගන්නෙ. මේ චාගෝගෙ නිවසේ ඉන්නවා අන්ධ කොල්ලෙක් වන දොමෙන්ග්. එයත් මේ සෙලිනා වගේම, චාගෝගෙ ණයට එයාගේ දෙමව්පියන් විසින් ණය හිලව්වට තියලා ගියපු තරුණයෙක්. සෑහෙන්න වද බන්ධන මැද තමයි මේ තරුණයත් චාගෝගෙ සිර කදවුරේ වාසය කරමින් ඉන්නේ.

ඉතින් මේ නරකාදියෙන් මේ දෙදෙනා කොහොමද ගැලවෙන්නේ? අන්තිමට චාගොට මොකක්ද වෙන්නේ? කියන කතාව වගේම දෙවෙනි ලෝක යුද්ධය පැවති කාලයේ එය පිලිපීනයට කොහෙමද බලපෑවේ කියන අකාරයත් මෙයින් මනාවට පැහැදිලි වෙනවා.

ඉතින් මීට වැඩිය කියන්න ගියොත් කතාවේ රසය නැතිවෙන නිසා නරඹන ලෙස ඔයාලගෙන් ඉල්ලා සිටිනවා

Comments

July 17, 2025

Thank you very much for your fatigue💝