CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Seoul Vibe (2022) Sinhala Subtitles | “සෝල් වයිබ්” | සිංහල උපසිරැසි සමඟ

Seoul Vibe (2022) Sinhala Sub
Seoul Vibe (2022) Sinhala Subtitle
Seoul Vibe (2022) Sinhala Subtitles

 

Decision To Leave උපසිරැසියෙන් අනතුරුව අද උපසිරැසි අරන් ආවේ ඉකුත් සැප්තැම්බර් මාසයේ Netflix හරහා නිකුත් වුණු Seoul Vibe වෙබ් චිත්‍රපටයට. Yoo Ah In සහ Park Ju Hyun රංගනයෙන් දායක වූ නිසාත් Action සහ Car Racing කන්සෙප්ට් එක නිසාත් මේ චිත්‍රපටය ගැන හැමෝම ලොකු අවධානයකින් හිටියේ.

Fast And Furious වගේ ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති කෙනෙක් නම් මේක මග ඇර ගන්න එපා. ඒ නැතත් ඕන කෙනෙක්ට රසවිදින්න පුළුවන් විදියේ නිර්මාණයක්‌ තමයි Seoul Vibe කියන්නේ.

 

චිත්‍රපටය ගැන වැඩි විස්තර ටිකක් බලලා ඉමු එහෙනම්..

Overview

  • Movie: Seoul Vibe (English title)
  • Revised romanization: Seoul daejakjeon
  • Hangul: 서울대작전
  • Director: Moon Hyun-Sung
  • Writer: Shin Soo-A, Moon Hyun-Sung
  • Cinematographer: Lim Won-Geun
  • Release Date: August 26, 2022
  • Runtime: 138 min.
  • Distributor: Netflix
  • Language: Korean
  • Country: South Korea

Cast

Yoo Ah In – පාක් දොං වූක්

Park Ju Hyun – පාක් යූන් හී

Ong Seong Wu – ජූන් ගී

Go Kyung Pyo – ජෝන්/ වූ සෑම්

Lee Kyu Hyung – බොක් නාම්

Summary

1988 ගිම්හාන ඔලිම්පික් උළෙල (Summer Olympic) දකුණු කොරියාවේ සෝල් අගනුවරදි පැවැත්වෙනවා. මේ කාල වකවානුව ඇවිත් දකුණු කොරියාව ආර්ථික හා දේශපාලනික වශයෙන් විවිධ වෙනස්කම් වලට භාජනය වෙන්න පටන් ගත්ත කාලයක්.

ඉතිං Dong Wook, Joong Gi, Yoon Hee, Bok Nam, Woo Sam කියන්නේ එක පවුලක්‌ වගේ යාලුවෝ පිරිසක්.ඒ වගේම Dong Wook සහ Yoon Hee කියන්නේ අයියයි නංගියි. Driving, Racing, Delivering… මේ වැඩ තුන සම්බන්ද ඕන දේකට මේ කට්ටිය expert ලා. දවසක් මෙයාලට වෙනස්ම මෙහෙයුමක්‌ ලැබෙනවා. රජයේ අභිචෝදක වරයෙක්‌ මෙයාලව හොයාගෙන එනවා මේ රහස් මෙහෙයුම භාර දෙන්න. හිටපු ජනාධිපතියි,පාතාල නායිකාවකගෙයි ,හිටපු හමුදා මේජර් කෙනෙකුගෙයි හවුල් මාෆියාවක් හෙළි කරන්න උදව් කරන එකයි මෙයාලට ලැබෙන මෙහෙයුම..

හිතන තරම් වැඩේ ලේසි වෙයිද??

එහෙනම් චිත්‍රපටිය බලලම ඉමු!

හැමෝටම සුබ දවසක්!

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)-

Comments