CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

A love story written with war

Sita Ramam (2022) Sinhala Sub
Sita Ramam (2022) Sinhala Subtitle
Sita Ramam (2022) Sinhala Subtitles

 

ආයුබෝවන් කියලා පිළිගන්නවා සූම් උපසිරැසි අඩවියට ගොඩ වුනු සියළු දෙනාවම. පහුගිය ටිකේම හින්දි, මලයාලම්, දමිල, කන්නඩ උපසිරැසි අරන් ආපු මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලා හැමෝම එනකම් බලාගෙන හිටපු “”සීතා- රාමම්”” චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි. ඉතිං මේ උපසිරැසිය ලයින් 3000 කට අධික ප්‍රමාණයක් තිබුණ නිසා, ටිකක් වෙහෙසෙන්න සිද්ධ වුනු උපසිරැසියක්. ඉතිං බොහොම රසවත් චිත්‍රපටයක් වුණු නිසාත් සහ වෙනදා වගේමත්, අදත් මුළු චිත්‍රපටයේම ගීත සිංහල උපසිරැසියෙන් රසවත් කරලා තියෙන්නෙ. ඒවගේම මේක තමයි අසා ලිවීමක් කරපු ලොකුම චිත්‍රපටය වෙන්නෙත්. මට හුරුම භාෂාව නිසාත්, ආසම ටයිප් එකේ ස්ටෝරියක් තියෙන නිසාත් ගොඩක්ම ආසාවෙන් කරපු උපසිරැසියක් මේක. එහෙනම් අපි දැන් චිත්‍රපටයේ විස්තර ටිකක් බලමු.

Hanu Raghavapudi’ගේ අධ්‍යක්ෂණයෙන් සහ Vyjayanthi Movies සමඟ එක්ව Swapna Cinema නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය Action, Romance , Mystery කියන ශාරණයන්ට අයත් වෙනවා. නළු නිළි කැල ගත්තම, දුල්කර් සල්මාන්, සුමන්ත්, බොහෝ අයගේ ක්‍රෂ් එකක් වන රශ්මිකා මන්දනා සහ තෙළුගු සිනමාවට හඳුන්වා දෙන නිළි මෘනාල් ඨාකූර් යන අය මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. නමුත් හැමෝම මැයව මීට පෙර හුඟක් හින්ඳි චිත්‍රපට වල සහ මෙඝා නාට්ට්‍ය වල දැකලා ඇති. හිරු එකේ සිංහල දෙබසින් යන “ආදරෙයි මං ආදරෙයි” කථාමාලාවේද මැය සෙකන්ඩ් ලීඩ් චරිතය කලා.පසුව ඇයගෙ චරිතය එහි නැතුව ගියා.

Hanu Raghavapudi විසින් මීට පෙර වසර 4කට වගේ කලින් තමයි අන්තිමට තෙළුගු චිත්‍රපටයක් කරලා තියෙන්නෙ. ඒ තමයි, ප්‍රේක්ෂක සිත් බොහෝමයක් වසඟ කරගන්න සමත් වුණු චිත්‍රපටක් වුණ Padi Padi Leche Manasu (වැටි වැටී නැගී සිටින හදවත) කියන චිත්‍රපටය. ඊට අමතරව නිතින්ගේ LIE, නානිගෙ Krishna Gaadi Veera Prema Gaadha සහ නවින්, රාහුල් සහ ලාවාන්‍යා රංඟනයෙන් දායක උනු Andala Rakshasi (රූමත් යක්ෂණී) 2012 චිත්‍රපටයත් මෙම අධ්‍යක්ෂකවරයාගෙම තමයි. ඒවගේම එම චිත්‍රපටය මොහුගේ කුළුදුල් අධ්‍යක්ෂණයද වෙනවා. එහෙනම් දැන් ඔයාලට අදහසක් ඇති සීතා රාමම් එකත් කොහොම ආකාරයෙන් ඇතිද කියලා. අනිවාර්‍යයෙන්ම සිතෙහි රැදෙන එකක් වෙයි.

*ඉතිං මොහුට මේ චිත්‍රපටය කරන්න අදහස ඇවිල්ලා තියෙන විදිය හරිම අපූරුයි. 2007 වසරෙදි ඔහු මිලදී ගන්න පොතක් ඇතුලේ තිබිලා ඔහුට ලියුමක් හම්බවෙනවා. මවක් විසින් නේවාසිකාගාරයේ සිටින තම පුතුගෙ සැප සනීප සහ ඔහු නැවතත් නිවසට එන දිනක් ගැන විමසන ලද්දක් තමයි සඳහන් වෙලා තිබිලා තියෙන්නේ. ඉතිං මොහුට එවෙලෙ සිතිලා තියෙනවා.. ඇත්තටම මෙම ලියුමේ වැදගත් දෙයක් තිබ්බා නම්? ප්‍රමාද වුනා නම් ආයෙම වෙනස් කරන්න බැරි සිදුවීමක් වෙන්න තිබුණ දෙයක් වුනා නම් කුමක් වේවිද? කියලා. ඉතිං මොහුම මේ සිදුවීම මතින් 1965 දී මදුරාසි රෙජිමේන්තුවේ සේවය කරන රාම් නම් චරිතයක් යොදා ගනිමින් නිම කරන ලද කථාවක් මෙලෙස ඔයාලට සීතා රාමම් ලෙසින් ගෙන හැර දක්වනවා. * එහෙනම් දැන් අපි රාම් දෙසට යොමු වෙමු.

නළුවෙක්, පසු බිම් ගායකයෙක් සහ නිෂ්පාදකයෙක් වන දුල්කර් සල්මාන් ගැනත් නොකියම බැහැ. ඔහු සාමාන්‍යයෙන් පැවත ආවෙම මලයාලම් සිනමාවෙන් උවත්, ඔහුගේ තියෙන විවිධ හැකියාවන් නිසා, ඔහු මලයාලමෙන් ඔබ්බට පැමිණ, දමිල, හින්දි සහ තෙළුගු ක්ෂේත්‍රයන් පවා ආක්‍රමණය කරා. ඒවගේම ඔහුම එම සියළු භාෂා වලට හඩ කැවීම් සිඳු කරන නළුවෙක්. මොන ක්ෂේත්‍රයෙන් උවත් ඔහුගේම හඩින් අපට චිත්‍රපටය බලාගන්නට ඉඩ ලැබෙනවා. රඟපෑම ගත්තම බොහෝ චිත්‍රපටයන්හි වෙනස්ම චරිත කරන නළුවෙක්. සීතා රාමම් කියන්නේ දුල්කර් විසින් රංගනයෙන් දායක වන දෙවන තෙළුගු චිත්‍රපටය වගේම ප්‍රධාන චරිතය කරන පළවෙනි තෙළුගු චිත්‍රපටය. කලින් එක තමයි “Mahanti” කියන
අනර්ඝ ඝණයේ චිත්‍රපටය. එය බලලා නැත්නම් අනිවාරෙන්ම නරඹන්න.

**ඉතිං මේ චිත්‍රපටයේ සීතාගේ චරිතයට මුලින්ම පූජා හෙග්ඩේ ව තමයි තෝරගෙන තියෙන්නේ. නමුත් ඇයට තිබුනු කාර්‍යබහුල කාලසටහන නිසා, මෙම චිත්‍රපටයට දින වෙන් කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. එම නිසා පසුව හින්දි නිළියක් වුණු මෘනාල් ඨාකූර්ව තෝරගෙන තියෙනවා. ඒවගේම රශ්මිකා මන්දනා විසින් රංඟනයෙන් දායක වන අෆ්‍රීන්’ ගෙ චරිතය සඳහා ද මුලින්ම රාශි ඛන්නාව තමයි සලකලා බලලා තියෙන්නේ.**

අගෝස්තු 5 වන දින තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටය මලයාලම්, දමිල සහ තෙළුගු භාෂා වලින් තිරගත වුනා. පසුව සැප්තැම්බර් 2 දින සිට හින්ඳි භාෂාවෙන්ද තිරගත වීම ඇරඹුණා. මෙහි music සහ soundtrack කම්පෝස් කරලා තියෙන්නේ Vishal Chandrasekhar විසින්. ඒවගේම first single titled “Oh Sita Hey Rama” ගීතය 2022 මැයි 9 රිලීස් කලා. ප්‍රධාන වශයෙන් ගීත 6ක් සහ තවත් පුංචි ගීත කොටස් කිහිපයක් ඇතුළත් වනවා මෙම චිත්‍රපටයට.

*Bahrain, Kuwait, Oman, Qatar, Saudi Arabia සහ United Arab Emirates යන රටවල මෙම චිත්‍රපටය තිරගත කිරීම තහනම් කලා. එයට හේතුව තමයි මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙන ආගමික සිද්ධීන්. පසුව United Arab Emirates එහම එම තහනම ආයෙ ඉවත් කරගත්තා. බෙදාහැරීමේ අයිතිය ඇමර්සන් ප්‍රයිම් වීඩියෝ විසින් ලබාගත් අතර, ඔවුන් විසින් මෙලෙස අපහට අද දිනයේ නැරඹීමට අවස්ථාව හිමිකර දුන්නා.*

කෝටි 50 හේ කඩ ඉඩ දින දහයෙන් ජය ගත් මෙම චිත්‍රපටය, මේ වන විට කෝටි 100 ආසන්නයේ පසුවෙනවා. (කලෙක්ෂන් පමණි) බොක්ස් ඔෆිස් හිට් එකක් වුණු සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත්ම ඉහළ අයුරින් ලැබුණු මෙම චිත්‍රපටය IMDB දර්කශකයේ හිනි පෙතක මේ වනව විට රැදෙනවා. ඒ තමයි 8.1/10 ලබා ගනිමින්.

එහෙනම් අපි කතාව ගැනත් ටිකක් බලමු.

රාම් කියන්නේ සෙබලෙක්. ඔහු තනිකඩයි වගේම පවුලක් නැහැ. අනාථයෙක්. ඉතිං යුද්ධයක් නෙවෙයි ඕනම දේකදි බය නැතුවම ඉදිරිපත් වෙන සෙබළෙක්. මොකද ඔහු වෙනුවෙන් දුක් වෙන්න පවුලක් නැති නිසා. ඔහොම ඉන්නකොට තමයි මේ කාත් කවුරුත් නැති රාම්ට එකපාරටම ලියුම් ටිකක් ලැබෙන්නේ. ටිකක් කියන්නත් බැහැ. ලියුම් මල්ලක්ම ලැබෙනවා. කොහොමද ඒවා ලැබුනේ කියලා ඔයාලට දැනගන්න ලැබෙයි. ඉතිං මේ ලියුම් අතරෙන් ඔහුට අදහා ගන්නත් බැරි ලියුමක් ලැබෙනවා. ඒ ලියුමේ මෙහෙම සඳහන් වෙනවා.

ආදරණීය රාම්..
ඔයාට කවුරුවත්ම නැත්ද?
මේ බොරු කොහෙන් ඉගෙනගත්තද, අලුතෙන්?
ගෙදර තැල්ල ගැට ගහපු බිරිඳක් ඉන්නවා කියලා, සම්පූර්ණයෙන්ම අමතක වුනා වගේ ඉන්නවා.
“මේ එනවා” කියලා ගියා.. රස්සාවට..
මාව මං ඉපදුණ ගෙදර අතෑරලා. (මහ ගෙදර)
ගෙදර අය ඒ කාලෙ ඉදලම කියාගෙනමයි හිටියේ.
මේ හමුදාවෙ ඈයෝ, ගෙදර හරියක ඉන්නෙ නැහැයි කියලා.
ඇහුවායැ!!?
බැදගත්ත බෙරේ ගහන්නත් එපැයි.
මාව අමතක කරන්න එහෙම එපා!
–මීට , සීතා මහාලක්ෂ්මි–

කාත් කවුරුවත් නැති රාම්ට. හිටි හැටියෙම මෙහෙම ලියුමක් ආවම මොනවා හිතෙන්න ඇතිද? ඔහුගෙ ඔළුවට ආපු ප්‍රශ්න කන්දරාව සහ ඔහුට මොනව නම් හිතෙන්න ඇතිද? ඉතිං මේ සියළුම කුතුහලයන් වැඩි කරමින් මොහුට දිගින් දිගටම ලියුම් එන්න ගන්නවා. ඒත් ඒ කිසිම ලියුමක, එවපු කෙනාගෙ ලිපිනයක් සදහන් වෙන්නෙ නෑ. රාම් දන්න එකම දේ සීතා මහාලක්ෂ්මි කියන නම විතරයි.

ඉතිං දවසක් එක ලියමනක් හරහා ලැබෙන හෝඩුවාවකින් මොහු සීතාව හොයාගෙන පිටත් වෙනවා. සීතාව හොයන් මෙලෙස පිටත් වෙන රාම්ගෙ ජීවන චාරිකාව කොහේ ගිහින් නවතියිද?

ඒ අතරේ සිදුවන යුධමය වාතාවරණ… සමඟින් බොහෝ සේ ප්‍රේක්ෂක ආකාර්ෂණය දිනාගන්න මෙම චිත්‍රපටය පැය තුනකට ආසන්න කාලයක් දිවෙනවා. විශේෂම දේ තමයි චිත්‍රපටය ඇරඹෙන කොට දෙන කුතුහලය ඔයාලට විසඳගන්න නම්, අන්තිම තත්පරේ වෙනකම්ම නරඹන්නටම සිදු වනවා. අන්තිම තත්පරේ තමයි එයට උත්තර ලැබෙන්නේ.ඉතිං මං මීට එහා කථාව කියන්නෙ නැහැ. මොකද මීට එහා ගිය ලොකූ කථාවක් මෙහි අන්තර්ගත වෙනවා. අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

 

Comments

Leave a Reply to Rusiru Cancel

September 10, 2022

Ekanam supiri

September 11, 2022

Pattama movie eka thanks bro
Bimbisara movie ekath danawada

September 13, 2022

බොහොම ස්තූතී ඔයාලට 🙏🥺

    October 2, 2022

    Thanks bro

September 20, 2022

Patta

December 18, 2022

Supirima film ekk 💯

December 30, 2022

kohomada sinhala sub download krnne

    Cinesubz December 31, 2022

    video ekata,a add karala thiyenne

February 25, 2023

රගපෑමක් කියලා පේන්නෙ නැති තරමටම රගපානවා..😥

April 8, 2023

බලපු හොදම film එකක්

September 14, 2024

one of my most favourite movies.