CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Society of the Snow (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alba Sabio Ochando, Alejandro Fadel, Ana Clara Ferrando, Anna Rua, Carlos Lázaro, Cynthia Ruiz, Dèlia Cobo, Emmanuel Granados, Felipe Villarmarzo, Fernando Hervás, Florencia Novas, Germán Zecchi, Gimena Berrutti, Hobeko González de Viñaspre, J. A. Bayona, Javier Larry Colsa, Javier Soto, Lucia Vanya, María Gacho, Marta Mercero, Matías Carvalho, Mikel García Ferreira, Pablo Aguirre, Patricia Martínez Rodríguez, Patrick Bencomo, Pedro Giambruno, Pep Parés Font, Ricardo Delgado, Rodrigo Gils, Yago Garbizu
Cast
Go Full Cast PageSociety of the Snow (2023) | හිම ගිරි අරණේ
මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් කඳු වැටියේ ගැටෙනවා. ඒ වෙන කොට ඇන්ඩීස් කඳු පන්තිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා. ඒ මදිවට ගුවන් යානය කඩා වැටෙද්දි කෑලි දෙකකට කැඩෙනවා. ඉතිං මේ ගුවන් යානයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම වගේ සීතලට නිරාවරණය වෙලා ඉන්නේ. තියෙන තත්වය අනුව දිවි ගලවගන්න එක කරන්න තියා හිතන්නවත් බෑ. මෙයාලට තියෙන්නෙත් දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් සීමිත කෑම ප්‍රමාණයක් විතරයි. හිම තියෙන නිසා වතුරෙන් අඩුවක් නෑ කියලා හිතුවත් හිමෙන් වතුර ගන්න එකත් පවතින දේශගුණය අනුව සෑහෙන්න අමාරු වැඩක්.
ගුවන් යානය කඩාගෙන වැටුනට පස්සේ උරුගුවේ ගුවන් හමුදාව මෙයාලව හොයාගන්න මෙහෙයුම් ගණනාවක් සිදු කරත් ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. මෙයාලා ගිය ගුවන් යානය කඩා වැටුන තැන උඩ ඉඳන් බලන කෙනෙකුට පේන්නෙ නැති තැනක්. ඉතිං ටික දවසක් මෙයාලව හොයන්න හදපු ගුවන් හමුදාවත් නත්තල් කාලය නිසා අන්තිමේදි වැඩේ අතඇරලා දානවා.
ඉතිං යාළුවනේ. මේ පාර ඔයාලට ගෙනාවේ පැබ්ලෝ විර්සි විසින් රචිත “Society of the Snow” පොත ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. හැබැයි මේ පොත ලියලා තියෙන්නේ ඒ කාලයේ උන ඇත්තම සිදුවීමක් ඇසුරෙන් කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. IMDb අගය 7.9/10 ක වැනි ඉහළ අගයක් සහ 91%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 02ක් ඇතුළු සම්මාන 78ක් සඳහා නාම යෝජනා ලබලා තියෙනවා. එයින් සම්මාන 16ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.
ඒ වගේම මේ වෙනකොට Netflix වල ඉංග්‍රීසි නොවන චිත්‍රපටි අතරින් වැඩිම දෙනෙක් නරඹපු චිත්‍රපටිය හැටියටත් වාර්තාගත වෙලා තියෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටිය ගැන.. මේ චිත්‍රපටිය ස්පාඥ්ඥ භාෂාවෙන් තියෙන පැය 02යි විනාඩි 24ක් දිවෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙන සුවිශේෂිත දේ වෙන්නේ මේ චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නේ ඇත්තටම ඇන්ඩීස් කඳුවැටියේ වීමයි. ඉතිං මේ ගුවන් අනතුරට පත් උන කී දෙනෙකුට මේකෙන් දිවි ගලවගන්න ලැබේවිද? නැත්නම් හිම කඳු අතරේ හැම දෙනෙක්ටම මිය යන්න සිදු වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා.











