EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sons of Summer (2023) | සිංහල උපසිරැසි සමඟ

  2023 ජුලි 28 දින තියටර් සහ ඩිජිටල් මාධ්‍ය දෙකෙන්ම නිකුත් වූ ඕස්ට්‍රේලියානු නිර්මාණයක් තමයි Sons of Summer. මේක Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. විනාඩි 87ක ධාවන කාලයක් සහිතයි. රඟපෑමෙන් එකතු වන්නෙ Joe Davidson (ෂෝන්), Isabel Lucas (කේටී), Pacha Luque-Light (මිෂෙල්), Alex Fleri (රික්) සහ Temuera Morrison (ෆ්‍රෑන්ක්).
                          අවුරුදු 30 කට කලින් යාලුවො හතර දෙනෙක් සති අන්ත ට්‍රිප් එකක් යනවා සමර් සිටි වලට. එහිදී එක්කෙනෙක් ඝාතනයට ලක්වෙනවා. ඒ සිද්ධියෙන් යාලුවන්ගෙ ජීවිත සදහටම වෙනස් වෙනවා. ඒ යාලුවො හතර දෙනාගෙ පුත්තු හතර දෙනා ගැන තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. තාත්තල වගේම මේ හතර දෙනත් අඹ යාලුවො. මෙයාලගෙ එකම විනෝදය, ජීවිතය, තාත්තලගෙ වගේම සර්ෆ් ක්‍රීඩාව. ඝාතනය වුනු කෙනාගෙ පුතා තමයි ෂෝන්. එයාගෙ කතාව ටිකක් වෙනස්. අපරාධ ජීවිතයක් ගත කරලා දැන් ඒවයින් ඈත් වෙලා ඉන්නෙ. ඒත් එයාව හදා වඩා ගත්ත පීට් වෙනුවෙන් අවසන් වරට එක වැඩක් කරන්න ෂෝන් එකඟ වෙනවා. ඩොමිනික් කියන ජාවාරම් කාරයගෙ ඩ්‍රග්ස් වගයක් උස්සන්න. වැඩේ කරල ෂෝන් අයින් වුනත්, ඩ්‍රග්ස් අයිතිකාරයෝ මේ කට්ටිය ගැන හොයනවා. ඔවුන් මේ දම්වැලේ ඉන්න කට්ටිය හොයාගෙන, මරාගෙන එනවා. අන්තිම පුරුක තමයි ෂෝන්. මේ මොකුත් නොදන්න ෂෝන් යාලුවොත් එක්ක ඔස්ටින්විල් ගිහින් ඉන්නෙ සර්ෆ් පදින්න. ඔහු පස්සෙ එන මරණය පරාජය කරන්න ඔහුට හැකි වෙයිද? සුන්දර ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ, සර්ෆ් පදින්නන්ගේ දස්කම් බලමින්, හෝරාවකුත් විනාඩි 27 කුත් ගත කරන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නම් නැති බවත් සදහන් කරන්න ඕනෙ.

Comments