මෙහි ප්‍රධාන චරිතය හොබවන කෙනාත් ගැනත් පොඩි විස්තරක් දැනගම්මු Saravanan Sivakumar – සරවනන් සිවකුමාර් කිව්වම කවුරුත් දන්නෙ නැති රංගභූමිය තුල Suriya – සූර්යා කිව්වම කවුරුත් දන්න සූර්යා 1975 ජූලි 23 වන දින චෙන්නායි හි උපත ලැබුවේය. ඔහු දෙමළ සිනමා නළු සිවකුමාර්ගේ වැඩිමහල් දරුවා වන අතර, ඔහුගේ බාල සොහොයුරු කාර්ති ද නළුවෙකි. බ්‍රින්දා සිවකුමාර් නම් බාල සහෝදරියක් සිටී. සූර්යා P.s.b.b. පාසල සහ චෙන්නායි හි ශාන්ත බෙඩීස් පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ලොයෝලා විද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් ලබා ගත්තේය. චිත්‍රපටවල වෘත්තියට පෙර සූරිය ඇඟලුම් අපනයන කම්හලක මාස අටක් පමණ සේවයක් කර ඇත. අධ්‍යක්‍ෂ වසන්ත විසින් අධ්යක්ෂණය කරන ලද Aasai (1995) චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔහුට පිරිනමන ලද නමුත් රංගන දිවිය කෙරෙහි උනන්දුවක් නොමැති බව පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. පසුව ඔහු වසන්ත් විසින් අධ්යක්ෂණය කරන ලද සහ මනි රත්නම් විසින් නිෂ්පාදනය Nerrukku Ner 1997 – නෙරක්කු නර් චිත්‍රපටයේ රඟපාන ලද අතර, එවකට විජේ සහ සූර්යා කොලිවුඩයේ සමකාලීන නළුවන් වන අතර, ඔවුන් දෙදෙනා ම මෙම චිත්‍රපටයේ රඟපෑවේය. Nerrukku Ner – නෙරක්කු නර් යනු ඔහුගේ සුර්යාගේ ප්‍රථම චිත්‍රපටය වේ. 1990 දශකයේ අග භාගයේදී වාණිජමය වශයෙන් අසාර්ථක වූ චිත්‍රපටවල චරිත මාලාවක් මෙයින් පසුව සිදු විය. ඔහු සිද්දික්ගේ අධ්‍යක්ෂණය කල චිත්‍රපටයක් වන Friends 2001 – ෆ්‍රෙන්ඩ්ස් හි ද රඟපෑම විජේ සමඟ එක්ව කල අතර එය සුපිරි චිත්‍රපටයක් බවට පත්විය. තම මව සමඟ දැඩි ඇල්මක් දක්වන වැරදිකරුවකුගේ චරිතය රඟපාමින් ඔහුට හොඳම නළුවාට හිමි තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය හිමි කරගත්තේය. ඔහුගේ මීළඟ චිත්‍රපටය වූයේ වික්‍රමාන් අධ්‍යක්ෂණය කරන ලද Unnai Ninaithu – 2002 උන්නයි නිනයිතු වූ අතර එය ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්විය. ඔහු ගෞතම් මෙනන් අධ්‍යක්ෂණය කරන ලද Kaakha Kaakha 2003 – කකා කාකා නම් චිත්‍රපටයේ රඟපෑවේ පොලිස් නිලධාරියෙකුගේ ජීවිතය පිළිබඳ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය ධනාත්මක විචාරයන් සඳහා විවෘත වූ අතර බොක්ස් ඔෆිස් හි බ්ලොක්බස්ටර් බවට පත්විය. චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට ITF ඇකඩමි සම්මානයක් ද සූරියාට හිමි විය. Pithamagan චිත්‍රපටය වික්‍රම් සමඟ විකට ස්පර්ශයක් සහිත ච්රිතයකට රන්ගනයෙන් දායක වුනි. ඔහු එය සදහා හොඳම සහාය නළුවාට ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේය. 2004 පටන් සූරියගේ රංගනය චාරකයින්ගෙන් ධනාත්මක විචාර දිනා ගත්තේය. Perazhagan නම් මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි සාර්ථක නිර්මාණය බවට පත් වූ අතර සූර්යාට හොඳම නළුවාට හිමි ඔහුගේ පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේය. එම වසරේම ඔහු මනි රත්නම්ගේ දේශපාලන නාට්‍යයක් වන අයිතා එසුතු හි මාධවන් සහ සිද්ධාර්ත් සමඟ ශිෂ්‍ය නායකයෙකුගේ චරිතය නිරූපණය කළ අතර එය අතිශය විවේචනාත්මක පැසසුමට ලක් වූ අතර වාණිජමය වශයෙන් සාර්ථක විය. 2004 නොවැම්බරයේ ඒ. ආර්. මුරුගදාස් විසින් අධ්යක්ෂණය කරන ලද ගජිනි නම් මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටය සඳහා සූර්යා අත්සන් තැබීය. ඔහු මතක ශක්තිය අමතක වීම හා බැදුනු රෝගයකින් පෙළෙන රෝගියෙකුගේ ච්රිතයට රන්ගනයෙන් දායක වුණි. (අමීර් ගෙ ගජිනිම තමයි මේකෙ රීමේක් එක තමයි අමීර් කලෙ) ගජිනි 2005 අග භාගයේදී තිරගත වූ අතර එය බ්ලොක්බස්ටර් බවට පත් වූ අතර එම වසරේ දෙමළ භාශා වැඩිම ආදායමක් උපයාගත් තුන්වන චිත්‍රපටය විය. සූරියගේ භූමිකාව ඒකමතිකව පැසසුමට ලක්විය. පසුව ඔහු හරීගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අරූ හි වැඩ කළ අතර චිත්‍රපටයට බොක්ස් ඔෆිස් වෙතින් හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.