CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6501 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Susheela Sujeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Susheela Sujeet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 18, 2025India92 Min.
Your rating: 0
6 1 vote
Susheela Sujeet (2025) කාමරයක සිරවුනු ආගන්තුක යුවල

 

අපි නිතරම උත්සාහ කරනවා ලෝකයේ විවිධ රටවල, විවිධ භාෂාවන් වල සිනමාපට වල සිංහල උපසිරැසි ඔබට ගෙනත් දීලා ඔබේ සිනමා නිම් වලලු පුළුල් කරන්න. ඒ අනුව මෙවර අරගෙන ආවා ලස්සන ඉන්දීය / මරාති නිර්මාණයක්. ඒ තමයි SuSHEELA.-.SuJEET. මුලින්ම තිරගත වුනේ 2025 අප්‍රියෙල් 18 දින ඉන්දියාවේදි. පැය 1 විනාඩි 35 ක කාලයක් පුරා ගලාගෙන යන Comedy / Drama එකක්. මෙහි ප්‍රධාන නිලි චරිතයට දායක වෙන්නේ Mission Kashmir (2000), Pyaar Tune Kya Kiya (2001), Dil Chahta Hai (2001), Taxi Number 9211 (2006) සහ Singham (2011) යන හින්දි චිත්‍රපට තුලින් ඔබ හමුවට ආ Sonali Kulkarni. දැනට මරාති සිනමාවේ සිටින ඉහළ ප්‍රවීණතාවක් සහිත සහ ඉහලම ගෙවීමක් ලබන නිලියන් අතරේ ඉදිරි පෙලේම සිටින සොනාලි (සුශීලා) සමග රංගනයෙන් එකතුවෙනවා Swapnil Joshi (සුජීත්), Sunil Tawde (රමාකාන්ත්) සහ Renuka Daftardar (සුජීත්ගේ මව).
          පවුලේ කතාවක් රැගත්, මුල සිට අග දක්වාම කිසිම බෝරිං එකක් නැතුව බලන්න පුලුවන් නියම කොමඩියක්. ඒ අතරේ පවුල් වල තියෙන ප්‍රශ්න, අරගල ගැනත් බොහෝම සංවේදීව කතා කරල තියෙනවා, නරඹන්නන්ගෙ රස වින්දනයට බාධා නොවෙන විදිහට. මහල් නිවාසයක 36 වන තට්ටුවේ නිවසක තමයි සුශීලා සහ රමාකාන්ත් යුවල ජීවත් වෙන්නෙ. එහි නිදන කාමරයට යාබද බාත්රූම් එකේ ෂවර් එක හදන්න තමයි සුජීත් ඒ නිවසට එන්නෙ. රමාකාන්ත් ඔෆිස් ගිහින්. සුශීලා සහ සුජීත් ඒ නිදන කාමරේ හිරකාරයො වෙනවා. මොකද එහි දොරේ තියෙන අවුලක් නිසා. දොර වැහුනම එලියෙන් තල්ලු නොකර අරින්න බෑ. එයාලගෙ පෝනුත් සාලෙ. කාගෙන්වත් උදව්වක් ගන්නත් බෑ. දොර ඇරගන්න මේ දෙන්නා නා නා දේවල් කරනවා. ඒ අතරේ මේ ආගන්තුකයින් දෙදෙනා අතර යම් සමීපතාවක් ඇති වෙනවා. ඉදිරිය කොහොම වෙයිද? මේ අහඹු හමුවීම ඔවුන්ගේ ජීවිත කොහොම වෙනස් කරයිද? මොනා වුනත් මේක සිනා සාගරයක් කියල නම් නොකියම බෑ. අසභ්‍ය දර්ශන මොකුත් නෑ.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.1 /10 69 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Prasad Oak
Director

Cast

Similar titles

Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hichki (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inheritance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zootopia (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pagalpanti (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitles
Trisha Illana Nayanthara (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published