CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3729 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 29, 2006Japan115 Min.
Your rating: 0
10 2 votes
Tales from Earthsea (2006) AKA Gedo senki | අමරණීයත්වයේ උතුම් රහස…

ඇනිමේෂන් වලට කැමති යාලුවන්ට තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මං අද ආවෙ .ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්න. මඟ හැරගන්න එපා. මොකද මේ වගේ ලස්සන, අර්ථාන්විත කතා නිකුත් වෙනවා ගොඩක් අඩු නිසා. එහෙම කියන්නෙ මේ කථාවෙ සබ් කරගෙන යනකොට මට හිතුණේ බුදු බණ පදයක් පාදක කරගෙන මේ කතාව හදලා ඇති කියලයි. සමහරවිට ජපන් නිර්මාණයක් හින්දා එයාලා මේකට ඒ වගේ අදහසක් දෙන්න උත්සාහ කරන්න ඇති . ඒත් පුදුමෙ කියන්නෙ මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ ඇමරිකානු ජාතික ලේඛිකාවක වන Ursula K. Le Guin ගේ Tales from Earthsea කියන පොත. මොන ජාතියක මොන ආගමක කෙනෙක් උනත් ඇයගෙ මේ නිර්මාණය ඇත්තටම අගය කළයුතු වටිනා එකක්. ඒ වගේමයි මේකෙ අධ්‍යක්ෂක වරයා වන Gorō Miyazaki මහතාත් අගනා කර්තව්‍යක් සිදු කරලා තියනවා .මෙය රචනා කිරීමේදී කලින් සඳහන් කරපු Ursula K. Le Guin , Gorō Miyazaki සහ Keiko Niwa, Hayao Miyazaki දායක වෙලා තියනවා . නිෂ්පාදනය Toshio Suzuki සහ Tomohiko Ishii දෙපළගේ. Animation එකක් නිසා රංගන ශිල්පියො නැති උනත් Bunta Sugawara, Junichi Okada , Aoi Teshima, Yuko Tanaka සහ Jun Fubuki වැනි විශිෂ්ඨ ශිල්පීන්ගේ හඩින් හඬගැන්වී ඇති බැවින් කතාව තවත් ආකර්ෂණීය වෙලා තියනවා. ඒනිසාම මෙය Asian Film Awards (2007) හිදී Best Composer සඳහාද, Awards of the Japanese Academy (2007) හිදී Best Animation Film සඳහාද International Film Music Critics Award (IFMCA) (2008) හිදී Best Original Score for an Animated Film සඳහාද නාමයෝජනා අතරට පැමිණ තිබෙනවා .2006 ජූලි 29 වන දින ජපන් බසින් ප්‍රදර්ශනය ආරම්භ කර ඇති Gedo Senki සඳහා ඇ.ඩො. මිලියන 22ක වියදමක් දරා ඇති අතර ආදායම ලෙස ඇ.ඩො. මිලියන 68.5කට වඩා මුදලක් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ගොස් තිබෙනවා. විනාඩි 113ක් පුරා නොනවත්වා රස විඳිය හැකි මෙය Animation, Adventure, Fantasy ඛාණ්ඩ වලට අයත් වන අතර IMDb දර්ශකයේ මේ දක්වා 6.5 ක අගයක් පවත්වා ගැනීමට සමත් වෙලා තියනවා.

ඉතිං අපි කතාව ගැන ටිකක් බැලුවොත්, ආරෙන් කියන්නෙ රජ කුමාරයෙක්. යම් හේතුවක් නිසා ඔහු රජ මාලිගයෙන් පළා යනවා (හේතුව කතාවෙ තියනවා.) ඒ කාලෙ වෙනකොට එම රාජධානිය විවිධ විපත් වලට ගොදුරු වෙනවා. ඒ කියන්නෙ අයහපත් කාළගුණය, නියඟය, රටේ ප්‍රධාන ආදායම් මාර්ග වන ගොවිතැන සහ පශු සම්පත් හඳුනා නොගත් ලෙඩ රෝග වලට ගොදුරු වීම වගේ දේවල්. ඉතිං මේ දේවල් වලට හේතු සහ පිළියම් සෙවීමට මායාකරුවන් හා පඬිවරුන් සෑම ප්‍රදේශයකටම පිටත් කර හරිනවා. මේ අතර කළාතුරකින් දකින්නට ලැබෙන මකරුන් දර්ශනය වෙන්න පටන් ගන්නවා. එයින් සැළකෙන්නේ රටට බොහෝ අසුභ කාලයක් උදාවී ඇති බවයි. ඒ අතරම රටේ ප්‍රධාන මන්ත්‍රාචාර්‍ය වරයාද විසඳුමක් සොයා පිටත් වෙනවා.

එම ගමනේදී ඔහුට ආරෙන්ව මුණගැසෙනවා. ඉන්පසු ඔවුන් තම තමාට පෞද්ගලික වූ හා පොදුවූ විසඳුම් සොයාගෙන පිටත් වෙනවා. කුතුහලය, ත්‍රාසය, ආදරය වැනි බොහෝ කාරණා පිරී ඇති මොවුන්ට කෝබ් නම් තවත් බලවත් මායාකරුවෙක් මුණගැසෙනවා. ඉතිං ඔවුන්ගේ සම්බන්ධය මොකක්ද, රටේ සිදුවෙන විනාශයන්ට හේතු මොනවාද, අවසානයේ ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන කාරණා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. දෙයක් කියන්න ඕනෙ ,මේකෙ ඉන්න කෝබ් කාන්තාවක් නෙමෙයි, පිරිමියෙක්. ඉතිං එකදිගට බලන්න පුලුවන් කතාවක් තමයි මේක.

Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් චතුරංග (Baiscopelk)
IMDb 6.3 /10 40,795 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Junichi Okada isArren (voice)
Arren (voice)
Aoi Teshima isTheru (voice)
Theru (voice)
Bunta Sugawara isHaitaka (voice)
Haitaka (voice)
Yūko Tanaka isCob (voice)
Cob (voice)
Teruyuki Kagawa isHare (voice)
Hare (voice)
Jun Fubuki isTenar (voice)
Tenar (voice)
Takashi Naito isHazia Dealer (voice)
Hazia Dealer (voice)
Mitsuko Baisho isThe Mistress (voice)
The Mistress (voice)
Yui Natsukawa isThe Queen (voice)
The Queen (voice)
Kaoru Kobayashi isThe King (voice)
The King (voice)

Similar titles

Monster Mash (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ong Bak 2 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Transformers: The Last Knight (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online
Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trolls (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Little Mermaid (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BRO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published