CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Texas Chainsaw 3D (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Jay Ostrowski, John Luessenhop, Johnny Martin, Sam Sullivan
Cast
Go Full Cast PageTexas Chainsaw 3D (2013) | කෲර ආරක්ෂකයාගෙ පළිගැනීම
2013 ජනවාරි 4 වෙනිදා නිකුත් වුන සුපිරි සිත්තමක් අරගෙන ආවෙ අද.IMDb අගය 5.0/10ලබාගන්න සමත්වෙලා තියෙන Horror ගනයට වැටෙන Texas Chainsaw 3D හිතට දැනෙන කතාවක් කියලා කියන්න පුළුවන්. Takers,Lockdown වැනි චිත්‍රපට අධ්‍යක්ෂණට කල John Luessenhop තමා මෙහි අධ්‍යක්ෂකවරයා. Alexandra Daddario, Trey Songz, Scott Eastwood වැනි නළු නිළියන් පිරිසක් මේ චිත්‍රපටය සඳහා දායක වෙලා තියෙනවා.එහෙනම් අපි චිත්‍රපටයෙ කතාව දිහාට ටිකක් හැරෙමු නේද?
බර්ට් හාර්ට්මන්ගෙ මෙහෙයවීමෙන් සෝයර්ගෙ මුළු පවුලම ගිනි තියලා මරලා දානවා.මේකට හේතුවෙන්නෙ ජෙඩ් සෝයර්.ජෙඩ් කියන්නෙ සිරුරෙන් වැඩුනට මානසිකව නොවැඩුන කෙනෙක්.මෙයා පවුලෙන් පිට අයට ඉතාම කුරිරු විදිහට හැසිරෙනවා.ඔහුට වුවමනා ඔහුගෙ පවුල හැමදෙයකින්ම ආරක්ෂා කරන්න.ඉතින් කොහොමහරි හාර්ට්මන් ඇතුළු පිරිස ඉතාම මිලේච්ජ විදිහට සෝයර් පවුලම මරලා දානවා.බේරෙන්නෙ එක පුංචි දරුවෙක් විතරයි.ගැවින් කියන පුද්ගලයා තුවාල වෙලා ඉන්න ලොරීටා සෝයර් ව මරලා ඇයගෙ දුව ඊඩිත්ව අරන් ගිහින් හදාගන්න තම බිරිඳට දෙනවා.මේ දරුවා ලොකු මහත් වෙන්නෙ හේතර් මිලර් කියන නමින්.
කාලෙකට පස්සෙ දවසක් හේතර්ට ලියුමක් ලැබෙනවා එයාගෙ ආච්චි අම්මා මියගිය බව කියලා.එතකොට තමා හේතර් දැන ගන්නෙ එයාව අරන් හදාගෙන කියලා.ඉතින් හේතර් යනවා තමන්ගෙ ආච්චි අම්මා ජීවත් වුන ස්ථානයට.ඇයත් එක්ක ඇයගෙ යාළුවොත් මේ ගමනට එක්වෙනවා. වර්ණා කාසන් තමා ඇයගෙ මිත්තණිය.ඇයට අයත් හැමදෙයක්ම ලැබෙන්නෙ හේතර්ට.විශාල කාසන් මන්දිරය සහ සියළු දේපල.ඒ සමඟම වර්ණා විශේෂයෙන් ලියපු ලිපියක් තියෙනවා හේතර්ට.ඒත් ඇයට ඒක කියවන එක මගහැරෙනවා.ඉතින් තමන් වටා කැරකෙන අනතුර ගැන දැනගන්න තිබුණ අවස්ථාව හේතර් අතින් ඒ විදිහට මඟ හැරෙනවා.ඒක ලොකු විනාශයක ආරම්භය බව හේතර්ට ඒ මොහොතෙදි යන්තම්වත් දැනෙන්නෙ නෑ.කතාවෙ සියල්ල උඩි යටිකුරු වෙන්නෙ වසර ගාණකට ඉහත මරා දැමු බවට සැලකුණු ජෙඩ් සෝයර්ගෙ ආගමනයත් සමග. දම්වැල් කියතක් අතේ තියාගෙන හමුවෙන හැම දෙයක්ම තමන්ට තම පවුලට බාධාවක් වෙන හැමදෙයක්ම කුරිරු විදිහට විනාශ කරලා දාන්න ජෙඩ් දෙවරක් හිතන්නෙ නෑ.
මේ පාර ජෙඩ්ට එකතු වෙලා තියෙනවා රුදුරු පළිගැනීමකුත්.සෝයර්ලගෙ මුළු පවුලම පුච්චලා අළු කරලා අමානුෂික විදිහට මරලා දැම්ම පුද්ගයෝ ප්‍රවේශම් විය යුතු කාලය පැමිණිලා.










