CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4754 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Thani Oruvan (2015) with Sinhala Subtitles

Thani Oruvan (2015) with Sinhala Subtitles

Aug. 28, 2015India159 Min.
Your rating: 0
10 4 votes
Thani Oruvan (2015) with Sinhala Subtitles | නුඹ කවුරුදැයි පවසනු, නුඹේ හතුරා කවුරුදැයි පවසන්නම් [සිංහල උපසිරසි සමඟ]

Thani Oruvan (2015) with Sinhala Sub
Thani Oruvan (2015) with Sinhala Subtitle
Thani Oruvan (2015) with Sinhala Subtitles

ඉතින් චිත්‍රපටය ගැන පොඩි පසුබිම් විස්තරයක් කියන්නම් නේ.. චිත්‍රපටයේ නම තමයි “තනි ඔරුවන්” මේකේ සිංහල තේරුම තමයි “තනි කෙනෙකු” කියන එක. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ “මෝහන් රාජා ” විසිනි. මොහු මෙම චිත්‍රපටයේ රඟන ප්‍රධාන නළුවා වන “ජෙයම් රවී” ගේ අයියා යි. ජෙයම් රාජා මේ වනතුරුම අධ්‍යක්ෂණය කරමින් සිටියේ රී මේක් ෆිල්ම් තමයි. ප්‍රථම වතාවට ඔහු ස්වයංව කතාව ලියලා අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටය මෙය වන අතර එයින් ඔහු ඔප්පු කරනවා තමන්ටත් හොඳට ස්වයං ෆිලුමක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා. මන්ද ෆිලුම ඒ තරමටම සාර්ථක වීමත් හොඳ ප්‍රසාදයක් ෆිලුමට ලැබීමත් නිසා. ඇත්තටම මෙහි කතාව ලියන්න පටන් අරන් තියෙන්නේ 2013 වසරේදී තමයි. ඒ තමාගේ මල්ලිව යොදාගෙන සුපිරි ෆිලුමක් අයියා විසින් අධ්‍යක්ෂණය කරන්න ඕනි කියන අදහසිනුත් තමාටත් ස්වයං කතාවක් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා පෙන්වීමටත්ය. වසර දෙකක වෑයමකින් පසුව සුපිරි නිපැයුමක් තමයි එලියට ආවේ. ඒ වගේම මේ ෆිලුමේ දුෂ්ට චරිතය එනම් “විල්ලන්” චරිතය කලින්ම තීරණය කරලා තමයි නළු නිළියන් තෝරලා තියෙන්නේ කියලා බලපු කෙනෙක්ට කියන්න පුළුවන්. ඒ තරමටම ඒ චරිතය සුපිරියි. ඒ වගේම චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ හිපි හොප් තමිලා හෙවත් “ආදී” විසිනි. ඒ ගැන ඉතින් කියන්නම වෙනවා. මොකද චිත්‍රපටයේ සංගීතය මෙන්ම පසුබිම් සංගීතය චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින්ම ඉවහල් වෙලා තියනවා. ඒ ඒ ස්ථාන වල වාදනය වන පසුබිම් සංගීතය ඒ තරමටම සුපිරියි ආ…. ආහ්.. මේකේ නළු නිළියන් කවුද කියලා කියන්නත් අමතක වුණා නොවැ ඉතින් මට. මෙහි ප්‍රධාන නළුවා තමයි “ජෙයම් රවී” ඒ වගේම නිළිය වෙන්නේ “නයනතාරා” යි. ඒ වගේම විල්ලන්ගේ චරිතය “අරවින්ද් ස්වාමී” විසින් රඟ දක්වනවා. බොහෝ කාලයකට පස්සේ “කඩල්” චිත්‍රපටය මගින් නැවත පැමිණි ඔහු එයට වඩා සුපිරි විදියට හිතේ රැඳෙන චරිතයක් මේ චිත්‍රපටය රංගනය තුලින් ඉදිරිපත් කරලා තියනවා. මේ චිත්‍රපටය දැනට IMDB අගය 9.1 ක් අත්පත් කරගෙන තියනවා ඉතින් මේක බලන්න වෙන කතා මොකටද නේහ්…

කතාව ගැනත් චුට්ටක් විතර කියන්නම් නේ.. කතාව පටන් ගන්නේ සෙංගල්වරායන් කියන පුද්ගලයාගෙන් මොහු එක්තරා පක්ෂයක ඉතා ලබැඳි පාක්ෂිකයෙක්. ඒ තරමටම පක්ෂය වෙනුවෙන් බැහැලා වැඩ කරනවා. මෙහෙම ඉද්දී දිනක් පක්ෂයේ නායකයා ගමට පැමිණෙන අතර මොහු ඒ වෙලාවේ කොඩිවැල් බඳිමින් ඉන්නවා. මෙහෙම ඉද්දී ඔහුගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදී නායකයාගේ සයිරන් තියපු කාර් එකේදී ළමයා හම්බවෙනවා. පසුසේ මොහු “අරවින්ද් සාමි” ලොකුවෙලා 10 වසරෙන් පන්තියේ පළවෙනියා වෙලා සිය පියා සමඟ නායකයාව හමුවෙන්න යන අතර එතැන සිදුවන සිදුවීමකින් මොහු මිනීමැරුම් චෝදනාවක් බාරගෙන හිරේට යනවා. වසර කීපයකට පසු පොලිස් පාසලක සිටින අපේ කතා නායකයා මිත්‍රන්ව පෙන්වනවා. මොහු ඇතුළු යාළුවෝ සෙට් එකට පත්වීම ලැබෙන්න ආසන්නව තියෙන්නේ. මෙහෙම කාලය ගෙවිලා යද්දී සිද්ධි දාමයකට පසුව මොහු වැරදි කරන අය තුන් දෙනෙක් අතරින් කෙනෙක්ව තෝරා ගන්න කියලා කියනවා. තමාගේ මුළු කෝපයම පෙන්වන්න. පස්සේ මොහු දැනගන්නවා ඒ අයටත් උඩින් ඒ තුන්දෙනාවම එකතු කරලා තිබ්බා වගේ කෙනෙක් ඉන්න බව. පස්සේ මොහුගේ එකම ඉලක්කය ඔහු තමා. මේ වැරදි කාරයින් කවුද ? ඒ අයටත් උඩින් ඉන්න මහ මොළකරු කවුද ? ඔහු ඇත්තටම කවුද ? මිත්‍රන් තමාගේ කෝපය සංසිඳුවා ගනියිද ? සමාජයේ පොඩි පොඩි වැරදි වලට මුවා වෙලා ඊට පිටුපසින් සිදුවන සංවිධානාත්මක අපරාධ මොනවාද ? අවසානයේ කුමක් වෙයිද ? අම්මේ ප්‍රශ්ණ පත්තරයක් වගේ නේ.. බලන්නම හිතෙනවා නේහ්… බලන්න බලන්න..

ඉතින් වෙනදා වගේම වරුණ රංගජිත් අයියාට ස්තූතිවන්ත වෙනවා ලිපිය සංස්කරණය කරලා දෙන එකට ඉතින් එහෙනම් මම සමුගන්නම් සෑම සමුගැනීමකම තියෙන්නේ නැවත හමුවීමක ආරම්භයක් කියලා කියනවා නොවැ නේ.. එහෙනම් ඉතින් ඉක්මනින්ම නැවත හමුවෙමු ඔයාලට ජයෙන් ජයම වේවා…!!!

යන ගමන් ඉතින් කට්ටිය මේ චිත්‍රපටයේ සිත්ගත් වගේම ෆිලුමේ සාර්ථකත්වයට බලපෑ දෙබස් ටිකකුත් කොටලා යන්නම් බලන්න නේ..

” නුඹේ හතුරා කවුරුදැයි පවසනු, නුඹ කවුරුදැයි පවසන්නම්”
” love at First Sight. Kill at First Betrayal”
“හොඳ දේ විතරක් කරන්න දෙවියන්ට පවා බැහැග අපි කවුද ? “
“මිනිසා එක්ක මිනිසා එකතු වෙලා ජීවත්වෙන එක තමා සතුට. ඒක නොදන්නා ඥාණය මොන ඥාණයක්ද ? ”
“ඔයා දීපු ජීවිතය මං බාරගත්තේ නෑ. ඔයා ඉල්ලපු ජීවිතය මම දුන්නා “
“නුඹේ මිතුරා කවුද කියලා දැනගත්තොත් නුඹේ චරිතය දැනගන්න පුළුවන් ඒත් නුඹේ හතුරා කවුද කියලා දැනගත්තොත් තමා, නුඹේ ධාරිතාවය ගැන දැනගන්න පුළුවන්”
“වාණිජ පුවත් කියන පැත්තම අපි කියවන්නේ නෑ. ඒ එක පැත්ත තමා, අනිත් හැම පැත්තකටම පුවත් ලබා දෙන්නේ “
“ජීවිතයේ එකම එක අදහසක් අරගන්න. ඒ අදහසම ඔයාලගේ ජීවිතය කරගන්න”

Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
Thani Oruvan (2015) with Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිරාජ් ප්‍රියන්ත (Baiscopelk)
IMDb 8.4 /10 20,088 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mohan Raja
Director

Cast

Jayam Ravi isMithran IPS
Mithran IPS
Arvind Swamy isDr. Siddharth Abhimanyu
Dr. Siddharth Abhimanyu
Nassar isChief Minister
Chief Minister
Thambi Ramaiah isSengalvarayan
Sengalvarayan
Sricharan isKathiresan
Kathiresan
Rahul Madhav isJanardhan
Janardhan

Similar titles

Extraction 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
D Block (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DD Next Level (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Absolution (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadly Escape (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Die Alone (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Da Vinci Code (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl on the Mountain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Friday Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kill Boksoon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lupin III: The First (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published