CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThank God (2022) | දෙවියන්ට ස්තූතිවන්ත වේවා…!!
අපේ කතා නායකයා තමයි,
අයාන්, අයාන් කපූර්.
අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි…
ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ
ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා.
උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා.
සල්ලි ගනුදෙනු කරනකොට
මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා
මෙයාට එකම එක හීනයයි තිබුනේ.
ගොඩක් ගොඩක් සල්ලි හම්බ කරගෙන
සල්ලි වල වටිනාමක් නැති තැනට එන එක.
එයා එයාගේ හීනයට ආවා.
හැබැයි එදා රෑ ජනාධිපති මෝදි උන්නැහේ
1000 සහ 500 නෝට්ටු අවලංගු කලා.
ඊට පස්සේ,
ආර්‍යන්ගෙ වාසනාවයි,
දේපල අනුපාතිකයයි දෙකම,
බන්ජි පැනුමක් වගේ පහලට පැන්නා.
කෝටි ගානක ණය එයාගේ ඔලුවට කඩන් වැටුනා.
අයාන් බංකොලොත් වුනා.
ඒ අල්ලපනල්ලේ, හදිසියේම….
අයාන් ඇක්සිඩන්ට් වෙනවා.
ඇහැරෙන්නේ…අපායේ.
එහේ යමදූතයා විතරයි නෙවෙයි,
දෙවියෝ, අප්සරාවනුත් ඉන්නවා.
ඉතින් අයාන්ට ජීවත් වෙන්න නම්,
තරඟයකට ඉන්න ඕනේ.
හරියට අපේ චැනල් වල යන
ගේම් ශෝ එකක් වගේ.
(අපිත් අපායෙන්ලුනෙ කොපි කරලා තියෙන්නේ)ඉතින් මේ තරඟෙන් දිනලා
අයාන්ට ආයේ ජීවත් වෙන්න පුලුවන් වෙයිද කියලා බලන්න
යමු කට්ටියම අපායේ!
මේ අවුරුද්දෙ ඔක්තෝබර් 25 වෙනිදා දිවාලියට සමගාමීව තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ අජේ දෙව්ගන්, සිද්දාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං, ඒ වගේම නෝරා ෆටේහි ආරාධිත රංගනයකින් දායක වෙනවා. IMDb අගය 6.1 ක් ගත්තත් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටිය ආදායම් වාර්තා අතින් නම් අසාර්තක වුනු චිත්‍රපටියක්.
ඒත් ගීත වලින් නම් අපිටත් පොඩි නෑකමක් තියෙනවා. යොහානි ගායනා කරපු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සහ එහි හින්දි වර්ශන් එක මේ චිත්‍රපටියේ තියෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Tanishk Bagchi, Rochak Kohli සහ Chamath Sangeeth. ගීත ගායනයෙන් යොහානි, Jubin Nautiyal, Surya Ragunnathan Anand Raaj Anand, Arijit Singh සහ Eklavya දායක වෙනවා.


