CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The A-Team (2010) | කවදාවත් ප්ලෑන් B එකක් නම් නෑ

ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්‍රදාන චරිතයට පන පොවන්නේ අප කව්රුත් දන්නා Liam Neeson (හැනිබල්). මිහිහා වයසයි තමයි, ඒත් වැඩකාරයෙක් තමා.

මෙහි කතාව ගැන කියනවා නම්, ඇමරිකන් ආමි එකේ 4 දෙනෙක්ගේ කණ්ඩායම ගැනයි තියෙන්නේ. එම කණ්ඩායම් හැදින්වුයේ ඒ ටීම් හෙවත් ඇල්ෆා ටීම් ලෙසයි. විශේෂත්වය වන්නේ මෙම සෙබළුන් 4 දෙනාම රේන්ජර්සලා වීමයි. තවද මෙම කණ්ඩායමේ නායකයා තමයි කර්නල් හැනිබල්. අනිත් තුන්දෙනා ගැනනම් කියලා වැඩක් නෑ. ඒ අය තමා ෆේස්, මර්ඩොක් හා බාරාකස්. මෙම සෙබළුන් 4 දෙනාම හමු වෙන හැටිත් ෆිල්ම් එකේ තියනවා. මෙහි හැනිබල් ගහන ප්ලෑනක් කවදාවත් වරදින්නේ නෑ. අනිත් කෙනා තමයි සුපිරි ජෝකර් මර්ඩොක්, මිනිහට ප්ලේන් එකක් හෙලිකොප්ටරයක් පෙන්නන්න බෑ. මෙහි එක අවස්තාවක ඔහු හෙලිකොප්ටරයක් අනික් පැත්තට කරකෝනවා. ඊළඟට ෆේස්, මිනිහට ගෑණු පෙන්නන්න බෑ. කොහෙගියත් ගෑනියෙක්ව යාලු කරගන්නවා. ඔන්න වලියක් නම් බරාකස්. මෙයා නම් සුපිරියටම නෙලනවා. ඔන්න දැන් කණ්ඩායම ගැන කිව්වනේ. මොවුන් බැග්ඩෑඩ් වල ප්ලේට් වගයක් උස්සන්න ගිහිල්ලා මෙහෙයුම හරියට කෙරුවත් මොවුන්ට යුධ අධිකරණයට යන්න වෙනවා. ඊට පස්සේ මොනාද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ.

Comments

January 14, 2023

Bro lost tv series eka dennako.loku udawwak