CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Accountant (2016) | අධි මානසික ගිණුම්කරු!
චිත්‍රපටිය ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. ඔක්තෝම්බර් මස 14 වෙනිදා නිකුත් වූ මේ චිත්‍රපටියට imdb අගය 7.5ක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Action,Crime,Drama යන කාණ්ඩයන්ට. රංගනයෙන් දායක වෙන්නේ, ප්‍රධාන චරිතය වන “ක්‍රිස්ටියන් වුල්ෆ්” විදියට “බැටා අයියා”නොහොත් Ben Affleck, ඊට අමතරව Anna Kendrick, J.K.Simmons, Jon Bernthal වැනි ප්‍රසිද්ධ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මේ වනවිටත් හොද ආදායමක් උපයාගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.
“ක්‍රිස්ටියන් වුල්ෆ්” කුඩා කාලයේදී විවිධ මානසික ආබාධ පෙන්නුම් කරන්න පටන්ගන්නවා. විශාල සද්ද, දීප්තිමත් ආලෝක ආදියට අධික සංවේදීතාවක් දක්වනවා. ඒවගේම බදාගැනීම, ලංවීම, ස්පර්ශ කිරීම ආදියට අකමැත්තක් දක්වනවා. නමුත් විශිෂ්ට හැකියාවන් ඇති කෙනෙක්. වෙනස් විදියේ ඉහල බුද්ධිමත්කමක් පෙන්නුම් කරනවා. වසර ගණනක් ගෙවී ගිහින්, මේ හැකියාවන් නිසාම, දැන් “ක්‍රිස්ටියන් වුල්ෆ්” ඉතා දක්ෂ ගිණුම්කරුවෙක්. නමුත් ඔහු ඔහුගේ හැකියාවන් භාවිතා කරන්නේ ගිණුම්කරනයට පමනක් නොවේ. ඔහුට කල හැකි දේවල් එපමනක් නොවේ. ඔහු ගිණුම්කරුවෙක් පමනක්ම නොවේ.
එහෙනම් මෙතනින් එහාට ඔයාලා කතාව නරඹලාම දැනගන්න. වැඩි යමක් කියන්නේ නෑ මොකද කුතුහලය උපරිමයෙන් තියෙන කතාවක් නිසා. ඒවගේම කතාව විස්තර කිරීම අපහසුයි. හොද චිත්‍රපටියක් කියලා තහවුරු කරන්න පුළුවන්.












