CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Arctic Convoy (2023) | සිංහල උපසිරැසි සමඟ

මේක 2023 වර්ෂයේ නිකුත් උන එකක්. ඊයේ පෙරේදා තමයි මේකේ බ්ලුරේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ. මේක දෙවැනි ලෝක යුද්ධේ කාලේ උන සිදුවිමක් අලලා උන චිත්‍රපටියක්. මේ කාලේ නැගෙනහිර පෙරමුණේ ජර්මානුවන් එක්ක සටන් කරන මිත්‍ර පාක්ෂිකයන්ට සෝවියට් සංගමයෙන් ආයුධ වගේම ආහාර පාන සැපයුම් යැව්වා. මේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න මෙයාලා යොදාගත්තේ ආර්ටික් සාගරය හරහා තිබ්බ මාවතක්. මේ එක වරකට නැව් 30 – 40ක් පමණ පරිවාර ආරක්ෂක නැව් පිරිවරාගෙන තමයි යන්නේ. හැබැයි මේ නැව් වලට ජර්මන් යුධ නැව් හා සබ්මැරින් වලින් ගැලවිලා යන එක තමයි කරන්න පුලුවන් අමාරුම වැඩේ.

ඉතින් මේ චිත්‍රපටියට පාඨක වෙන සිදුව්ම වෙන්නේ මේ නැව් පෙලකට වෙන ඇබැද්දියක්. මේ බඩු නැව් ආරක්ෂා කරන්නේ බ්‍රිතාන්‍ය යුධ නැව් කිහිපයක්. එක සැරයක් මේ ආර්ටික් සාගරය හරහා යද්දි එක පාරටම බ්‍රිතාන්‍ය හමුදාවට ලැබුන ඔත්තුවක් නිසා ඔවුන් මේ නැව් වලට දෙන ආරක්ෂාව නැති කරමින් භාණ්ඩ නැව් සියල්ල විසුරුවා හැරියා. සමහර නැව් තමන්ට නැති උන යුධ ආරක්ෂාව නොතකා ගමනාන්තයට යන්න පිටත් උනා. යුධ නැව් වල ආරක්ෂාව නැතුව ජර්මානු සබ්මැරින් හා ගුවන් යානා වලින් ආරක්ෂා වෙන එක කරන්න පුලුවන් අපහසුම දෙයක්. මොකද මේ භාණ්ඩ නැව් වල ගමන් කරන්නේ හමුදාවෙන් නෙමෙයි නිකම්ම නාවිකයන්. ඉතින් මෙහෙම යන එක නැවක කතාවක් තමයි මේ චිත්‍රපටියේ කතාවට පාඨක වෙන්නේ. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා.

Comments