EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Count of Monte Cristo (2024) | “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා”
දැකපු ගමන් පේනවනෙ..ෆිල්ම් එක මොන්ත ක්‍රිස්තො සිටුවරයා පොත් සෙට් එක කියවපු අයටනම් දැකපු ගමන් මතක් වෙනවා..
අති සුපිරිම ගනයේ ප්‍රංශ සිනමාවක් වෙන මේක IMDB 7.9 කුත් rotten tomatoes වල 100% ක් ප්‍රතිචාර අරගෙන තියෙනවා.ඉතින් මේ ගැන දන්නෙ නැති අයට කියනවනම්..
මොන්ත ක්‍රිස්තෝ එහෙමත් නැත්තන් count of monte christo කියන්නෙ 1844 දී ප්‍රංශ ජාතික ඇලෙක්සැන්ද්‍රේ දුමාස් ලේඛකයා රචනා කරපු සුපිරි ගනයේ නවකතාවක්.
මේවෙනකොට භාෂා 100 කට වඩා පරිවර්තනය වෙලා තියෙන පිටපත් මිලියන 200 ට වඩා අලෙවි වෙලා තියෙන නවකතාව තමා මෙ සිනමාවට පාදක වෙලා තියෙන්නෙ.
මීට කලින් 1934,2002 අවුරුදු වල මේකට ෆිල්ම් හැඳුවත් ඒ තරම්ම වාව් එකක් ඒවයෙ තිබුනෙ නෑ..හැබැයි 2002 ෆිල්ම් එක කතා බහට ලක් උනා..
ඔයාලට මතකනම් ඉස්සර ජාතික රූපවාහිනියෙ මේකෙ ඩබ් කරපු පරණ ෆිල්ම් එක ගියා..ඉතින් අවුරුදු 22 ට විතර පස්සෙ නිර්මාණය උන මේ අති සුපිරි ගනයෙ සිනමාව ගැන වැඩිදුර අපි කතා කරමු.. ඒවගේම මේ උපසිරැසිය මගේ උපසිරැසි වලින් හදන්න වැඩිම මහන්සියක් වෙන්න උන ඒවයින් එකක් වෙනවා..
වැඩි කතා ඕනනෑ.
කතාව ගැන පොඩි ඉඟියක්…
(පොත් ටික කියවපු අය දන්නවා)
හිතන්න ඔයා ආදරේ කරන කෙනාව බඳින්න යන මොහොතෙම ඔයා කිසිම හේතුවක් නැතුව බොරුවට අතඩංගුවට අරගෙන හිරේ දානවා අවුරුදු ගානකට..හිරේදී මිනිහෙක් ඔයාට කියනවා යුරෝපෙ ලොකුම නිදානෙ ගැන.ඔයාට හිරෙන් පැනලා යන්න ලැබුනොත්, ඔයාට ඒ නිධාන ගන්න ලැබුනොත්
හැබැයි ගෙදර යද්දි ඔයාගෙ රටේ හැමෝම ඔයා මැරිලා කියලා හිතන් ඉන්නවනම්..
ඔයා ආදරේ කරපු කෙනා ඔයාව හිරේදාපු එකා එක්ක කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවනම්.. ඔයාට කෙළෙව්වෙ ඒකා විතරක් නෙවෙයි කියල දැනගන්න ලැබුනොත් ඔයා මොනවගේ ගේමක් දෙයිද?…. ඒක දැනගන්න ඕනෙනම් බලන්න 2024 නිකුත් වුන දෙවෙනියට වැඩිම ප්‍රංශ බොක්ස් ඔෆිස් ආදයම් වාර්තාව තියෙන ආදරය,විරහව,පළිගැනීම,යුක්තිය, කැටි වුන මේ සුපිරිගනයේ සිනමාව..ඉතින් මිස් කරගන්න එපා පුරා පැය තුනක්කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරියක්.












