CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Covenant (2023) | දිවි පරදුවට තබා රැකි ප්‍රතිඥාව

මේ සලරුව අධ්‍යක්ෂනය කලේ ගයි රිචී මහත්මයා බව දන්නවනේ. රංගනයෙන් අපිට සුපුරුදු මුහුණු කීපයක්ම දැකගන්න හැකි වෙනවා. ප්‍රධාන චරිතය වෙන සාජන් ජෝන් කින්ලි ලෙස සුපිරි නළු Jake Gyllenhaal එක වෙනවා. Daar Salim අහ්මඩ් ලෙසත්, වයිකිං කතාමාලාවේ බියෝන් අයන්සයිඩ් ලෙස රසික ජනාදරය දිනාගත් Alexander Ludwig සාජන් ඩෙක්ලන් ලෙසත්, The Boys කතාමාලාවේ හෝම්ලෑන්ඩර් ලෙස සුපිරි රංගනයක් ඉදිරිපත් කරන Antony Starr එඩී පාකර් ලෙසත්, Elementry කතාමාලාවේ ෂර්ලොක් හෙවත් Jonny Lee Miller කර්නල් වෝක්ස් ලෙසත් රංගනයෙන් දායකත්වය දෙනවා.

ජෝන් කින්ලි කියන්නේ තලෙයිබාන්වරුන්ට එරෙහිව යුධ සමයේදී ඇමරිකාව වෙනුවෙන් ඇෆ්ගනිස්තානයේ සේවය කල සාජන් වරයෙක්. ඇෆ්ගනිස්තානු බිමේ යුධ වැදීමේ පහසුව ජෝන් අහ්මඩ් කියලා ඇෆ්ගන් ජාතිකයෙක්ව ඇමරිකානු හමුදාවට බඳවා ගන්නවා. එහෙම බඳව ගන්නේ ඔහු සහ ඔහුගේ පවුලට ඇමරිකානු වීසා ලබාදෙන පොරොන්දුව මතයි. ඉතිං දවසක් තලෙයිබාන් ප්‍රහාරයක් හමුවේ ජෝන් කින්ලි සහ අහ්මඩ් දෙන්නා ඇෆ්ගනිස්තානු බිමේ අතරමං වෙනවා. ඒ අස්සේ කින්ලිට වෙඩි වැදිලා තවත් අසාධ්‍ය තත්වයට පත් වෙනවා. කොහොමින් හරි අහ්මඩ් දන්න සෙල්ලම් ඔක්කොම දාලා කින්ලිගෙ පණ බේරලා ඇමරිකාවට එව්වත් අහ්මඩ්ට ඇෆ්ගනිස්ථානයෙන් පිටවෙන්න බැරි වෙනවා.

රෝහලදි සිහිය එන කින්ලි මුලින්ම හොයලා බලන්නේ අහ්මඩ්ට උන දේ ගැන. ඒ වගේම තමන් අහ්මඩ්ට උන පොරොන්දුව ඉටු කරන්න බැරි උන එකට කින්ලි දැඩි කලකිරීමකින් ඉන්නේ. ඉතිං සාජන් ජෝන් කින්ලි තමන්ගේ පොරොන්දුව ඉටු කරන්න මොකක් ක්‍රයිද ? ඒකට උත්තර මේ ෆිලුම බැලුවම ඔයාලට දැනගන්න ලැබෙයි.

Comments

May 10, 2023

Site eken ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ.

    Cinesubz May 11, 2023

    button 3 ma try karanm , nathnm paya deka thunakin try karanna

May 10, 2023

මාව ඔයාලගේ වෙබ් සයිට් එකට සම්බන්ද කරගන්න පුලුවන්ද මට pc වැඩ ඔනදෙයක් පුලුවන්