CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1931 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Fabelmans (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 11, 2022United States151 Min.
Your rating: 0
8 1 vote
The Fabelmans (2022) | ෆේබල්මන් වරු

ලොව විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා කවුද? විවිධ උත්තර තියෙන්න පුළුවන්. ඒත් ඉන් එක්කෙනෙක් Steven Spielberg කියන්නෙ. එයා ඇමරිකාවෙ උපන් යුදෙව්වෙක්. මේ අඩවියට එන ඕනැම කෙනෙක් ස්පීල්බර්ග් ගැන හා ඔහුගෙ සිනමා පට ගැන අසා නොතිබුනොත් ඒක පුදුමයක්. අඩුම ගානෙ Jurassic park වත්?

ඉතා කුඩා කාලෙ “The great show on in earth” නරඹපු කුඩා ස්පීල්බර්ග් ඒ තුලින් ඇති කර ගත් ඇල්ම ඉදිරියට ගෙන ගිහින් අවුරුදු පහළවේදි එයාගෙ ප්‍රථම කෙටි චිත්‍රපටිය 8mm කැමරා රෝලක් මත නිපදවනවා Escape to no ware”. අවුරුදු 17 දී ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය Firelight 1963 නිපදවන්නේ ඩොලර් 500 ක බජට් එකකට.අනුග්‍රහය තාත්තා. ගමේ හෝල් එකක අසල්වාසීන් 500කට එකම පාරක් ප්‍රදර්ශනය කරන මේ චිත්‍රපටියෙ ටිකට් එකක් ඩොලර් එක ගානෙ විකුණන්නෙ. ඒත් කවුරුහරි ඩොලර් දෙකක් දුන්න නිසා ඩොලර් 501 ක ආදායමක් ලබනවා.ඒ අනුව ඩොලර් එකක ශුද්ධ ලාභයක් සමග දිවිය අරඹන ඔහු අවුරුදු 19 වනවිට යුනිවර්සල් ස්ටුඩියෝ හා සම්බන්ධ වන වනවා.

පසුව එදා මෙදාතුර ඔහු විසින් නිපදවූ සම්මානලාභී චිත්‍රපට ගණන අපමණයි.ඩොලර් මිලියන 470ක බොක්ස් ඔෆිස් වාර්තා තැබූ Jaws1975 මගින් ලොවම ඔහු හඳුනා ගන්නා විට ඔහුගේ වයස 29යි. Close encounters with a third kind 1979.ET1982,Indiana Jones Raiders of the Lost Arc’1981 ශ්‍රී ලංකාවේ රූ ගතකරන ලද Indiana Jones the temple of the doom 1984 වැනි චිත්‍ර පට විශාල ආදායම් වාර්ථා සම්මාන පිට සම්මාන ලබමින් ප්‍රදර්ශනය වූ අතර ඔහු ලෝක සිනමාව කණපිට හරවන්නේ 1993 වසරේ.ඒ ලෝක ප්‍රසිද්ධ Jurassic park 1993 චිත්‍ර පටයෙන්. ඒ වසරෙම අදටත් ලෝක සිනමාවේ විශිෂ්ඨතම සිනමා පට කිහිපයෙන් එකක් වන Schindler’s list 1993 චිත්‍රපටිය එළියට එනවා. මෙය IMDB 9.0 ක වාර්ථා ගත අගයක් ලබා ගන්නවා.

Saving Private Ryon 1998 , Catch me if you can 2002 ,TheTerminal 2004, Munich 2005, War of the Worlds2005 Lincoln 2015 ඔහුගේ තවත් නිර්මාණ කිහිපයක්. නොකියවුන තවත් විශාල සිනමා පට, TV series විශාල ගණනකුත් ඔහුගෙන් නිර්මානය වෙනවා.ඊට අමතරව ඔහු තිර2023 රචකයෙකු හා නිෂ්පාදකවරයෙකු ලෙසද (Amblin) කටයුතු කරනවා.වෙනත් අධ්‍යක්ෂක වරු මෙන් එකම සිනමා රීතියකට කොටු නොවූ ස්ටීවන් විවිධ ඉසව් ඔස්සේ තම සිනමාව මෙහෙයවනවා. ගැඹුරු මුහුදේ සිට පිටසක්වල දක්වාත්, යුධ බිමේ සිට දරුවන්ගේ සෙල්ලම් පිටිය දක්වාත්, කොමඩි,ඇනිමේෂන් ඇතුළු සියළු ක්ෂේත්‍ර තුලින් ගමන් කල ඔහුගේ සිනමාව ඔහුගේම බාල කාලයට ගෙනැවිත් තියෙනවා.ස්ටීවන් ගැන මෙතරම් දේ කිව්වෙ නිකන් නෙමෙයි.

Tha Fabelmans කතාවට පාදක වෙන්නෙ සිනමා ඇල්ම සමග ගෙවුනු ඔහුගෙ ළමා කාලය.සිය ළමා කාලයේ අත්දැකීම එකතු කරගෙන අර්ධ චරිතාපදානයක් (semi biographical story) ලෙස ඉදිරිපත් කරන මෙම චිත්‍රපටයේ සැමී නමැති දරුවා අනාගතයේ සිනමාකරුවෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා දරන උත්සාහය හා සිය පවුල තුල ඇතිවෙන සංකීර්ණ ගැටළු වලට දරුවෙකු ලෙස ඔහුට හා ඔහුගේ සහෝදරියන් මුහුණ දෙන ආකාරයත්, යුදෙව් සුළු ජාතිකයින් ලෙස මහ ජාතික අමරිකානුවන් අතර සමාජයේදී ගණුදෙනු කැරෙන ආකාරයත් ඉතා සංවේදීව ඉස්මතු කරන මෙම චිත්‍ර පටිය IMDB 6.5 ක අගයක් ගත් චිත්‍ර පටයක්.

Golden Globe 2023 හොඳම චිත්‍රපටිය, අධ්‍යක්ෂක ලෙස සම්මන ලබා ගත් මෙය ඔස්කාර් උළෙලේ සම්මාන හතකටම නිර්දේශ වෙනවා.Gabriel LaBelle, Michelle Williams, Paul Dano, Seth Rogan, Judd Hirsch මෙහි රඟ පෑමෙන් දායක උනා.ස්මාට් පෝන් තියෙන මේ යුගයේ අවශ්‍ය නම් අවුරුදු හතරෙ පහේ ළදරුවෙකුට උවත් චිත්‍රපටයක් කරන එක ලොකු දෙයක් නෙමෙයි.ඩිජිටල් යුගයේ තාක්ෂණික දියුණුව මෙම සිනමා කර්මාන්තය ඉතා බොහෝ දුර ගෙනිහින් තිබෙනවා.මම මේ උපසිරැසි කොටන්නේත් ඔබ ඒවා නරඹන්නේත් ඒ පිහිටෙන්. ඒත් වසර හැටකටත් එහා පුංචි සැමී හෙවත් ස්ටීවන් කුඩා කැමරා අටවාගෙන ෆිල්ම් රෝල් එක්ක පටන් ගත් යුද්ධය මේ සිනමාව අද තිබෙන තැනට ගෙන එන්නට දී ඇති දායකත්වය සුවිශාලයි. The Fabelmans.සිනමාවට එන්න දඟලන ඕනෑම කෙනෙකුට හොඳ inspiration එකක වෙනව සත්තයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.5 /10 105,448 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Gabriel LaBelle isSammy Fabelman
Sammy Fabelman
Michelle Williams isMitzi Fabelman
Mitzi Fabelman
Paul Dano isBurt Fabelman
Burt Fabelman
Seth Rogen isBenny Loewy
Benny Loewy
Judd Hirsch isUncle Boris Podgorny
Uncle Boris Podgorny
David Lynch isJohn Ford
John Ford
Jeannie Berlin isHadassah Fabelman
Hadassah Fabelman
Julia Butters isReggie Fabelman
Reggie Fabelman
Keeley Karsten isNatalie Fabelman
Natalie Fabelman
Sam Rechner isLogan Hall
Logan Hall

Similar titles

Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Harder They Fall (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jailbreak Pact (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zombie Town (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birds of Prey (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dishoom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Matrix Resurrections (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shuddh Desi Romance (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Weekend Away (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published