
(The Good, the Bad and the Ugly (1966) Sinhala Sub , The Good, the Bad and the Ugly (1966) Sinhala Subtitle , The Good, the Bad and the Ugly (1966) Sinhala Subtitles)
මම අද ගෙනාවේ ටිකක් පරණ වුනත් මා බලා තිබෙන හොඳම මූවී එකයි. ඒ වාගේම මෙය මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපටි 500 යේ 25 වැනි ස්ථානයත්, මෙතෙක් බිහි වූ හොඳම ‘western classic’ චිත්‍රපටිය ලෙසත්, මෙතෙක් බිහි වූ චිත්‍රපටි වලින් හොඳම අධ්‍යක්ශණය සහිත චිත්‍රපටිය ලෙසත් විචාරකයන් සහ නොයෙකුත් අන්තර්ජාල වෙබ් අඩවි වල හඳුන්වා දී තිබෙනවා. ඒ වාගෙම IMBD වල 9ක් වැනි ඉතා ඉහළ රේට්න්ග්ස් ලබා තිබෙන මෙය වර්ථමානයේ IMBD වල හොදම රේට්න්ග්ස් ලබා තිබෙන චිත්‍රපට අතර පස් වෙනි ස්ථානය ලබා තිබෙනවා. ඒ වාගෙම මෙහි පසුබිම් සංගීතය ඔබ ජීවිතයේ එක පාරක් හෝ අසා ඇතිවාට මගේ සැකයක් නැහැ. එය’All time hit’ එකක් ලෙසත් හදුන්වා දී තිබෙනවා. එකකට එකක් සම්බන්ද නොමැති වූවත් ‘Sergio Leone‘ අධ්‍යක්ශණය කල ‘Doller‘ කථා ත්‍රිත්වයේ එක කථාවක් ලෙසත් මෙය හඳුන්වා දිය හැක.
ඒ වාගෙම මෙහි රඟපාන්නේත් එදා බටහිර සිනමාව කැලඹූ Client Eastwood, Lee Van Cleef, Eli Wallach වැනි සුපිරි නලුවෝ ටිකක්. මගේ ආසම නලුවා වන ‘Client Eastwood‘ නම් තවමත් රංගනයෙන් මෙන්ම අධ්‍යක්ශණයෙනුත් බටහිර සිනමාව තවමත් සියතට අරගෙනයි ඉන්නේ. ඒ වාගෙම බටහිර සිනමාවේ ‘කව් බෝයි’ සංස්කෘතිය ජනප්‍රිය කරවූ ‘Sergio Leone‘ අධ්‍යක්ශණයෙන් මෙහි දායක වි තිබෙනවා.
මේකේ කථාව ගැන කියනවානම් ‘Mr.no name’ [Client Eastwood ගේ චරිතයට මෙහි චිත්‍රපටිය පුරාම නමක් සඳහන් නොවෙයි] ඒන්ජල් අයි සහ ටූකෝ යන තිදෙනා සහ නැතිවූ රත්ත්‍රන් තොගයක් වටා මෙහි කතාව ගොතා තිබෙනවා. එම රත්ත්‍රන් තොගය අන්තිමේදී හම්බවුනේ කාටද කියා අන්තිමේදී ඔබට බලා ගත හැකයි
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 899.13 MB | English | |
BluRay HD 720p | 1.5 GB | English | |
BluRay FHD 1080p | 2.6 GB | English |